IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවේ විජේ එක්ක මම දැන් එහෙ රඟපානවා

2016-10-08-ent-91

නිවේදනයට රංගනයට දස්කම්පාන දඟකාර කටකාර හැඩකාර රැවැත්තියක් තමයි සුභාෂිණී බාලසුබ්‍රමනියම් කියන්නේ. ඇය සතු දක්ෂතා විවිධයි. උපතින් දමිළ යුවතියක් වුණාට හරි අපූරැවට ඇය සිංහලෙන් නිවේදන කටයුතුත් සිදු කළා, පසුගියදා නිමාව දුටු රණවිරැ රියල් ස්ටාර් වේදිකාවේදී. ඒ වගේම ඉනිඅවන් චිත්‍රපටයේ රඟපෑ සුභාෂිණී දැන් ඉන්දියාවේ සිනමාවටත් පා තබලා. ඒ විජේ රඟපාන භයිරවා කියන චිත්‍රපටයේ රඟපාමින්. මේ සියලු තොරතුරැ හදසර සමඟ ඇය බෙදාගත්තේ මෙලෙසින්.

 

මේ දවස්වල මොකද කරන්නේ?

2016-10-08-ent-90ඉන්දියාවේ විජේ රඟපාන චිත්‍රපටයකට මම මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ නිසා වැඩිපුරම මේ ටිකේ කාලය ගත වෙන්නේ ඉන්දියාවේ. යාළුවෝ හතර පස් දෙනෙක් ඉන්න විශ්වවිද්‍යාලය හා සම්බන්ධ කතාවක් තියෙන චිත්‍රපටයක්. හයිද්‍රාබාද්, අන්ද්‍රා, චෙන්නායිවල රූගත කිරීම් සිදුවෙන්නේ.

 

කොහොමද ඔබට ඉන්දියාවේ සිනමාවට ආරාධනා ලැබුණේ?

මට මුලින්ම අවස්ථාව ලැබුණේ ඉන්දියාවේ රෑපවාහිනී නාලිකාවක වැඩසටහනක් කරන්න. මම ඒකේ ගිවිසුම්වලට අත්සන් කරලා පූර්ව ප්‍රචාරණවලටත් සහභාගී වුණා. නමුත් පස්සේ ගිවිසුම්වලට අනුව වැඩ සිද්ධ නොවන බව තේරැණා. ඒ නිසා ගියේ නැහැ. නමුත් ඒ හරහා ඇතිවුණ දැන හැඳුනුම්කම් මත තමා මට මේ අවස්ථාව ලැබුණේ.

 

ඔබේ කලාවේ ආරම්භය කොතැනද?

මම පාසලේ විවාද කණ්ඩායමේ හිටියා. එහිදී විවිධ තරගවලට මම සහභාගි වුණා. පාසලේ විවාද තරගයකට ගියා අපි ශක්ති TV එකේ. එතැනදී අපිට අවසානය දක්වාම එන්න පුළුවන් වුණා. ඊට පස්සේ මට ශක්ති TV එකේ නිෂ්පාදකවරයෙක් කතා කළා, ළමා වැඩසටහනකට. හැබැයි මට ඒ සඳහා පාසලෙන් අවසර ලැබුණේ නැහැ. ඊට පස්සේ උසස් පෙළ කළාට පස්සේ තමා මම ජාතික රෑපවාහිනියේ EYE නාලිකාවේ මුලින්ම නිවේදන කටයුතු කළේ. අවුරැදු දෙකක් විතර නිවේදන කටයුතු කරගෙන ඉන්න අතර තමා මට අශෝක හඳගම මහතාගේ ඉනිඅවන් චිත්‍රපටයට කතා කළේ.

 

පොඩි කාලේ ඉඳන් තිබ්බද නිවේදනයට එන්න ඕනේ කියන අදහස?

අනිවාර්යයෙන්ම. පොඩි කාලේ ඉඳන්ම මම හරිම කැමැතියි නිවේදනයට. අපේ අම්මා මට කියනවා මම හරියට වචන කියවගන්නත් බැරි කාලේ පුටුවක් ඉල්ලගෙන වාඩිවෙලා ප්‍රවෘත්ති කීවා. ඉතින් මම ආසාවෙන් ආපු ක්ෂේත්‍රය තමා නිවේදනය. රංගනය කියන්නේ ඊට පස්සේ මම යොමුවුණු ක්ෂේත්‍රය.

 

කවදහරි මේ ක්ෂේත්‍ර දෙකෙන් එකක් තෝරාගන්න වුණොත් ඔබ තෝරාගන්නේ කුමක්ද?

