(විමුක්ති එස් රොද්‍රිගු)
ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකීකයන්ගේ ගැටළු විසදීම අරමුණු කර ගනිමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද විශේෂ ජංගම සේවය ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද (31) පෙරවරුවේ ආරම්භ විණි.
ජනතාවට පවතින ගැටළු විසදීම සදහා අධිකරණ අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන විසින් ස්ථාපිත කර ඇති ජංගම සේවා කුටි නිරීක්ෂණය කිරීමට ද අධිකරණ අමාත්‍යතුමා ඇතුළු නිලධාරීන් එක් වු අතර ජංගම සේවය ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවය අමතමින් අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය...
උතුරු පළාතේ ජනතාවට පවතින ගැටළු විසදීම සදහා රජය ප්‍රමුඛත්වය දී කටයුතු කර ඇති අතර මෙම වසරේ ජනවාරි හා ජුනී මාසවල ජංගම සේවා දෙකක් පැවැත්වීමට කටයුතු කර ඇති බවත්, විශේෂයෙන් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ජනතාවට පවතින ගැටළුවලට විසදුම් ලබාදීම සදහා මේ වන විටත් විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් අදාළ රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් ඒ් සදහා පත් කර ඇති බවත්, එම කමිටුව විසින් උතුරු පළාතේ සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් ඒ් සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවත්, අධිකරණ අමාත්‍යතුමා පැවසීය.
උතුරු පළාතේ ජනතාවට ඉඩම් සම්බන්ධව පවතින ගැටළු විසදීම සදහා විශේෂ සමථ මණ්ඩල ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති අතර, යුද්ධයෙන් හානි වු පුද්ගලයින් හා දේපළ වෙනුවෙන් වන්දි ලබාදීමට හානි පුර්ණය සදහා වු කාර්යාලයත්, අතුරුදහන් වු තැනැත්තන් සම්බන්ධව පැමිණිලි විමර්ශනය සදහා අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව වු කාර්යාලයත් කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යතුමා සදහන් කළේය.
අතුරුදහන් වුවන් සම්බන්ධව ලැබී ඇති පැමිණිලි පිළිබදව වු විමර්ශන සිදු කිරීම කඩිනම් කර ඇති අතර එම කාර්යාලය සදහා පත් කර ඇති නව නිලධාරීන් ඒ් වෙනුවෙන් ආරම්භ කර ඇති විශේෂයෙන් වැඩ පිළිවෙල හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ අදාළ විමර්ශන අවසන් කිරීමට හැකිවන බව ද අධිකරණ අමාත්‍යතුමා පැවසීය.
සමස්ත රටටම වෙලාගෙන ඇති මත් ද්‍රව්‍ය සම්බන්ධව වු ගැටළුව උතුරු පළාත තුළද විශාල වශයෙන් ව්‍යාප්තව පවතින බැවින් තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් එය මර්දනය කිරීම සදහා කටයුතු කිරීම ආරක්ෂක අංශ ඇතුළු සියලු දෙනාගේ වගකීමක් වන අතර ඒ් වෙනුවෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින බව ද අධිකරණ අමාත්‍යතුමා වැඩිදුරටත් පවසන ලදී.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය හා යාපනය දිස්ත්‍රික් ලේකම් කේ.මහේෂන් මහතා මෙහිදී අදහස් පළ කළ අතර, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.පී.එස්.සමන් කුමාරී, හානි පූර්ණ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එල්.එම්.හසීම් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි විය.
යුද්ධයෙන් හා වෙනත් විපත්වලින් හානි සිදු වු පුද්ගලයින් කිහිප දෙනෙකු වෙනුවෙන් වන්දි ලබාදීම ද මෙහිදී අධිකරණ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දීය සරණාගතයන්ගේ ගැටළු විසඳන්න යයි