IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ඉන්දියා යාත්‍රා ගැන අමරවීරගේ තීරණය වෙනස්වෙන හැඩයි

මෙරට නාවික හමුදා අත්අඩංගුවේ තිබෙන ඉන්දියා ධීවර යාත්‍රා නිදහස් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා  අද (02) පැවැසීය. 

නාවික හමුදා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයන් නිදහස් කිරීමට දැනටමත් උපදෙස් දී ඇතැයි ද ඉදිරියේදී ඔවුන් නිදහස් කරනු ඇතැයි ද ඇමැතිවරයා කීවේය.

 සාකච්ඡා පැවැත්වුණ ද ශ්‍රී ලංකා මුහුදට අනවසරයෙන් ඇතුළුවන ධීවරයන් අත්අඩංගුවට ගැනීම නොනවත්වා කරන බව ද   අමරවීර මහතා සඳහන් කළේය.

ඔහු මේ බව කීවේ  ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැති දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මෙම මාධ්‍ය හමුවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ එම් ඒ සුමන්තිරන් මහතා ද එක් විය.

 ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් මාසයේදී නවදිල්ලි නුවරදී දෙරටේ විදේශ අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡා පැවැති අතර එහිදි පිහිටුවනු ලැබූ ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවේ දෙවැනි සාකච්ඡාව මෙය විය. එම කමිටුවේ පළමු සාකච්ඡාව දෙසැම්බර් 31 වැනිදා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්විණි. 

මහින්ද අමරවීර මහතා මීට පෙර කීවේ ඉන්දියාවෙන් අනවසරයෙන් ලංකා මුහුදු තීරයට ආ ට්‍රෝලර් යාත්‍රා කිසිදු හේතුවන් නිසා මුදා නොහරින බවයි.  ඔහු මීට පෙර එම ස්ථාවරයේ දැඩිව සිටියේය.

DSC_6895 DSC_6900 DSC_6927

 



අදහස් (0)

ඉන්දියා යාත්‍රා ගැන අමරවීරගේ තීරණය වෙනස්වෙන හැඩයි

කරු Tuesday, 03 January 2017 02:16 AM

මා හිතන්නේ ඒ තෑගී පෙට්ටියේ තියෙන්නේ වටිනා දෙයක්. පේනවා නේද මුහුණේ තියෙන හිනාව? (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Tuesday, 03 January 2017 05:04 AM

මෙයත් ඉතින් කතාව විතරයි වැඩක්නම් තම පිළවෙලකට කරගන්න බැරි වුණා..කොහොම වුණත් යථාර්තය ක්‍රියාවෙන්ම ඔප්පු කළාට බොහොමත්ම ස්තුතියි ඔබතුමාට. (ම)

:       0       0

යසන්තිකා Monday, 02 January 2017 04:59 PM

අයියෝ මෙහෙමත් දේශපාලකයෝ? (නි)

:       0       0

සුජීව Monday, 02 January 2017 05:33 PM

ඇමතිතුමනි, නිකන් බොරුවට කයිවාරු ගහන්න එපා, ඔහොම තීරණ වෙනස්වනවා නම්. මොකක්ද ඔයාට ඔය ලැබුණු ලොකුම ලොකු තෑගි පෙට්ටිය? (නි)

:       0       0

ටෙනිසන් Monday, 02 January 2017 08:34 PM

අපේ අයට ඉතින් හැමදේම මතක ටික දවසනේ. (නි)

:       0       0

සිරි Monday, 02 January 2017 09:43 PM

කොහොමද ගහපු කයිවාරුව?මෙයාලා කියන ඒවා අපි නම් දැන් පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැහැ (නි)

:       0       0

යසන්ත Monday, 02 January 2017 10:40 PM

මොකද දන්නෙ නැහැ එකපාරටම වෙනස්වුණේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 395 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 865 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 126 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 590 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 6817 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 2255 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26134 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 342 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 425 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1370 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site