අනිවාර්යයෙන්ම නිවේදනය. මම නිවේදනය නම් අත්හරින්නේ නැහැ. හිතන්න මට එකවර නිවේදන වැඩසටහනකට සහ චිත්‍රපටයකට කතා කළොත් මම තෝරගන්නේ නිවේදන වැඩසටහන. ඒ තරමට මම නිවේදනයට ආසයි.

 

රණවිරැ රියල් ස්ටාර් වේදිකාවේ ඔබ සිංහලෙන් නිවේදන කටයුතු කළේ?

ඔව්. මම දැන් අවුරැදු 10ක් විතර තිස්සේ නිවේදන කටයුතු කරනවා. මුලින්ම මම සිංහලෙන් නිවේදන කටුයුතු කළේ කැලුම් පාලිත අයියා අධ්‍යක්ෂණය කළ වැඩසටහනකදී ජාතික රෑපවාහිනියේ අමිල අයියා එක්ක. ඒත් මට මුල්ම වතාවට සිංහලෙන්ම නිවේදන කටයුතු කරන්න ලැබුණේ රණවිරැ රියල් ස්ටාර් වේදිකාවේ.

 

ඔබට කොහොමද ඒ ආරාධනාව ලැබුණේ?

ඔව්. අනිවාර්යයෙන්ම ඒ ගැන කියන්න ඕනේ. මට මේ සඳහා කතා කළේ කමල් අද්දරආරච්චි අයියා. මට තාම මතකයි මම යාල් දේවී නාට්‍යයේ රෑපගත කිරීමක ඉන්න කොට මට දුරකථන ඇමතුම ආවේ. මට හිතාගන්නත් බැරි වුණා, එක පාරටම සිංහලෙන් නිවේදන කටයුතු කරන්න කතා කළාම. ඒ වගේම මේ ඇත්තටම කමල් අයියද කියලා. ඒ නිසා මම දුරකථන ඇමතුම විසන්ධි කරලා VIBER වලින් බැලුවා ඒ අංකය කමල් අයියගේමද කියලා. ඊට පස්සේ තමා මම කතා කළේ. ඒ වගේම මතක් කරන්නම ඕනේ මට සිංහලෙන් නිවේදන කටයුතු කරන්න පුළුවන් කියලා කමල් අයියට කියලා තිබ්බේ ශක්ති එකේ සුපර් ස්ටාර් කරන ෂියා අයියා. ඉතින් එයාවත් මතක් කරන්නම ඕනේ.

 

ඒ සිද්ධියට කමල්ගෙන් ලැබුණු ප්‍රතිචාරය කොහොමද?

මට ගොඩක් උපදෙස් දුන්නා. එහෙම සැකයක් ඇතිවුණත් ආයේ එහෙම කරන්න එපා මොකද, ඒ හරහා ඔයාට ලැබෙන්න තියෙන අවස්ථා වුණත් නැති වෙන්න පුළුවන් කියලා. මට අදටත් ඒ දේ අමතක වෙන්නේ නැහැ.

 

ඔබට අභියෝගයක් වුණේ නැද්ද?

මට ලොකු අභියෝගයක්. මම මුලදී අදිමදිත් කළා. සම්පූර්ණයෙන්ම සිංහලෙන් නිවේදන කටයුතු කරන්න තියෙන නිසා. හැබැයි මට ඒ දේ කරන්න පුළුවන් කියන විශ්වාසය කමල් අයියට තිබ්බා. මට කමල් අයියා කිව්වේ මම ඒ දේ බලාගන්නම්. මට පුළුවන්. ඔයා බය නැතුව එන්න කියලා. ඒ කිව්වා වගේම මාව හොඳට මෙහෙයවලා මගෙන් ඒ වැඩසටහනට ඕනේ දේ ඒ අය ගත්තා කිව්වොත් හරි.

 

අද මොකද හිතෙන්නේ?

ගොඩාක් ගොඩාක් සතුටුයි. මගෙත් එක්ක හිටියේ බිමල් ජයකොඩි අයියා. මට වචන නැහැ, ඔහුගෙන් ලැබුණු සහයෝගය කියන්න. ඒ තරමටම මට ලොකු සහයක් ලැබුණා. මුළු නිෂ්පාදන කණ්ඩායමම මතක් කරනවා මම මේ වෙලාවේ. මට දැනුණේ මට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණු අවස්ථාවක් කියලා.

