(ඩයනා උදයංගනී)
ඉන්ධන කෝටාව අත්හිටුවා ප්‍රමාණවත් තරම් ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලමින් ත්‍රිරෝද රථ රියදුරන් සංවිධාන කළ විරෝධතාවයක් බොරැල්ලේදී අද (14) පැවැත්විණි.
විරෝධතාවයට එක්වූ පිරිස බොරැල්ල කැම්බල් පිටිය අසල සිට බොරැල්ල මංසන්ධිය දක්වාත් එතැන් සිට යළි කැම්බල් පිටිය දක්වාත් පා ගමනින් ගොස් එහිදී උද්ඝෝෂණයක ද නිරත වූහ.
‘ඉන්ධන කෝටාව වහා නවතනු’, ‘රෝද තුනේ අපි අනාථයි’, ‘පවුල රකින අපිට 5යි, රාජ්‍ය ඇමතිවරු 37යි’, ‘තෙල් නැති ජීවිතේ, ලීසිං මරුවා සමඟ වාසේ’ ආදී සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු විරෝධතාවයේ යෙදුණහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්ධන කෝටාව එපා: ත්‍රිරෝද රථ රියදුරෝ විරෝධතාවයක
de silva Wednesday, 14 September 2022 01:33 PM
ත්‍රි රෝද රියදුරන් තෙල් පෝලිම්වල ඉඳන් තෙල් ජාවාරම් කළ නිසා මුළු රටම අකර්මණ්‍ය වුණා. දැන් QR කෝඩ් එක තිබෙන නිසා සාමාන්‍ය මිනිස්සුන්ට කරදරයක් නැතිව තෙල් ටික ගහගෙන අරපරිස්සමෙන් ජීවත් වෙන්න පුළුවන්. ලීටර් 5 දුන්නා කියලා ත්‍රිරෝද රථවල හිඟයක් පාරෙ දකින්න නැහැ. ඔවුන් ළඟ හංගපු ඉන්ධන තියෙනවා.
podi mole Wednesday, 14 September 2022 01:59 PM
මෙයාලා රුපියල් 2000ට, 2500ට පෙට්‍රල් විකුණන කොට මේ තක්කඩින්ට මෙහෙම වෙයි කියලා හිතෙන්න නැතිව ඇති. ඔච්චර අමාරු නම් ත්‍රිවිල් එක විකුණලා දාලා ඇඟ මහන්සිවෙලා රස්සාවක් හොයාගන්න කියන්න. මහපාර වනසන හැතිකරයක්...
Hafeel Wednesday, 14 September 2022 02:09 PM
හරීන් සහ මනූෂගෙන් දැන් අහන්න තියෙන්නේ මෙහෙමද රනිල් රටේ ආර්ථිකය ගොඩ දාන්නේ කියලා..? ඔවුන් ගියා නේද රනිල්ට මුක්කු ගහන්න...?
BamunuarachchiWednesday, 14 September 2022 05:23 PM
රට ගොඩ දාන්න ඔනේ නිසා තමයි හලෝ ඉන්දන සීමා කලේ. මේ හාදය මොනවා දොඩවනවාද?
pakeeer Wednesday, 14 September 2022 02:19 PM
මේ ජාවාරම් කාරයින්ට ආයෙත් ඉඩදෙන්න එපා. මේ අයට 5 හොඳටම ඇති... ත්‍රිවීල් වල මිනිස්සු යන්නේ දැන් හරිම අඩුවෙන්. මම ඇස් දෙකට දැක්කා. ඉන්ධන පෝලිමේ ඉන්නකොටම තෙල්බට දාලා ඒවා අයින් කරන අයව...
චමින්ද Wednesday, 14 September 2022 03:55 PM
එදැනුත් මෝටර් සයිකල් හා ත්‍රීවීලර් ඒවා කරනවා පේනවා සමහර යතුරු පැදි කරුවන් යතුරු පැදිය පැද්දේ නැතත් සතිපතා ඉන්ධන කෝටාව ගන්නවා ඇත්තටම කුලී රථයක් ලෙසට ධාවනය කිරීමට අවසර පත්‍රයක් දීලා ඒවාට වැඩිපුර ඉන්ධන ප්‍රමාණයක් දුන්නොත් හොඳයි කියලා හිතෙනවා.
Athula Wednesday, 14 September 2022 02:27 PM
මොවුන්ටත් අපි වගේ කාර්වල යන්න කියන්න.
වීරවිජේ Wednesday, 14 September 2022 02:31 PM
ඒකාලෙ මේ අයගෙ ගණං.. වෙන වාහනයක් අරං පෝලිමට යන්න බෑ.. හංදිවල ඉන්න මේ කුම්භාණ්ඩ සෙවලයින් ටික ඔවුන්ගේ නූගත් හන්දිවල ලගින අනිත් අයටත් එක්ක පෝලිම් පැනලා තෙල් අදිනවා. හොඳ වැඩේ... 5 නෙමෙ 2 කරන්න ඕන ලීටර් සතියට...
Jcn Wednesday, 14 September 2022 03:14 PM
රෝද තුනේ ජාවාරම් කාරයෝ.. කළකම් පලදේ.. අපි සැනසිල්ලේ පෙට්‍රල් ටික ගහගන්නේ QR නිසා...!
කිරි පුතා Wednesday, 14 September 2022 03:15 PM
තක්කඩි ඉල්ලන්නේ වැඩිපුර ඉන්ධන පොඩි ෂෙඩ් දාගෙන ලොකු ගණන්වලට විකුණන්න. රජය මේ කිසිවක් සත පහකට ගණන් නොගත යුතුයි. නොදිව්වොත් පාඩුව තමන්ට...
Rohana Wednesday, 14 September 2022 03:55 PM
ඉන්ධන නැතිවෙලාවෙ මෙයාලගෙ රජකාරිය වුනේ ලබාගත් තෙල්ටික ඇදලා නැවත නැවතත් පෝලිමට ගොස් ඉන්ධන පුරවා ගැනීමයි. අදින තෙල් ලීටරයක් හොරට රු 2000 ටවිකුනලා හයර් දිවීම පැත්තක තියල මේ ජාවාරමට ලෑස්තිවුනා. මොන දෙයින් වුනත් අයුතු ප්‍රයෝජන ගත්තම මේවගෙ අකරතැබ්බවලට මූන දෙන්න වෙනවා. දැන් ඉතින් කෑගහල වැඩක් වෙයිද?
සෙනෙවිරත්න Wednesday, 14 September 2022 04:05 PM
තමුන්නැහැලාට හොද ප්‍රතිචාර ලැබෙනව.
ruwan Wednesday, 14 September 2022 04:26 PM
හොර යක්කු..!
Roshan Wednesday, 14 September 2022 05:25 PM
ත්‍රිවීල් වලට ලීටර් 5 හොඳටම ප්‍රමාණවත්... ඔය ජාවාරම් කරපු අය තමයි. දැනුත් එහෙමයි. සමහරු කිලෝමීටර් 1ක් යන්න 250/= ක් ගන්නවා...!
මහසෙන් Wednesday, 14 September 2022 06:00 PM
ආයිත් ජාවාරම පටන් ගන්න යන්නේ... බලධාරීන් අහුවෙන්න එපා. QR එක සුපිරියි.
විමුක්ති Wednesday, 14 September 2022 06:06 PM
ත්‍රීවිල් අපතයින්ට ලීසීං දෙන එකත් නතර කරන්න ඕනි.. ත්‍රීවිල් ජාවාරම්කාරයින්ව වෙන රස්සාවකට පුරුදු කරවන්න ඕනෑ...