IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඉන්ධන පිරවුම්හලේ කොල්ලයට තුනක් සැකපිට

නිට්ටඹුව තිහාරියේ කොළඹ- මහනුවර පාරට යාබදව පිහිටි ඉන්ධන පිරවුම්හලක සිදුවූ රුපියල් 23 ලක්ෂයක කොල්ලය සම්බන්ධයෙන් සැකපිට යුද හමුදාවෙන් පැන ගිය පුද්ගලයකු ඇතුළු තිදෙනකු අද (29)  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට පත්වූවන් අතර දස වසරක් එම ඉන්ධන පිරවුම්හළේ වැඩ කළ සේවකයෙක් ද වෙයි.

පසුගිය 27 වැනිදා දහවල් ඉන්ධන පිරවුම්හලට කඩා වැදුණු කොල්ලකරුවෝ පිරිසක් ගිනි අවි පෙන්වා රුපියල් 22 97 300ක මුදලක් පැහැර ගත්හ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අවිස්සාවේල්ලේ සිටින බවට ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාට ලැබුණු තොරතුරක් අනුව එම ස්ථානය සොදිසි කිරීමට ඊයේ  (28) විශේෂ පොලිස් කණ්ඩායමක් යවනු ලැබීය.

ඒ අනුව අනාවරණය කරගත් තොරතුරු අනුව පූගොඩ පොලිසියේ හා  පූගොඩ විශේෂ කාර්ය බළකා කදවුරේ  කණ්ඩායමක්  අද (29) පෙරවරු 6.20ට පමණ අවිස්සාවේල්ලේ අකරවිට නම්බිගොඩ නිවසක් වටලා තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

යුද හමුදාවෙන් පැන ගිය 29 හැවිරිදි සෙබළකු සහ ඉහළ බියන්විල පදිංචිකරුවකු වන 31 හැවිරිදි පුද්ගලයෙක්  ද එම නිවසේ සිට අත්අඩංගුවට පත් වූහ.

ඔවුන් සන්තකයේ තිබී රුපියල් තුන්ලක්ෂ අසූ දෙදහස් දහයක් ද පොලිසිය සොයාගෙන ඇත.

කොල්ලයට යොදාගත් කාරය ද එම නිවස අසළ නවතා තිබියදී පොලිස් භාරයට ගෙන ඇත. එම කාරය අගෝස්තු 20 වැනිදා කුලියට ගත් වාහනයක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස කළ ප්‍රශ්නකිරීමේදී කොල්ලය සදහා ඔත්තු සැපයූ බව කියන ඉන්ධන පිරවුම්හලේ සේවකයකු ගැන තොරතුරු හෙළි වී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය නිට්ටඹුව මාඉඹුලේ පදිංචි   ඉන්දන පිරවුම්හල් සේවකයාද (32) අත්අඩංගුවට ගත්තේය.

 සැකරකුවන්ගෙන් ලද තොරතුරු අනුව මීගමුවේ සිටින බව කියන ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් ගිය බවත්, එම සැකකරු ගරාජයක් අසළ සිටියදී පොලිසිය එනු දැක යතුරුපැදියකින් පළා ගොස් ඇති බවත් පොලිසිය කියයි.

එම ගරාජය  අසළ තිබී යුද හමුදාවේ අංක තහඩු සහිත හයිබ්‍රිඩ් කාරයක් හමුවී ඇති අතර පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ එය ව්‍යාජ අංක තහඩුවක් බවයි. එය පොලිස් භාරයට ගෙන කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ කොබෙයිගනේ පුද්ගලයකුට අයත් එම රථය අගෝස්තු 23 වැනිදා කඩවතදී පැහැරගෙන ඇති බවයි.

