IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ඉන්දියා ගිලන්රථ සේවය දකුණට ගේන්න බෑ

ඉන්දියා ගිලන් රථ සේවය ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය පෞද්ගලිකකරණය කිරීමේ මුල් අදියර බවත් දකුණු පළාත ඊට ඉඩ නොතබන බවත් දකුණු පළාත් සෞඛ්‍ය ගිලන් රථ රියදුරු සංගමයේ වාර්ෂික රැස්වීමේ දී එහි සභාපති සේනක විජේනාත් පැවසීය. ගාල්ලේදී මේ සංවත්සරය අද පැවැත්විණ‍.

ඉන්දියා අගමැති මෝදි ගේ අනුග්‍රහයෙන් මෙම ගිලන් රථ සේවය රට පුරාම පැවැත් වීමට ඉන්දියා රජය ප්‍රධානයක් කර ඇති බව රජය කියයි.

 

 



අදහස් (0)

ඉන්දියා ගිලන්රථ සේවය දකුණට ගේන්න බෑ

ලලින්ද Sunday, 06 March 2016 10:07 AM

මෙයාලට වැඩ වර්ජනය කරගන්න ඉඩදෙන්න. හැබැයි වෙනත් රියදුරන් පිරිසක් සේවයට ගන්න. ඉන් පසුව දකුණට නෙවෙයි මුළු රටේම මෙම ගිලරත සේවය ක්‍රියාත්මක කරන්න. කුහක කම , මෝඩකම වගේ දේවල් සනීපකරන්න අමාරු ලෙඩනේ (හේ)

:       0       0

ගමගේ Sunday, 06 March 2016 10:03 AM

හරිම ෂොක් !!!මොකක්ද මෙයාගේ ප්‍රශ්නේ ?? මෙහෙම හිතන අත්මර්තකමී මිනිස්සු එක්ක කොහොමද රට දියුණු කරන්නේ. මොකක්ද දන්නේ නැහැ (හේ)

:       0       0

ලාල් Monday, 07 March 2016 04:16 AM

ගිලන් රථ සේවාව ගෙනියන්න රජයේ කොටස් යොදලා රතුකුරුස, සෙන්ට් ජෝන්ස් ඇම්බියුලන්ස් සේවාවල සහභාගිත්වයෙන් හදපු ආයතනයකින් කරන එක තමයි සුදුසු. ඔය සංන්විධාන කෑගැහුවට ගණන් ගන්න එපා. (ර)

:       0       0

ලක්මාල් Sunday, 06 March 2016 10:56 AM

රට දියුණු කරන්න නම් මේ වගේ එපා කියන අය ඉන්න පළාත්වලට නිකන් ඉන්න කියලා අනිත් පැති දියුණු කරන එකයි කරන්න තියෙන්නේ (නි)

:       0       0

මංජුල Monday, 07 March 2016 04:41 AM

නියම තීරණයක් .(හේ)

:       0       0

ලහිරු Sunday, 06 March 2016 10:53 AM

වැඩ බැරි වුණත් ගම ගාල්ලේ කිවුවලු (නි)

:       0       0

කමනි Sunday, 06 March 2016 11:01 AM

ලෙඩුන් මරා අයිතිවාසිකම් ලබාගන්නා සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් වෘත්තීය රැල්ලට තවත් පිරිසක් අළුතින්ම එකතු වෙලා. ජාතික රජයක් හැදුවේ රටට යහපතක් කරනවා කියලා නේද? පාලකයිනි, ඇඳිරි නීතිය දමා හෝ මහජනතාවට සෙතක් වන දේ ඉටු කරන්න. (නි)

:       0       0

මුණසිංහ Sunday, 06 March 2016 11:01 AM

තවත් බරපතල අර්බුදයක පෙරමඟ ලකුණු? (නි)

