IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ඉන්දියාව සාෆ් පාපන්දු කුසලාන දිනයි

ඉන්දියාව ගෝල 4-0 කින් ඇෆ්ගනිස්ථානය පරාජය කරමින් සාෆ් පාපන්දු කුසලාන හය වැනි වතාවටත් දිනා ගැනීමට ඊයේ (11) සමත් විය. මෙම ජයග‍්‍රහණය සඳහා ඉන්දියාවට ඇමරිකානු ඩොලර් 50,000 (රුපියල් ලක්ෂ 65ක ආසන්න) මුදලක් පිරිනැමිණි. අවසන් මහ තරගයේදී ගෝල දෙකක් ලබාගනිමින් තරගාවලියේ වීරයාට  තේරුණු ඉන්දීය ක‍්‍රීඩක සුනිල් චෙට්ටිට මෝටර් රථයක් තෑගි ලෙස ප‍්‍රදානය කෙරුණි. ඔහු තරගාවලියේ වටිනාම ක‍්‍රීඩකයාටද තේරෙමින් සම්මාන දෙකක් දිනා ගත්තේය. අවසන් මහ තරගය නැරඹීමට 15000 කට අධික ජනකායක් පැමිණ සිටීම කැපී පෙනුණි. නීති විරෝධී හැසිරීම හේතුවෙන් ඇෆ්ගනිස්ථානු පාපන්දු කණ්ඩායම් නායක හමිදුල්ලා යුසුජසරී සිංගප්පූරු ජාතික විනිසුරු සුක්වීර් සිගේ රතු කඩා පත් පෙන්වා පිටියෙන් පිටමං කිරීමෙන් තරගය උණුසුම් විය. පිටියෙන් පිටමං කළ ඇෆ්ගනිස්ථානු නායකයාගේ විනය විරෝධී ක‍්‍රියා කලාපය හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට දඬුවම් පහරක් ප‍්‍රදානය වුණු අතර එය සාර්ථක කර ගනිමින් 67 වැනි විනාඩියේදී සුනිල් චෙට්ටි ඉන්දීය කණ්ඩායමට පළමු ගෝලය දිනා දුන්නේය. ඒ අනුව පළමු විනාඩි 45 ක මුල් භාගය නිලකුණු තත්ත්වයක් මැද අවසන් වුවත් දෙවැනි විනාඩි 45 ක කාලය තුළදී ඉන්දීය කණ්ඩායම 67, 78, 79 යන විනාඩි වලදී දස්කම් දක්වමිල් ගෝල හතරක් සම්පූර්ණ කළේය.



අදහස් (0)

ඉන්දියාව සාෆ් පාපන්දු කුසලාන දිනයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 213 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 74 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 277 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 186 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


යුද්ධයෙන් මිය ගිය අය සමරන්න දෙමළ ජනයාටත් ඉඩ දෙන්න
2024 නොවැම්බර් මස 26 491 0

යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.


ජාජබ ලේකම්ගේ වාහනය පාර්ලිමේන්තු පොකුණට වැටේ
2024 නොවැම්බර් මස 26 1103 0

ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රිය අද (26) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටජල පොකුණට වැටී අනතුරට ලක්විය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2103 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site