IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ඉන්දියා විපක්ෂය තමිල්නාඩුවෙත් ඇස් අරවයි

ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ඉන්දියාව ක්‍රියාකල අන්දම පිළිබඳව ඉන්දියා  රජයටත් තමිල් නාඩුවේ අනවශ්‍ය කලකෝලාහල ඇතිකිරීම සඳහා කටයුතු කරන ප්‍රාන්ත රජයටත් දොස් පවරණ භාරත මහජන පක්ෂ නායක වෙන්කයියා නායිදු " යුද්ධය පැවති කාලයේදී මේ පිළිබඳව කතා නොකලේ මන්දැයි " ප්‍රශ්න කරයි.

ඉන්දියා  පාර්ලිමේන්තු සැසිවාරයේදී  සිදුවුණ කල කොලොප්පම සහ ඉන්දියා  රජය ජිනීවාහිදී ක්‍රියාකළ අන්දම ගැන අප්‍රසාදය පළකරමින් දකුණු ඉන්දියාව පුරා පවත්වාගෙන යන විරෝධතා ව්‍යාපාර පිළිබඳව අදහස් දැක්වීම සඳහා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්චාවකදී ඔහු පැවසුයේ  "ශ්‍රී ලංකාවේ යුද්ධය පවතී කාලයේදී  කරුණානිධිගේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයත් මධ්‍යම රජයේ හවුල් කාරයන් වූ බවයි. ඉතින් ඒ කාලයේදී ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට බැටදෙනතුරු මධ්‍යම රජයත් තමිල්නාඩු ප්‍රන්ත රජයත් කටවහගෙන සිට යුද්ධය අවසන්වුවට පසු මේ නගන ඝෝෂාවේ තේරුම කුමක්දැයි කියා දැනගන්නට කැමතියි. ශ්‍රී ලංකා හමුදාවන් දරුණුලෙස ක්‍රියාකලායයි කියන කාලයේ ඉන්දියා  රජයත් තමිල් නාඩු ප්‍රාන්ත රජයත්  නිහඬව සිටියා. දැන් ශ්‍රී ලංකා හමුදාවන් නිහඬව ඉන්නා විට මේ දෙගොල්ලොම කෑකෝ ගහනවා. අලුතෙන් සද්ද කරන්න පටන් අරගෙන. මොකාටද මේ දෙගොල්ල මේ එන්න හදන්නේ? "  . 

"අපි සේරම මතක තියාගන්න ඕනෑ ඉන්දියා  හමුදාවත් ශ්‍රී ලංකාවේ ඔය කියන යුද්ධයේ හවුල් කාරයෝ කියල. ලංකා රජයේ ආරාධනයක් ලබා නොගෙන ඉන්දියා  සාම සාධක හමුදාවක් එහෙ යවල අපිත් නාගත්  බව අමතක කරන්න එපා. ඒකාලයේ ඉන්දියා  හමුදාවන්ටත් ඔය කියන චෝදනා එල්ලවූනා. 1987 සිට 1990 වෙනකල් අපගේ හමුදාවේ දහස් ගණනක් ඒ යුද්ධයට බිලිදුන්න.? ඒ කාලයේ ඔය ගොල්ලන් සද්ද නොකළේ මොන හේතුවක් උඩද?" කියා ප්‍රශ්න කරන වෙන්කයියා නායිදු මේවා ගැන ඉන්දියා  රජයත් තමිල්නාඩු ප්‍රාන්ත රජයත් උත්තර සැපයිය යුතුයැයිද අවධාරණය කර සිටී.

මේ ප්‍රශ්නය දැන් දුරදිග ගිහිල්ල ඉන්දියා  පාර්ලිමේන්තු සැසිවාරය පවා පවත්වාගෙන යාමට නොහැකිවන තැනට කටයුතු යෙදී තිබෙන බවත් මේවා ශ්‍රී ලංකාවේ දෙමල ජනතාව කෙරෙහි අනුකම්පාවකින් සිදුකරන දේවල් නොව  හුදෙක් දේශපාලන වාසි තකා සිදුකරන ආත්මාර්තකාමී ක්‍රියාවන් බවත් ඔහු කියා ඇත.

පාර්ලිමේන්තු සහ ප්‍රාන්ත රාජ්‍ය ආසන සංක්‍යාව අනුව භාරත ජනතා පක්ෂය ඉන්දියාවේ දෙවෙනි දේශපාලන බලවේගයයි.  

1998 සිට 2004 දක්වා අතල් බිහාරි වජ්පායි ගේ නායකත්වයෙන් පැවතී සභාග රජයේ ප්‍රධාන පක්ෂය වුයේ භාරත ජනතා පක්ෂයයි.



