IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ඉන්දියාව පරදින බවට ඉන්දියාවෙන්ම අනාවැකියක්

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාවට හිමි නොවන බව ඉන්දීය දෛවඥයකු පවසා ඇතැයි ඉන්දීය පුවත් වාර්තා පවසයි.

අනාවැකියක් පවසමින් ග්‍රීන්ස්ටෝන් ලෝබෝ නමැති දෛවඥයා පවසා ඇත්තේ මෙවර ලෝක කුසලානයට සත්කාරත්වය සපයන ඉන්දියාවට ලෝක කුසලානය දිනාගැනීමට තරම් අවස්ථාවක් නැති බවයි.

ඔහුගේ අනාවැකිය විශ්ලේෂණය කරමින් ඔහු පවසන්නේ තමා පර්යේෂණ සහ විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ මෙම නිගමනයට පැමිණි බවයි. එමෙන්ම පාකිස්තාන කණ්ඩායමට යම් හෙයකින් තරගාවලියේ අවසන් මහා තරගයට පැමිණීමට හැකියාව ලැබුණහොත් ඔවුන් මෙවර ලෝක කුසලානය ජයගැනීම ස්ථිර බවද ඔහු කියයි.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍රසිං දෝනිට ඇතැම් කුඩා තරග ඉසව්වලදී ජයග්‍රහණ ලබාගැනීමේ වාසනාව ඇතත් ප්‍රධාන තරගාවලි ජයගැනීමේ හැකියාව නැති බවද ලෝබෝ සඳහන් කර ඇත. එමෙන්ම පකිස්තානය හා ඉන්දියාව අවසන් මහා තරගයට පැමිණියහොත් සහීඩ් අෆ්රිඩිගේ නායකත්වයෙන් යුත් පකිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය ලැබීමේ ඉහළ හැකියාවක් පවතින බවද ඔහු විස්තර කර දක්වා ඇත.

මෙම දෛවඥයා විසින් ‘ඔබේ සත්‍ය ලග්නය කුමක්ද?‘ නමින් ජනප්‍රිය කෘතියක්ද ලියා ඇතැයි ඉන්දීය පුවත් සේවා කියයි. එහි ඔහු පෙන්වා දී තිබුණේ මාර්තු 19 වැනිදා ඉන්දියාව හා පාකිස්තානය අතර කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාපිටියේ පැවැත්වෙන තරගයේ දී දැඩි තරගකාරී බවක් ඇතිවිය හැකි බවයි.

dhoni-afridi-smilee



අදහස් (0)

ඉන්දියාව පරදින බවට ඉන්දියාවෙන්ම අනාවැකියක්

සෑම් Monday, 14 March 2016 08:42 AM

මටත් මගේ ජ්‍යෝතිෂ්‍ය දැනුමෙන් 100% නිවැරදිව කියන්න පුළුවන් ෆයිනල් එකට ඉදිරිපත්වන කණ්ඩායම් දෙකෙන් එකක් කුසලානය දිනන බව .(බ)

:       0       0

තිළිණ Monday, 14 March 2016 03:37 PM

මේ දෛවඥයගෙ ගේ තාම තියෙනවද දන්නෑ? (බ)

:       0       0

සුනිල් Tuesday, 15 March 2016 09:25 AM

මගෙන් ඇහුවොත් මම කියනවා කවුද හොඳම දෛවඥයා පිටබැද්දර ජයා (බ)

:       0       0

අමල් Monday, 14 March 2016 10:20 AM

අනාවැකි ගැනනම් කියලා වැඩක් නැහැ. (ර)

:       0       0

ෂෙහාන් Monday, 14 March 2016 05:58 AM

අනේ කරුණාකරලා කියන්නකෝ දිනන්නේ ඉන්දියාවමයි කියලා. නැත්නම් මොවුන් දිනයි ෂුවර් එකටම. අපේ කවුරුහරිත් කියන්නකෝ ඉන්දියාවමයි දිනන්නේ, නැත්නම් වෙඩි තියාගන්නවා කියලා (නි)

:       0       0

දීනේෂ් Monday, 14 March 2016 11:42 AM

අපි සුමනදාසගෙන් අහල බලමු කිරි ගහට අැන්න වගේ කියාවි (බ)

:       0       0

නොයෙල් Monday, 14 March 2016 07:33 PM

අපේ කුසල් අපිට හිටියා නම් අපි දිනනවා ෂුවර් (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Monday, 14 March 2016 08:09 PM

ගාල්ලේ සුමනදාස දෛවඥතුමා ඉන්දියාවට අහුවෙලා වගෙයි. එහේවත් ඉඳගෙන එයාගේ හොද්ද බොරකර ගන්න පුළුවන් නම් අපිට මොකද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 14 March 2016 09:11 PM

අපේ මහින්ද මහත්තයාගෙන් ඇහුවා නම් කියාවි කවුද හොඳම දෛවඥයා කියලා (නි)

:       0       0

බෙන්තර මහේෂ් Tuesday, 15 March 2016 11:12 AM

ක්‍රීඩාවන් පිළිබඳ අනාවැකි කිව හැක්කේ ඒ පිළිබඳ හසල දැනුමක් ඇත්තෙකුට මිස වෙන කාටවත් නොවෙයි. එහෙම වුනත් ක්‍රීඩාව සම්බන්ධ අනාවැකි එතරම් සාර්ථක නැත. (ර)

:       0       0

සිල්වා Monday, 14 March 2016 07:52 AM

බුකි කාරයට තොන්ඩුව දාල තියෙන්නේ ඊට පස්සේ ඉන්දියාවට ඔක්කොම සල්ලි. (බ)

:       0       0

මලිති Wednesday, 16 March 2016 09:48 PM

මම කැමතිම සෑම්ගේ කියමනට. ඒක හරි (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 15 March 2016 01:56 AM

ක්‍රීඩකයන්ගේ දක්ෂතාවය අනුව තමයි ඕනෑම ක්‍රීඩාවක් දිනන්න පුළුවන් වන්නේ. නැතුව ඔය අනාවැකි කියලා නොවෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 414 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 446 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 730 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 563 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 396 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 733 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site