IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ඉන්දියාව විස්සයි-20 තරගයත් ජයගනී

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මහනුවර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (07) විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති විස්සයි-20 ක‍්‍රිකට් තරගයෙන් ඉන්දියානු පිල ලකුණු 39 ක ජයක් ලැබීය. ලකුණු 156 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල  ඕවර 18 කදී ලකුණු 116 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. ඉන්දියාව  ඕවර 20 කදී කඩුලූ 3 ට 155 (අජික්යා රහනි 21, විරාට් කෝලි 68, සුරේෂ් රයිනා 34, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 16, ශාමින්ද එරංග 30/2) ශ්‍රී ලංකාව  ඕවර 18 කදී සියලූ දෙනා දැවී 116 (මහේල ජයවර්ධන 26, ළහිරු තිරිමාන්න 20, ඇන්ජලෝ මැතිව්ස් 31, ඉර්ෆාන් පතන් 27/3, අශෝක් ඩින්දා 19/4)



අදහස් (0)

ඉන්දියාව විස්සයි-20 තරගයත් ජයගනී

රන්මල් Wednesday, 08 August 2012 01:56 PM

අපි කොච්චර ප්‍රතිචාර දැම්මත් මේවා මහේලලා, ක්‍රිකට් බලධාරීන් බලන්නේ නැත්නම් ඉතිං වැඩක් නැහැ නේද? (නි)

:       0       0

සිසිර කුමාර Wednesday, 08 August 2012 01:57 PM

ගන්න විකට් ගණනටයි, ළකුණු ගණනටයි දීමනා දීමේ ක්‍රමයක් හැදුවොත් නේද හොද? (නි)

:       0       0

Cooray Nawalage Jude Yohan Tuesday, 07 August 2012 10:19 PM

අපරාදෙ කපුගෙදර හිටියනම් හරි...!!(නු)

:       0       0

තරිදු Tuesday, 07 August 2012 10:19 PM

ඉන්දියාව - හිතුවා මදි දින්න්න.(නු)

:       0       0

මනුක Tuesday, 07 August 2012 10:23 PM

අනේ අපේ ඩිල්ශාන් අඩු තරමේ ලකුනු 10 වත් ගෑහුවනම් හිතට දුකක් නෑ (නු)

:       0       0

සිසිර Tuesday, 07 August 2012 10:26 PM

මේ පරදින විදියටනම් ටික කාලයකට ක්‍රිකට් නවත්තනවානම් හොදයි වගේ..!!(නු)

:       0       0

නාමල් Tuesday, 07 August 2012 10:26 PM

මමනම් හිතන්නෙ මේ අය ගානක් අරං වගෙයි..!!(නු)

:       0       0

පතිරණ Tuesday, 07 August 2012 10:27 PM

මහේල ගියසුමානෙ විතරයි හරියට ගැහුවේ...!!(නු)

:       0       0

තරිදු Tuesday, 07 August 2012 10:29 PM

ඉන්දියාව කියනවා ඇති අපිත් එක්ක මොන ක්‍රිකට්ද කියලා..!!(නු)

:       0       0

මනෝජ් Tuesday, 07 August 2012 11:07 PM

වැඩක් නැහැ කියලා.. අපේ කොල්ලො ටික නම් නියමයි.. එයා හෙට ගැහුවත් දිනන ලකුණු තියෙන්නෙ.. දෙවි පිහිටයි ශ්‍රී ලංකා...!!(නු)

:       0       0

කුරේ Wednesday, 08 August 2012 03:14 PM

මේ ඉන්දියන් අය අපව කනවනේ. (නි)

:       0       0

කැල්වින් Wednesday, 08 August 2012 12:58 AM

ඔන්න මහේලගේ අයි.පී.එල්. වල ප්‍රතිඵල... අවාසනාවකට තාම පාලකයන් නිදි.. එකම දෙයයි ක්‍රීඩකයන්ගෙන් අහන්නෙ තවත් ඉතිං සල්ලිද රටද?(නු)

:       0       0

සුභාශිණී Wednesday, 08 August 2012 02:09 AM

අපි ඉන්දියාවට පරදින හැටි දැක්කම කවදාවත් ලොක් කුසලානයක් තියා කිසිම කුසලානයක් දිනන්න බැරි කණ්ඩායමක් ඉන්නෙ.. මාලිංගලා යලට මහට වැඩ කරන්නෙ වෘතිය සමිතිවල අය වගේනෙ...??(නු)

