(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
වෘත්තීකයන්ගේ ජාතික පෙරමුණේ සාමාජිකයින් විශේෂ සංදේශයක් බාරදීමට අද (21) කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ගිය අවස්ථාවේදී කල් තියා වේලාවක් වෙන්කර නොපැමිණිමෙන් සංදේශය බාර ගැනීමට ප්‍රතික්ෂේප කළේය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට ලබාදීමේ රජයේ තීරණයට විරෝධය පළකරමින්, වහාම එම ගිවිසුමෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටීම සඳහා මොවුන් මෙලෙස සංදේශයක් බාරදීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ගොස් තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය , ලංකා ප්‍රගති ගුරු වෘත්තීය සමිතිය , රේගු නිළධාරින්ගේ සංගමය , ශ්‍රී ලංකා නීතිඥ සංගමය , ජාතික විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය , විදුලි සංදේශ ඉංජිනේරු සංගමය , දේශීය ආදායම් වෘත්තීය සමිති එකමුතුව ,රජයේ දේශීය වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ,දුම්රිය වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව , ඇතුළු වෘත්තීය සමිති රැසකින් සමන්විත වන වෘත්තීකයන්ගේ ජාතික පෙරමුණහි සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
වෘත්තීකයන්ගේ ජාතික පෙරමුණේ හි ලේකම් ඉංජිනේරු කපිල රේණුක පෙරේරා සහ උප සභාපති වෛද්‍ය සමන්ත ආනන්ද යන මහත්වරු මෙහිදී පවසා සිටියේ ය.
මෙම පර්යන්ත ගැටලුව ජාතික ගැටළුවක් දක්වා මේ වනවිට උත්සන්න වී ඇති නිසා මේ පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර කෙසේ හෝ මෙම ගිවිසුම නවතා දැමීමට උත්සහ දරන බවත් ඒ සඳහා වෘත්තීය සමිති ලෙස ගත හැකි සියලු ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගන්නා බවත්ය.
2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා ලබා දී ඇති අවසන් අවස්ථාව අදින් (8) අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයෙකු හබරාදුව ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (07)රාත්‍රි සංවිධානය කර තිබු දේශපාලන සාදයක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල
කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගිය එම
උතුරු සහ උතුරු - මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තු
ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෘත්තිකයන්ගේ සංදේශය ප්‍රතික්ෂේප කරයි
sena Thursday, 21 January 2021 10:59 AM
අවුලක් නැහැ... ඊලඟට වෙලාවක් වෙන්කරගෙන ගියාම හරි.
විකුම්සිහ Thursday, 21 January 2021 12:25 PM
හම්බන්තොට වරාය 99 අවුරුද්දකට චීනයට බදු දෙනවිටදී, මෙවන් දේශප්‍රේමී උද්ඝෝෂකයන් එදා නම් සිටියේ නැහැ. පැහැදිලි වෙනසක් ඇත.. බදුදීමට කැමති අප ආයෝජනයට අකමැතියි.
චාන්දනී Thursday, 21 January 2021 05:55 PM
හම්බන්තොට හාබර් එක රට නය උගුලක හිරකරලා හැදුවේ කවුද...?
කොටියාFriday, 22 January 2021 06:31 AM
අන්න ඒකයි. ඒ අය මත්තල විකුණපු නිසා මේ අය කොළඹ විකුණුවට කමක් නෑ. මේ අය කොළඹ විකුණපු නිසා ඊළඟට එන අය ත්‍රිකුණාමලය විකිණුවට කමක් නෑ. ඒ අය ත්‍රිකුණාමලය විකුණපු නිසා ඊටත් පස්සේ එන අය ගාල්ල විකිණුවට කමක් නෑ. ඒ අය ගාල්ල විකුණපු නිසා ඊටත් පස්සෙ එන අය මඩකලපුව විකුණුවට කමක් නෑ. රටම විකුණුවැහැකි ඔහොම කියලා. ඒකට කමක් නෑ. මම නම් හිතන්නේ මෙහෙම කෑලි කෑලි විකුණනවට වඩා හොඳ නැද්ද හොල් සේල් දාලා චීනෙට හරි ඇමෙරිකාවට හරි ඉන්දියාවට හරි ගෙඩිය පිටින් විකිණුවා නම්. ලැබෙන ගානත් වැඩියි. රටේ මිනිස්සුන්ටත් හොඳ කලක් යාවි...
සිංහයාFriday, 22 January 2021 08:45 AM
විකිණීම සහ ආයෝජනය එකක් නොව දෙකකි.
Prabha Thursday, 21 January 2021 12:58 PM
ඕක ගිහින් දෙන්න සර්ට... සමහර විට තාම දන්නේ නැතිව ඇති... වරාය විකුණනවා කියලා..
චන්දදායකය Thursday, 21 January 2021 02:55 PM
රජයක් පිහිටුවන්න උදව්කරපු අයම ඕක බේරාදෙන්න... අපිට නම් ඡන්ද දායකයන් හින්දා තව අවුරුදු 04කින් තමයි පුළුවන් වෙන්නේ... එතකොට පරක්කු වැඩියි.
pradeepa Thursday, 21 January 2021 03:15 PM
වීරවංශ අපි ඉන්දියන් භාණ්ඩ වර්ජනය කරමුද? දැන් තමයි පෙරට එන්න ඕනේ.. ඔබ නිතරම කිව්වේ ඒ කාලේ මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා... දැනුත් ඒකනේ වෙන්නේ...
Prasad Friday, 22 January 2021 02:15 AM
අපිට නම් සතුටුයි. දියසේන කුමාරයාට රට බාරදෙන්න මූලික වෙච්ච හාමුදුරුවරුන්ට හා වෘත්තීය වේදීන්ට මෙහෙම වෙච්චි එකට.., ජනතාව අතර බොරුව සමාජගත කරලා රට විනාශ කරන තැනට අරගෙන ගියේ මේ දෙගොල්ලන් තමයි.