(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොට්ටාව අතුරුගිරිය පාරේ ඩීසල් පෝලිමක සිටි පෞද්ගලික බස් රථ සේවකයින් දෙපිරිසක් අතර වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිදුවූ පහරදීමකින් තුවාල ලැබූ තිදෙනෙකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කොට්ටාව පොලිසිය පවසයි .
රෝහල් ගතකළ තිදෙනාගෙන් එක් පුද්ගලයකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි .
කොට්ටාව බස් නැවතුම්පොලෙන් ගමන් ආරම්භ කරන පෞද්ගලික බස් රථ කිහිපයක් ඇතුළු බස්රථ පෙළක් කොට්ටාව අතුරුගිරිය පාරේ අඟහරුවාදා පොල හන්දිය ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට ඩීසල් ලබා ගැනීමේ අරමුණින් ඊයේ (04) දා රාත්‍රී සිට පෝලිමේ සිට ඇතැයි පැවසේ .
එම ඩීසල් පෝලිමේ රැඳී සිටි කොට්ටාව බස් නැවතුම්පළේ සේවකයින් දෙපිරිසක් අතර පැරණි කෝන්තරයක් සම්බන්ධයෙන් බහින්බස් වීමක් සිදුව ඇතැයි පොලීසිය කියයි.
එම අවස්ථාවේදී තවත් පිරිසක් ඊට සම්බන්ධ වී ආරවුල සමථයකට පත්කොට ඇති අතර එහි සිටි කිහිප දෙනෙකු පසුව එම ස්ථානයෙන් පිටව ගොස් යළි පැයකට පමණ පසුව තිස් දෙනෙකු පමණ ලොරි රථයකින් නැවත එම ස්ථානයට පැමිණ ආරවුලක් හටගෙන ඇතැයි පැවසේ.
එහිදී ගැටුම දුරදිග යනවාත් සමඟ ලොරි රථයෙන් පැමිණි පිරිස කඩු , යකඩ පොලු , විකට් කණු , බැට් පිති රැගෙන බස් රථ වලට සහ එහි සේවකයින්ට පහර දී පලා ගොස් ඇති බව පොලීසිය කියයි .
පහරකෑමෙන් තිදෙනෙකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රහාරයෙන් බස්රථ තුනකට ද හානි සිදුව තිබේ.
තුවාල ලැබූ තිදෙනාගෙන් එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතළ බව ද රෝහල් ආරංචි මාර්ග පවසයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියමිතය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්ධනහලේ ගැටුම රෝහලෙන් කෙලවරවෙයි
nanda Sunday, 05 June 2022 12:55 PM
පවු, අහිංසක මිනිස්සු රට බංකොළොත් කරපු අය පැත්තකට වෙලා ජනතා මුදල්වලින් සුර සැප විඳිනවා.