සංචාරක බටහිර ඉන්දිය කොදෙව් පිල සහ ඉන්දිය පිල අතර කොල්කටා’හි පැවැති දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 15 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඉන්දිය ක‍්‍රීඩකයෝ ඊයේ (17) සමත්වුහ. ඒ අනුව දෙරට අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් තරගයක් ඉතිරිව තිබියදීම, තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් වී තිබේ.
ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 478 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් පිලේ දෙවැනි ඉනිම ලකුණු 463 කට සීමා විය. කොදෙව් පිලේ පළමු කඩුලූ 4 ලකුණු 269 කට දැවී යද්දී, ඩැරන් බ‍්‍රාවෝ (136) සහ මාලන් සැමුවල් (84) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 132 ක සම්බන්‍ධතාවක් ගොඩ න`ගමින් සිය පිල ලකුණු 400 සීමාවට ගෙන ඒමට සමත්වුහ.
ඩැරන් බ‍්‍රාවෝ පන්දු 181 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර හතරක් සමග සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ දෙවැනි ශතකය වාර්තා කළේය.
තරගයේ වීරයා ලෙස වී. වී. එස්. ලක්‍ෂමන් සම්මාන ලැබීය.
ඉන්දිය පිල පළමු ඉනිම කඩුලූ 7 ක් දැවී 631 (ගෞතම් ගම්බීර් 65, විරෙන්ද්‍ර සෙවැග් 38, රාහුල් ද්‍රවිඞ් 119, සචින් තෙන්ඩුල්කාර් 38, වී. වී. එස්. ලක්‍ෂමන් නොදැවී 176, යුවරාජ් සිං 25, මහේන්ද්‍ර සිං දෝනි 144, ඩැරන් සමී 132/2, කැමර් රොච් 106/2)
කොදෙව් පිල පළමු ඉනිම 153 (ඩැරන් බ‍්‍රාවෝ 30, මාලන් සැමුවල් 25, ප‍්‍රාග්යන් ඕජා 64/4, උමේෂ් යාදෙව් 23/3, රවිචන්ද්‍රන් අස්වින් 49/2) සහ දෙවැනි ඉනිම 463 (ආද්‍රියන් බරාත් 62, ක‍්‍රික් එඞ්වඞ් 60, ඩැරන් බ‍්‍රාවෝ 136, ශිවනරීන් චන්ද්‍රපෝල් 47, මාලන් සැමුවල් 84, ඩැරන් සමී 32, උමේෂ් යාදෙව් 80/4, ඉෂාන්ත් ෂර්මා 95/2, ප‍්‍රාග්යන් ඕජා 104/2, රවිචන්ද්‍රන් අස්වින් 137/2)
මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මෙරට ජනතාව රවටන්න දැරූ උත්සාහයක් පරාජය කිරීමට හැකිවූ බවත් ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ’ මහ මොළකරුවන් අප්‍රේල් 21 වැනිදාට
අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි
මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.
සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉන්දියාව දෙවැනි ටෙස්ට් තරගයත් ජයගනී