:       0       0

ගාමිණී යූ.ඒ.ඊ. Wednesday, 08 August 2012 05:55 AM

අනේ මංදා අපිට ඉන්දියාවෙ අයට මූණ දෙන්නත් බැහැ මේ අඩුබාබියේ...(නු)

:       0       0

කේසර සිංහයා Wednesday, 08 August 2012 08:01 AM

සංගක්කාර,කුලසේකර නැති අඩුව තමයි පේන්නේ.....(වි)

:       0       0

සුනිල් Wednesday, 08 August 2012 07:59 AM

ඉන්දියාවේ විකට් තුනයිනේ ගියේ. ඒත් අපේ සේරම ගියා. ඒ කියන්නේ පරාද එයාලා. හූ හූ.... (නි)

:       0       0

සමන් Wednesday, 08 August 2012 08:05 AM

විලි ලැජ්ජාවේ බැහැ නේද? (නි)

:       0       0

සමන් Wednesday, 08 August 2012 08:52 AM

අද දිනන්ට තිබුනා ඩිලාට ලකුනු තිබුනානමි (වි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Wednesday, 08 August 2012 09:22 AM

මට නම් ලැජ්ජාවේ සන්තෝසේ බැහැ දෙයියෝ. (නි)

:       0       0

හරීන් Wednesday, 08 August 2012 09:23 AM

මෙහෙම ගියොත් හැමදාම අපට බලන්න වෙන්නේ පැරදුමම තමයි. (නි)

:       0       0

හරීන් Wednesday, 08 August 2012 09:23 AM

පරදින එක දැන් අපේ රටට සාමාන්‍ය දෙයක් වෙලා. (නි)

:       0       0

මධුර අසන්ත Wednesday, 08 August 2012 09:27 AM

මල්ලී අපි ඉන්දියානුවන් හොදද? අපිත් එක්ක ක්‍රිකට් ගහන්න ඔයාලා හිතුවා මද. අපි බයේ හිටියෙ අද තරගයටත් කපුගෙදර එයි කියලා. එයා නැති නිසා අපිට ලේසියෙන්ම දිනන්න පුලුවන් වුණා. මාලිංග බෝල් කරන කොට අපට හිතෙන්නෙ අපේ ගෙදර කෙනෙක් බෝල් කරනවා වගේ. ඉන්දියා‍වේ අපිට ලංකාවත් කජ්ජක්ද කියල අපි මේ සැරේ පෙන්නුවා. හූ.... (නි)

:       0       0

උදේනි Wednesday, 08 August 2012 09:31 AM

ලංකාවේ ක්‍රිකට් ගැන නම් කතා කරන්නත් ලැජ්ජයි. (නි)

:       0       0

රංග Wednesday, 08 August 2012 11:40 AM

ඒ තරගාවලියත් හරි වගේ (දී)

:       0       0

නිරෝෂන් Wednesday, 08 August 2012 12:06 PM

කමක් නැහැ. අපි ඔබ සමගයි (දී)

:       0       0

කපොටිය Wednesday, 08 August 2012 12:10 PM

නියම ශ්‍රී ලන්කන් කොල්ලොටික . ඔහොම යමු .. . (දී)

:       0       0

බුද්ධික Wednesday, 08 August 2012 12:16 PM

අයියෝ ක්‍රිකට් (දී)

:       0       0

සුරාජ් Wednesday, 08 August 2012 12:22 PM

කමක් නැහැ ඊලග එක අපි ගහමු (දී)

:       0       0

මදුසංක Wednesday, 08 August 2012 12:19 PM

පසුබසින්න එපා. (දී)

:       0       0

නිමා Wednesday, 08 August 2012 01:25 PM

අයියෝ, මේ ක්‍රිකට් වලට වියදම් කරන සල්ලි වලින් දරුවකුට පොතක් පතක් අරන් දුන්නා නම් මීට වැඩිය වටිනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 2856 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 500 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 749 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2727 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3560 7

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1932 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40148 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25987 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 261 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1325 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site