ඉන්දියාවේ වෘත්තීය රාජකාරියකට ගිය ශ්‍රී ලාංකික පුවත්පත් කලාවේදීහු දෙදෙනෙක් මුම්බායි අන්තර් ජාතික ගුවන් තොටේ දී, ඉන්දියා ආගමන නිලධරයන්ගේ හිරිහැරවලට ලක්වූහ.
වලංගු වීසා හා සියලු ලියැවිලි තිබිය දීත් ඔවුහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට ලක් කරනු ලැබූහ.
ඩේලිමිරර් පුවත්පත් කලාවේදී ලක්මාල් සූරියගොඩ හා ඩේලි නිවුස් පුවත්පත් කලාවේදී සාරා පතිරණ පසුගිය පළමු වැනි දා ජෙට් එයාවේස් ගුවන් යානයෙන් මුම්බායි නුවරට ගියහ.
එහි ආගමන කවුන්ටරයේ දී ඔවුන් අත තිබූ ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර දුටු ආගමන නිලධාරිනියක ඔවුන්ගෙන් ප්‍රශ්න කළේ ඔවුන් කුමක් සඳහා පැමිණියේ ද යන්නයි.
ඔවුන් සිය ලියැවිලි ඇයට පෙන්වූ නමුත් ඇය ඉන් සෑහීමකට පත් නොවී ඔවුන් දෙදෙනා රඳවාගෙන, පසුව උසස් නිලධරයකු ඉදිරියට යොමු කළාය.
එම නිලධරයා ඔවුන්ගේ ලියැවිලි බලා ඔවුන් මුදා හළේය.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ඉන්දියා ආගමනෙන් ලක් මාධ්‍යවේදියන්ට හිරිහැර
සම්පත් Friday, 06 December 2013 01:59 PM
රාවණා රජුම එන්න ඕන මුන්ට පාඩමක් උගන්වන්න. (ස)
ලහිරු Friday, 06 December 2013 02:01 PM
ඒකට මෙහේ එවුන්, මල්මාලා දාල පිළිගන්නේ. (ස)
අමිල - කටුනායක Friday, 06 December 2013 02:19 PM
වැදගත් රටකට නෙ ගිහින් තියෙන්නේ. (ස)
අකිල Friday, 06 December 2013 02:22 PM
රත්තරන් තියෙනවද කියල බලන්න ඇති. (ස)
කසුන් Friday, 06 December 2013 02:32 PM
මටත් ඔය ඉන්දියාවේ ගුවන් තොටුපොල වල සිදුවෙච්ච කෙනහිලිකම් ගැන අත්දැකීම් තියනවා. ඒකක් ඒගොල්ලන්ට තියෙන ඊර්ෂාව. තමන්ට රට රටවල් වල යන්න බැරිවීම අනෙක වැඩි හරිය දේශපාලනය හරහා ගත්ත පත්වීම්. (ස)
නිශාර්ඩ් Friday, 06 December 2013 02:39 PM
ආගමන නිලධාරීන් කරලා තියෙන්නෙ ඒ ගොල්ලන්ගෙ රාජකාරිය. මට හිතෙන්නෙ. (ස)
විජේසිරි Friday, 06 December 2013 03:13 PM
ඉන්දියාවේ ගියොත් ඔහොම්මම තමයි...ලංකාවේ සිංහල මිනිස්සුන්ට හිරිහැර කරනවා..උන් හිතාගෙන ඉන්නේ මේකත් උන්ගේ රට කියලද දන්නෑ... (ස)
රූපවතී Saturday, 07 December 2013 12:44 AM
ඔය තූත්තිකඩිය හැර අපේ මාද්‍ය වේදීන්ට ප්‍රවෘත්ති හොයාගන්න වෙන යන්න තැනක් තිබුනෙම නැද්ද? (නදී)
අතපත්තු Friday, 06 December 2013 03:21 PM
අපි මොවුන්ට සලකනවා හොඳ වැඩියි...ඒක නිසා තමයි අපේ මිනිස්සු ඒ රටට ගියාම ඒ මිනිස්සුන්ට ඔය විදියට සලකන්නේ.... (ස)
ඒලියන් Saturday, 07 December 2013 12:59 AM
අපේ අය පිට රටවල් වලට තවත් කත් අදින්න. එතකොට හරි. ඔය අය ගණන් උස්සන්නේ අපේ ලොකු තැන් වල වැරදි නිසා. ගණන් ගන්න ඕනේ නැහැ ඔය ක්‍රිකට් ටීම් එකත් එකයි අනිත් දේවලුත් එකයි.(නදී)
