IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඉන්දියා ධීවරයෝ උතුරු මුහුද හූරං කති

ඉන්දියාවේ ධීවරයන් තම මුහුදු සීමාවට පැමිණ මසුන් මැරීම හා ධීවරයනට බලපෑම් එල්ලවීම බහුල වශයෙන් ක්‍රියාත්මක වන නිසා යාපනය වැල්වැටිතුරේ හා පේදුරුතුඩුව ප්‍රදේශයේ ධීවර පවුල් දහසක් පමණ අසරණ වී ඇතැයි වැල්වැටිතුරේ ධීවර සංවිධාන එකමුතුව කියයි.

තමන්ට සිදුවී ඇති මෙම අසාධරණය පිළිබදව කිසිදු අයකුගේ නිසි අවධානය යොමු වී නැති බවත් මෙවර පළාත් සභා මැතිවරණයේදී මෙම ප්‍රශ්නයට විසදුමක් ලබා දෙන ඕනෑම දේශපාලන පක්ෂයකට තම සහයෝගය ලබා දීමට දීවරයන් තීරණය කැර ඇති බවත් ධීවර සංගමයේ සභාපති මුත්තු තම්බි කන්දසාමි මහතා පැවසීය.

වැල්වැටිතුරේ ප්‍රදේශයේ මැතිවරණ ව්‍යාපාරය පිළිබදව සොයා බැලීම සදහා මධ්‍යවේදීන් එහි ගිය අවස්ථාවේ මාධ්‍ය හමුවේ ධීවරයන් මේ බව සදහන් කළහ.

දිනපතා මුහුද මැදදී ඉන්දියා ධීවරයන් හා තම ධීවරයන් අතර ගැටුම් ඇතිවන බවත්, ඔවුන් තම ධීවර ආම්පන්න හා දැල් බෝට්ටු විනාශ කරන බවත් පැවසීය.

ප්‍රදේශයේ දේශපාලන අධිකාරියට , ආරක්ෂක අංශවලට මේ පිළිබදව දැනුම් දී ඇති බවත්, මෙතෙක් ඊට සාධාරණයක් ඉටු නොවීම නිසා සියලුම දේශපාලන සංවිධාන පිළිබදව ධීවරයන් දැඩි කළකිරීමකින් සිටින බවත් පැවසීය.

පැය ගණනාවක් මරුවා සමග මුහුදු සොරුන් සමග මුහුද මැද සටන් කර අවසානයේ දැරුවන් ජීවත්කරවා ගන්න මුදලක් සොයා ගැනීමට නොහැකි වීම නිසා මෙවර පළාත් සභා මැතිවරණයේදී තම සංවිධාන තීරණයකට එළඹෙන බව කීවේය.

මැතිවරණ ව්‍යාපාරයේ පෝස්ටර් ඇලවීම පමණක් දක්නට ඇති බවත් මෙතෙක් තම ප්‍රදේශයට අපේක්කයන් කිසිවෙක් නොපැමිණි බවත් ධීවරයෝ කීහ.



අදහස් (0)

ඉන්දියා ධීවරයෝ උතුරු මුහුද හූරං කති

උපාලි Monday, 02 September 2013 05:49 AM

බයවෙන්න එපා කට්ටිය එයි ඔයගොල්ලන්ව රවට්ටන්න තව මොනවහරි එකතුකරගෙන. ඇවිල්ලා කියයි තමිල්නාඩුවට ගිහිල්ලා හරි මේක නිරාකරණය කරලා දෙනවා ඡන්දෙ දුන්නොත් කියලා. හැබැයි කවුරුත් එකම කියන නිසා කාට දෙන්නද කියලා හිතා ගන්න නම් බැරිවෙයි. (නි)

:       0       0

සජිත් Sunday, 01 September 2013 04:05 PM

ධීවර ඇමති නිදිද ?

:       0       0

ලක්මාල් මල් Sunday, 01 September 2013 04:06 PM

මේවා තමයි විහිලු කියන්නේ කෝ බලධාරීන් (දී)

:       0       0

කුමාර Sunday, 01 September 2013 04:17 PM

ජයලලිත සහ වයිකෝ ද්‍රවිඩ අයවෙනුවෙන් හඩ නගනවා නේද?එතකොට මේ අසදරණය ගැන සද්ද නැත්තේ ඇයි? (දී)

:       0       0

නිහාල් Sunday, 01 September 2013 05:30 PM

එක්සත් ජාතීන්ගේ මණ්ඩලය දැනුවත් කර ධීවරයන්ට නාවික හමුදාවේ ආරක්ෂාව දීමට කටයුතු කරන්න. (ස)

:       0       0

රෝහණ Monday, 02 September 2013 11:18 AM

මේවා වලට නාවික හමුදාව හෝ වෙන යම් නිලධාරීන් අත පෙවොත් ද්‍රවිඩ දේශපාලකයින් හා දකුණු ඉන්දියානු දේශපාලකයින් එය පෙන්නුම් කරන්නේ එයාලගේ ධීවරයින්ට අපේ ආරක්ෂක අංශය හිරිහැර හා අඩම්තේට්ටම් කරනවා කියලා. ඔයාලා මෙය ගැන අවංකව සවන් දෙන අයට කියන්න ඕන. (ස)

:       0       0

රොෂාන් සෞදි Monday, 02 September 2013 11:22 AM

දෙමළ සන්ධානයේ ජාතිය වෙනුවෙන් හැම වෙලාවේම ඉන්දියාවට යනවා සාකච්ඡා කරන්න. ඉතින් මේ ගැනත් කතාකරන්න පුළුවන් නේ. උතුරේ බහුතරයක් ඔවුන්ගේ පැත්තේ ඉන්නේ. පිල්ලේ මහත්මිය ආපු වෙලාවේ ඇයට මේ ගැන කිව්වේ නැත්තේ මොකද? ඔවුන් පිල්ලේ නෝනට කිව්වේ හමුදාවෙන් කරදරයි කියලා. (ස)

:       0       0

රූපවති Sunday, 01 September 2013 07:42 PM

යුද්දයත් ඉවරයි දැන්, සෑම රටකම නාවික හමුදාවක් ඉන්නවා ..මුහුදින් රට වෙතට පැමිණෙන හතුරෝන ගෙන් රට ආරක්ෂා කරන්න (අ)

:       0       0

කින් බෙනට් Sunday, 01 September 2013 07:51 PM

ඕක මොකක්ද අනේ .. අර දැන් බස්නාහිර අලුතෙන් හදාපු මහා විශාල දික්ඕවිට ධිවර වරාය චීන සහ තායි දිවරයන්ට හදල දීල එහෙ ඒ අය නොමිලේම මාළු ටික අල්ලාගෙන යනවා නම් ඔය උතුරට අල්ලපු රටේ දිවරයෝ ඇවිල්ල මාළු අල්ලාගෙන යන එක ගැන කවුරුවත් කුලප්පු වෙන්න අවශ්‍ය නැ..(අ)

:       0       0

නිරන්ජන් Wednesday, 04 September 2013 01:15 PM

තමිල්නාඩුවෙ ඉන්න අයම තමා දෙමළ මිනිස්සු වෙනුවෙන් කතාකරන්නේ.... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 3599 7

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 1434 2

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 4216 4

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 399 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 4054 11

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 2336 3

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33900 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23954 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 151 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 471 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 214 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site