(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංග් මහතා හෙට (02) සහ අනිද්දා (03) නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය වාර්තා සඳහන් කරයි.
එම සංචාරයේ අරමුණ ඉන්දීය මුහුදු කලාපය තුළ මතුවන අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා දෙරටේ ද්වි පාර්ශ්වික හමුදා සබඳතා සහ සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීම බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
එසේම සංචාරයේදී අමාත්‍ය රාජ්නාත් සිංග් මහතා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමටද නියමිත බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබේ.
චීනය කලාපය තුළ වර්ධනය වෙමින් පවතින මොහොතක අමාත්‍ය රාජ්නාත් සිංග් මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන බව එරට මාධ්‍ය පෙන්වා දී ඇත.
එසේම ඉන්දියාව ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ක ණය පහසුකමක් ලබා දී තිබෙන බවත් ඉන් ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක මුදලක් ප්‍රයෝජනයට ගෙන තිබෙන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.
සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු
කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ
බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඉන්දීය ආරක්ෂක ඇමැති හෙට මෙරටට
lalantha Friday, 01 September 2023 09:49 PM
මෙරට ආර්ථික අර්බුදය සහ තමුන්ලාගේ ආරක්ෂක අවශ්‍යතා අතර සම්බන්ධතාවය කුමක්ද? රනිල් වික්‍රමසිංහ සහ ඉන්දියානු බලධාරීන් මෙය පැහැදිලි කළ යුතුයි...
chandima Saturday, 02 September 2023 03:50 AM
ඒ ණය පහසුකමට නේද පොලිසියට ජීප් රථයයි, කඳුළු ගෑස් උණ්ඩයි, ජනතාවගෙන් ආරක්ෂා වෙලා මන්දිරවල ඉන්න අයව බේරගන්න ජල තුවක්කුයි ගෙනාවා කිව්වේ. අපේම මාලු අපේම ඇඟේ තියලා කපනවා. අන්තිමේ ණය ගෙවන්නෙත් අපිමයි...අනේ අම්මපා...