:       0       0

නිමල් ලලිත Sunday, 06 March 2016 11:11 AM

කුමන සේවාවක හෝ වරදක් ඇත්නම් කළයුත්තේ එයට වරද සොයා නිවැරදි කිරීම මිස මුළු රටම ඉන්දියානු හෝ විදේශිය ප්‍රාන්තයක් කිරීම නොවේ. යමෙක් මෙය කළනොහැකි බව පවසනවා නම් එය මුසාවකි. කළයුත්තේ දේශපාලන ඇඟිලි ගැසීම් නැවැත්වීම සහ දූෂිත නිලධාරීන් ඉවත් කිරීම පමණි. (නි)

:       0       0

රත්න Sunday, 06 March 2016 12:04 PM

කලින් අදහස් දාපු අය මේකේ බරපතලකම දන්නේ නැහැ වගේ. ටිකක් හිතන්න. ඇයි ඉන්දියාව අපිට මෙහෙම ආධාරයක් කරන්නේ? අපිට තියන ආදරේටද? ඉන්දියාවෙ කොච්චර පැති තියනවද පහසුකම් අඩු. ඇයි අපිට මෙච්චර කරුණාවක්? ටිකක් මොළේ පාවිච්චි කරලා හිතලා බලන්න. (නි)

:       0       0

උපාලි ජී Monday, 07 March 2016 06:37 AM

විජය, හොඳ ප්‍රශ්නයක්. ඔබත් දකින්න ඇති අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා ලංකාවේ මේක කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හොයලා දෙන්න කියලා. ඔන්න වෙලාව. දන්නවා නම් කියන්න. (ර)

:       0       0

ලාල් Monday, 07 March 2016 06:41 AM

හේවා, දන්නේ නැනේ. කියන්නකෝ බලන්න දන්නවානම්. (ර)

:       0       0

පාලිත ගලපිටිය Sunday, 06 March 2016 01:25 PM

ගිලන්රථ රියදුරෝ රටේ නීති සම්පාදකයන් වෙලා (බ)

:       0       0

බන්දුල Sunday, 06 March 2016 02:08 PM

ලංකාවේ ගිලන් රථයට සේවකයෝ 4-5 ඉන්නවා. (රියදුරු, සහයක , හෙදියක් ,උපස්ථායක ).ඔස්ට්‍රේලියාවේ 2 .රථය පදවන්නේ ,ලෙඩ උස්සන්නේ , ප්‍රතිකාර කරන්නේ එම අය.පලපුරැදු හෙද නිලධාරීන් .(බ)

:       0       0

සිල්වා Sunday, 06 March 2016 02:20 PM

ලලින්ද සමග මාත් 100 ට 100 එකඟයි ... වර්ජනය කරන ඔක්කම අස්කරන්න.. අලුතින් සේවකයෝ ගන්න එතකොට තරුණයන්ටත් රැකියා ලැබෙනවා වගේම හැම පොඩි දේකටම අවස්ථාවාදී විදියට වර්ජනය කරන්න හදන හැමෝටම පාඩමක් වෙන්නත් එක්ක...(බ)

:       0       0

ගාමිණී Sunday, 06 March 2016 03:26 PM

ලංකාවේ ගැනු මැදපෙරදිග වැසිකිලි සෝදනවා එහේම කරලා ගන්න පඩියෙන් මිනිහ හොඳට බොනවා පස්සේ මිනිහ ඉස්පිරිතාලේ ගෙනියන්න ඉන්දියාවෙන් රියදුරෝ ගේනවා රටේ සල්ලි යන්න නෑ ඉවසල බලාගෙන ඉන්නවා අපි කෙලිම්ම මැදපෙරදිග සල්ලි ඉන්දියාවට අරිනවා නැද්ද (බ)

:       0       0

විජය Sunday, 06 March 2016 04:14 PM

ලංකාවේ අපි වෙනුවෙන් අපිට අපේම හදිසි ගිලන් රථ සේවාවක් හදාගන්න බැරි ඇයි? ලෝකෙන් උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මේවා සැළසුම් කරන්න ක්‍රියාත්මක කරවන්න පුළුවන් නිලධාරීන් නැද්ද? (නි)

