ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 19 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව ගෙන ඒමට සැරැසෙන යෝජනාවට ඉන්දියාවේ සහාය හිමිවීමට ඉඩ ඇතැයි ඉන්දීය අගමැති මන්මෝහන් සිං පවසයි. ”ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් ඇමෙරිකාව ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවලිය පිළිබඳ අවසන් නිගමනයකට එළැඹීමට පෙර අප ඒ යෝජනාවලිය හොඳින් අධ්‍යනය කළ යුතුයි. එම යෝජනාවලිය තවමත් අප අතට පත්වී නැහැ. ශ්‍රී ලංකා දෙමළ ජනතාවට අසාධාරණයක් සිදුවන්න දෙන්න බැහැ. ඔවුන්ගේ ගෞරවය අප ආරක්ෂා කළ යුතුයි. එනිසා ඇමෙරිකාවේ යෝජනාවලිය අප සහයෝගය දීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා” යැයි අගමැති සිං මැතිසබය අමතමින් කියා සිටියේය. ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කෙරෙන යෝජනාව පිළිබඳව ඉන්දියාවේ ස්ථාවරය තීරණය කිරීමේදී, අසල්වැසි ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා මෙන්ම, තමිල්නාඩුවේ මතය ද සැලකිල්ලට ගැනීමට සිදුවන්නේ යැයි ඉන්දියා විදේශ අමාත්‍ය එස් එම් කි‍්‍රෂ්ණා පවසා ඇත. අමාත්‍යවරයා එසේ පැවැසුවේ ඇමෙරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට සූදානම් වන යෝජනාවලියේදී, ශ්‍රී ලංකාව බේරා ගැනීමට ඉදිරිපත් නොවන්නැයි තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා, ඉන්දීය අගමැති මන්මෝහන් සිංගෙන් කළ ඉල්ලීමකට ප‍්‍රතිචාර දක්වමිනි.
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
’’මේ දේශපාලනය කළා කියලා අපිට ලැබෙන ඇටි කෙහෙලක් නැහැ’’ යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.
පළාත් පාලන මැතිවරණය කෙරෙහි ජනතාවගේ උනන්දුව මද නමුත් ලබන 6 වැනිදා උදෙන්ම ඡන්දය පොළට ගොස් ඡන්දය පාවිච්චි කර සිය ඡන්ද අයිතිය අපතේ නොදමන්නැයි මැතිවරණ නිර
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉන්දියාව ලංකාවට පිටුපායි?
dore appa Monday, 19 March 2012 05:14 PM
වැඩේ කැතැයි...
දිෂාන් රාජපක්ෂ Monday, 19 March 2012 05:23 PM
ඉංදියාව අපේ ලොකු අයියයා කියපු අය දැන් මොකද කරන්නේ?
ප්‍රියදර්ශනී Monday, 19 March 2012 06:09 PM
ඉන්දියාවෙ සහායෝගය ලංකාවට ලැබේවා කියා මං ප්‍රාර්ථනා කරනවා...
නියම සිංහලයා Monday, 19 March 2012 06:45 PM
කොහොමත් ඉන්දියාව ඔයවගේ කියල දන්නේ නැද්ද.
නාරද Monday, 19 March 2012 07:57 PM
ඉන්දියාව සහයෝගය නොදෙන්නෙනම් සියලුම ඉන්දිය සම්බන්ධකම් අත්හල යුතුය.