අදහස් (0)

ඉන්දියා විපක්ෂය තමිල්නාඩුවෙත් ඇස් අරවයි

ජෝයි ඩයස් Friday, 22 March 2013 09:28 PM

තමන්ගේ රටෙ ආරක්ෂාව ගෑන හිතන දේශපාලකයෙක්.ලංකාවේ උනාවගේ දකුනු ඉන්දියාවෙත් ත්‍රස්තවාදය හිසඔසවයි කියා බියක් දෑනෙනෙන්නට ඈති.දෑනටමත් කොටි හිතවාදින් නිර්මාණ්ය කරමින් සිටින්නේ එම භූමිකාවයි.භාරත ජනතා පක්ෂයට එම ඉව වෑටීම සාධාරණ්යි. අනේ අපොයි ඔය ලොකු රටෙන් කෑල්ලක් කඩාගත්තොත් මොන අපරාධයක්ද? ඡන්ද වාසි වගේද? (ස)

:       0       0

අමිත් Friday, 22 March 2013 09:28 PM

අනේ මන්දා (දී)

:       0       0

ජයා Friday, 22 March 2013 09:36 PM

උගුරට හොරා බෙහෙත් කෑවම ඔහොම වෙනවා. කුම්බල මාළු කෑවනම් ඉවසපන් පුසෝ කිව්වලු.අවස්ථාවාදී හිතයිෂින් හඳුනාගන්න හොඳම අවස්තාව . (ස)

:       0       0

සෝමසිරි Saturday, 23 March 2013 01:14 PM

ඔබ නිර්භීත , සාධාරණ මනුස්සයෙක්. ඔබට අ‍පගේ ආචාරය (ස)

:       0       0

සෙනෙරත් Saturday, 23 March 2013 12:07 AM

මේවා කියන්න තිබුණෙ ජිනීවා සමුළුවෙදි අපේ ලංකාවේ ඇත්තෝ නේද ? (ස)

:       0       0

අමිතා Saturday, 23 March 2013 02:18 PM

ඇත්තටම මටත් අමතක වෙලනෙ තිබුනේ. මුන්ගෙ හමුදාව මෙහෙ ඇවිල්ල එක ගෑනියෙකුට ඉන්න දුන්නෙ නෑ නෙව. බලාගෙන ගියාම අපිටත් පුලුවන් නෙ මනව හිමිකම් කොමිසමමට පැමිණිලි කරන්න.(නදී)

:       0       0

පුෂ්පා Saturday, 23 March 2013 04:35 AM

ජෝයි ඩයස් ඔබ හරියටම හරි. ඉන්දියාව කවදාවත් ලංකාවේ උතුරේ දෙමළ රාජ්‍යයක් බිහිවෙන්න ඉඩ දෙන්නෙ නෑ. එය ඔවුන්ගේම ආරක්‍ෂාවට තර්ජනයක් වන නිසා.(නදී)

:       0       0

නිල්මිනි Friday, 22 March 2013 05:57 PM

වජ්පායි නැවත එන්න.(නදී)

:       0       0

කුසී Saturday, 23 March 2013 06:25 AM

සහකින ඇත්ත. ඔබලා නිර්භීතයි.(නදී)

:       0       0

ජාඩ්න්සි Friday, 22 March 2013 06:15 PM

වැල්වැටිතුරේ සන්හාරය, යාපන රෝහලේ සන්හාරය එහෙම ඉන්දියන් හමුදාව මෙහෙ ඇවිල්ල කරපුව තමා. අහිංසක දෙමල ගැහැණුන් සියගණනක් දූෂණය කලා. ඉන්‍දියාවෙ එකෙක්ට හරි ඕක මතක තිබුණ එක ලොකුදෙයක්. අනික් කෙනෙකුට ඇඟිලි 4ක් තමන්ගෙ පැත්තට කියල ඔය හැම එකාම මතක තියාගන්න ඕනි. එල් ටී ටී ඊ යට කිරිපොවල පුහුණුව දීල හැදුවෙ කව්රුවත් නෙමෙයි ඉන්දිරා ගාන්ධි .(නදී)

:       0       0

ශාන්ති Saturday, 23 March 2013 07:53 AM

සත්‍ය ජය ගන්නවා කියන්නේ බොරුද (දී)

:       0       0

නිමල් Friday, 22 March 2013 06:28 PM

අස්සයා පැනලා ගියාට පස්ෙස ඉස්තාෙල වහන්න වෙග් හදන්නේ.(නදී)

:       0       0

චින්තක Friday, 22 March 2013 06:36 PM

හොද අදහස් දැක්වීමක්. ඔබ සමග අපද එකග වෙනවා.(නදී)

:       0       0

ශෙහාන් Friday, 22 March 2013 06:55 PM

මිනිස්සුන්ට කොහොමත් ඇස් ඇරෙන්නෙ විපක්ෂයට ගියවිටයි. (නි)

:       0       0

නන්දලාල් Saturday, 23 March 2013 08:59 AM

ඉන්දීය සාම සාධක හමුදාව ලංකාවට එව්වද කියලවත් මන්මෝහන්සිං මහත්තයට මතක නැතිලු (ස)

:       0       0

රෝහිත Friday, 22 March 2013 07:25 PM

නියමයි. ඇත්තම කිවුවා. (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 23 March 2013 10:41 AM

අන්න එහෙම එන්නකෝ .එතුමලා උනත් දන්නවා මේවගේ ඇත්ත නැත්ත මොකද්ද කියලා. දේශපාලන වාසිතකා තමයි මේ ඔක්කොම (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 993 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4053 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1265 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 741 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1066 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 710 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 962 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site