:       0       0

විජය Monday, 07 March 2016 01:53 PM

උපාලි ඔබ දන්නවද මේ ලෝකේ වෙන රටක් තමන්ගේ හදිසි ගිලන් රථ සේවය තව රටකට බාරදීල තියෙන මෙහෙම ගියොත් ලංකාවේ සෞඛ්‍ය අැමැති පදවියත් ඉන්දියන් මිනිසෙකුට දෙන්න ඕන . ඔයගොල්ලෝ හිතන හැටියට අපිට ඉන්නේ වැඩ බැරි මිනිස්සුනේ (බ)

:       0       0

ගුණසිරි Sunday, 06 March 2016 04:30 PM

අනේ අනේ හරි ආදරෙයි නේද අපිට? (නි)

:       0       0

හේවා Sunday, 06 March 2016 05:23 PM

ලංකාවේ ගිලන් රථ පටන්ගන්න කලින් ඉන්දියවේ ගිලන් රථ සේවය දියුණු කළොත් නරකද? (නි)

:       0       0

හේවා Sunday, 06 March 2016 05:25 PM

මෙහි අදහස් ලියන කිසිම කෙනෙක් තවම දන්නේ නැහැ ඉන්දියාව මොකාටද එන්න හදන්නේ කියලා (නි)

:       0       0

උපාලි Sunday, 06 March 2016 08:20 AM

හැබෑට?(හේ)

:       0       0

රිෂාන් Sunday, 06 March 2016 08:22 AM

බොහොම ඉක්මනට සංගමයක් පිහිටුවාගෙන. විරෝධතාවත් දක්වනවා. රටකට ගිය කලක්! (නි)

:       0       0

අශාන් Sunday, 06 March 2016 08:25 AM

මෝඩ කමට බෙහෙත් නැහැනේ.(හේ)

:       0       0

ප්‍රියන්ත Sunday, 06 March 2016 08:31 AM

අයියෝ මෙහෙම හිතන්න එපා (නි)

:       0       0

සෑම් Sunday, 06 March 2016 08:47 AM

මේගොල්ලන්ට නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් අනතුරට පත් වී තුවාල ලැබුවන් දෙකට තුනට නමා ත්‍රීරෝද වල දාගෙන ඉස්පිරිතාලෙට ගෙනියනකොට තවත් බරපතල ලෙස හානිවෙනකොට මොනවද කියන්නේ? (නි)

:       0       0

රුවන් Sunday, 06 March 2016 08:52 AM

මෙහෙමත් මිනිස්සු! ඉන්දියාව සල්ලි දෙන එක ඇත්ත. ඒවායේ දුවන්නේ අපේ මිනිස්සුනේ. අපේ ලෙඩුන්වනේ ගෙනියන්නේ (නි)

:       0       0

කැනඩා දිසා Monday, 07 March 2016 12:10 AM

හරිම මෝඩයිනේ (නි)

:       0       0

නිෂු Sunday, 06 March 2016 09:22 AM

මෙහෙමත් මිනිස්සු කොට්ඨාසයක් අපේ රටේ ඉන්නවානේ. අනතුරකට පත්වී තුවාල ලැබුවන් ගැන කිසිම හැංගීමක් නැතිව කතා කරන හැටි විතරක් (ම)

:       0       0

සුනිල් Sunday, 06 March 2016 09:22 AM

"සෞඛ්‍ය ගිලන් රථ රියදුරු සංගමයේ වාර්ෂික රැස්වීමේ......." මෙහෙම සංගමයක් තියනවද​.....? ඔය සංගම් අටවගන්නෙ වැඩ නොකර අයිතිවාසිකම් දියවු කියන්න​. පාරෙ මැරෙන අහිංසක රටවැසියන් ගැන කවුද කතාකරන්නේ.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 11 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1821 0

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2214 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2921 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1289 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 276 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24963 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site