 

රෑන හරහා ඔබ පුංචි තිරයටත් ආවා. ඒ ගැන මතක් කළොත්?

ඔව්. මගේ පළමු නාට්‍ය රෑන. ඊට පස්සේ දස්කොන්, පාරා. ඒ වගේම යාල් දේවී කියන නාට්‍යවලට දායක වුණා. මම මිනිස්සු අතරට ගියේ රූන නාට්‍ය හරහා. නමුත් මම කැමතිම නාට්‍ය පාරා කියන නාට්‍යය. ඊට පස්සේ මම දායක වුණා පුනර්ජායි කියන නාට්‍යයට. ඒක මේ දවස්වල විකාශය වෙනවා.

 

චරිත බාරගන්නේ කොහොමද? කරන්න අසාවෙන් ඉන්න චරිත තියෙනවද?

සුළු චරිතයක් වුණත් මට ඒ තුළ දෙයක් කරන්න තියෙනවා නම් මම බාරගන්නවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මම කරන චරිතය මගේ පෞද්ගලික ජීවිතයට බලපාන්නේ කොහොමද කියන එක ගැන නම් මම බලනවා. මොකද හැමදේම කළත් අවසානයේ ඉතුරැ වෙන්නේ තමන්ට තමන්ගේ ජීවිතේ සහ ගෙදර අය. ඒ හේතුව නිසා යම් චරිතයක් කළාට පස්සේ ඇතිවන බලපෑම් ගැනත් මම හිතල තමා චරිත බාරගන්නේ. මම මගේ ජීවිතයට පවුලට තමා මුල් තැන දෙන්නේ.

 

කොහොමද ගෙදරින් ලැබෙන සහයෝගය?

මුලින් ඉනිඅවන් කරන්න යනකොට අම්මා නම් කැමති වුණේ නැහැ. ඊට පස්සේ නම් ගෙදරින් ලොකු සහයෝගයක් ලැබුණා. මම දැන් කරන හැම නිර්මාණයක් ගැනම මුලින්ම හොඳ නරක වුණත් අහන්නේ ගෙදරින්. මොකද එයාලා මට ඇත්තම කියනවා. යාළුවෝ නම් සමහරවිට මගේ හිත රිදෙයි කියලා හොඳ කියන්න වුණත් පුළුවන්නේ. ගෙදරින් එහෙම නැහැ. මම දන්නවා එයාලා කියන්නේ ඇත්තම කියලා.

 

සුභාෂිණී පෙම්වතියක් නේද?

ඔව්.

 

ඔහු ගැනත් කියමු?

ඔව්. එයා ප්‍රසන්න ද සිල්වා. කලාවට සම්බන්ධ කෙනෙක් නම් නෙවෙයි. නමුත් කලාව ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක් ලැබෙනවා කියන්නෙත් වාසනාවක් විදියට මම දකින්නේ. මොකද මට මේ ගමනේදී ප්‍රසන්න වගේම එයාගේ ගෙදරිනුත් ලොකු සහයෝගයක් ලැබෙන්නේ.

 

කවද්ද විවාහ වෙන්න හිතන් ඉන්නේ?

ලබන අවුරැද්දේ දී විවාහ වෙන්න ඉන්නේ.

 

අනාගත බලාපොරොත්තු?

මේ 9 වැනිදා මම ආයේ ඉන්දියාවේ යනවා රෑපගත කිරීම්වලට. ඒ වගේම මට තව චිත්‍රපට දෙකකට ආරාධනා කරලා තියෙනවා. එකක් වික්‍රම්ගේ චිත්‍රපටයක. අනිත් එකේ ඉන්නෙත් විජේ. විජේ ඉන්න චිත්‍රපටයක රඟපාන්න ලැබෙනවා කියන්නේ මම හරිම වාසනාවන්තයි. ඒ වගේම දුකෙන් හරි කියන්න ඕනේ ලංකාවේ අපිට නිර්මාණ ලැබෙනවා අඩුයි. අපිට කතා කරන්නේ දමිළ සම්බන්ධයක් තියෙන නිර්මාණවලට විතරයි. ඒක අපිට හරි පාඩුවක්.

 

අනූෂා රණසිංහ I ඡායාරූප - සුමුදු හේවාපතිරණ

 

2016-10-08-ent-89
2016-10-08-ent-88
2016-10-08-ent-87 2016-10-08-ent-86
 



අදහස් (0)

ඉන්දියාවේ විජේ එක්ක මම දැන් එහෙ රඟපානවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 674 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1348 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 296 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1245 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 447 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1141 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39634 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site