මාතර දුසන්ත යග්ගහවිට Saturday, 07 December 2013 01:38 AM
අන්තවාදි කොටස් කරන අපරාද ගැන ලෝකය මොනවද නොකියන්නේ. සිද්දීක් නවනීදන් පිල්ලේ ඉන්දියාවේ මාද්‍ය නිදහස ගැන මොනවද කියන්නේ.(නදී)
රන්ජන් Friday, 06 December 2013 04:40 PM
ඔහේ ඉන්න ඔක්කොමල කොටියෝම තමා. (ස)
අජිත් Saturday, 07 December 2013 05:50 PM
අපේ කස්ටම් එකෙනුත් උන්ව ටිකක් ආර්ටර් කෙරුවනම් හරි. (ස)
රාමා Friday, 06 December 2013 05:19 PM
ඉතින් ඕව කියන්නකෝ අර එංගලන්තේ අගමැති තුමාට එවෙලේම පියවරයක් ගනීවි ලංකාවට වගේ. මානව හිමිකම් කඩ කල කියලා
ජයකොඩි Friday, 06 December 2013 05:27 PM
ඉන්දියන් අයට ලංකාවට ඇතුළු වෙන්න දෙන්න එපා (නි)
සත්‍යා Friday, 06 December 2013 05:54 PM
අපේ බියගුළුකම නිසා ශ්‍රී ලාංකිකයින් විවිධ රටවලදී හිංසාවට භාජනය වෙනවා. (නි)
ලකී Friday, 06 December 2013 05:56 PM
සම්පත්, ඇයි ඒ? (නි)
කුමාරි Friday, 06 December 2013 12:42 PM
ඉන්දියානුවන් දැන් හැම කෙනෙක්ම ජයලලිතාගෙ අතකොළු වෙලා වගේ. (ස)
ප්‍රනීත් පෙරේරා Friday, 06 December 2013 12:54 PM
ඉන්දියාව සමාව ගන්න ඕන. කෝ මාධ්‍ය නිදහස. (ස)
ලලිත් Friday, 06 December 2013 12:55 PM
මොන එහෙකට යනවද මන්දා ඔය රටට. (ස)
ෂපීක් Saturday, 07 December 2013 10:24 AM
මම හිතුවා දකුණ විතරයි අපට එරෙහි වෙන්නේ කියා. (නදී)
සුමංගල ඇල්පිටිය Friday, 06 December 2013 01:04 PM
ඒ කියන්නේ එහේ ගියත් වැඩක් නෑ! (ස)
අනු Friday, 06 December 2013 01:18 PM
කෝ මේ නිදහස් මාධ්‍යවේදියන් ගේ සංගමය. (ස)
බිංදු Friday, 06 December 2013 01:19 PM
මෙහෙන් ඉගෙන ගන්න ඇති. (ස)
අමිල Saturday, 07 December 2013 10:55 AM
ලංකාවේ අය ඉන්දියාවේදී හැසිරෙන්න ඕන විදිය දන්නේ නෑ, ඔය වගේ වෙලාවට බුලත් විටක් කන්න කීයක් හරි දුන්න නම් කිසිම ප්‍රශ්නයක් නෑ. (අ_
ජානු Friday, 06 December 2013 01:46 PM
අපෝ ඉන්දියා වල ආගමනේ ඉන්නේ බාගෙට බාගයක් උගත් කමක් නැති දේශපාලන බලපෑම් කරලා ආපු නිලධාරීන්. මහා ජරා ගැණු ඉන්නේ.එක පාරක් අපිටත් ඔය දේම උනා. බොරුවට කරදර කරනවා. ඉහල උන්ට ටිකක් මොලේ තියෙන උන් නිසා තේරුම් අරගන අපිව ඇරියා. (ස)
මොහොමඩ් සිද්ධීක් Friday, 06 December 2013 10:12 PM
දැන් ඉංදියාවේ චෙන්නායි , බොම්බේ විතරක් නෙමෙයි ලෝකේ හැම රටකම වගේ සිංහල කිව්වොත් බලන්නේ අමුතු විදිහකට. (නදී)
චමත් ඉතාලිය Friday, 06 December 2013 01:54 PM
නිදහස් මාධ්‍යවේදීන් එලියට බහින්නේ යාපනේ උදයන් එකේ අයට මොනවා හරි වුනොත් විතරද? (ස)