කොල්ලය සිදු කළ සැකකරුවෝ ගනේමුල්ල අනුර මාවත අසල ඇති වෙන්දේසි වත්තකට වාහන දෙක ගෙන ගොස් අංක තහඩු මාරු කළ බවට ලද තොරතුරක් අනුව එහි ගිය පොලිසිය එම වත්තේ තිබී අංක තහඩු දෙකක් සොයා ගත්තේය. ඉන් එක් අංක තහඩුවක් කොල්ලයට පැමිණි මොහොතේ කාරයේ සවි කර තිබූ බවටත්, අනෙක් අංක තහඩුව හයිබ්‍රිඩ් වාහනයේ නියම අංක තහඩුව බවටත් හෙළි වී ඇතැයි පොලිසිය කියයි.

කොල්ල කෑ මුදල් සැකකරුවන් අතර බෙදා ගෙන ඇතැයි හෙළි වී තිබේ.

මේ සැකකරුවන් තවත් අපරාධ ගණනාවකට සම්බන්ධ බවට මේ වන විට තොරතරු හෙළිවෙමින් තිබෙන බවත්, ඒ ඔස්සේ ද පරීක්ෂණ පැවැත් වෙන බවත් උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපදෙස් පරිදි පූගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග, පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන, පොලිස් කොස්තාපල්වරුන් වන 1320 තුමාර, 81534 අමරකෝන්, 81867 අමරසිංහ මහත්වරු ද, පූගොඩ එස් ටී එෆ් කදවුරේ පොලිස් පරීක්ෂක මනෝහර මහතා ඇතුළු කණ්ඩායමක් ද   කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට සහාය වූහ.

පොලිස්පති එන් කේ ඉලංගකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ඉන්ධන පිරවුම්හලේ කොල්ලයට තුනක් සැකපිට

දම් Friday, 30 August 2013 01:53 AM

හමුදාවෙන් පැන්නා නම් රටින්ද පන්නා දැමිය යුතු කාලයකි මෙය.මොවුන් නිසා මුලු වීරෝධාර, සුවිනීත, කාර්යශුර,පපුවට,විදුලි කම්බි වලට නොව කකුල් දෙකට පමණක් වෙඩිතියන හමුදාව අපකීර්තියට පත්වෙනවා. (නි)

:       0       0

සෙනරත් Friday, 30 August 2013 05:12 AM

ලංකාවේ අපරාද වෙන සැනින් ඒවා අල්ලා ගැනීම අතින් හොඳ වැඩි දියුණුවක් ලබා තිබෙනවා,ඒ ගැන පොලිසියට මගේ ගෞරවයව නිසැකයෙන්ම ලැබෙනවා,නමුත් මේවා අල්ලල විතරක්මදී, යුද්දය දිනුව වගේ ලංකාවේ අපරාද පිටු දකින්න නිවැරදි යාන්ත්‍රණයක් තිබිය යුතුයි, ඉක්මන් සුදුසු නඩු තීන්දු/දඬුවම් ලබාදීම,සහ මේ වරදකරුවන් යහ මාර්ගයට ගැනීමේ පුන්රුත්ථපන වැඩ සටහන් තිබිය යුතුයි මේ සඳහා ආගමික නායකයන්, පාසල් ගුරුවරුන් ගේ දෙමාපියන්ගේ දීර්ග කාලීන උනන්දුව ඕන (අ)

:       0       0

උපාලි Friday, 30 August 2013 06:26 AM

සෙනරත්, ඔබ සමග මමත් මුළුමනින්ම එකඟ වෙනවා. විය යුතු දේ ඔබ හරියටම කියනවා. දැඩි නීති පමණක්ම මදි. මේක බරපතල සමාජ ප්‍රශ්නයක්. සිටින වරදකරුවන් පුනරුත්තාපනය කරන අතරේ, අලුතින් වරදකරුවන් බිහිවීම හැකිතාක් අඩුකරගැනීමට සැලසුම් සහගත දිගුකාලීන වැඩපිළිවෙලක් සිවිල් සමාජයේ දායකත්වය ඇතුව, නොපමාව රජයෙන් සකස් කළයුතුයි. (නි)

:       0       0

හර්ෂ Friday, 30 August 2013 06:43 AM

ඊනියා 'රණවිරුවෝ' හැමතැනම... (නි)

:       0       0

පද්මසිරි Friday, 30 August 2013 08:34 AM

මෑතකදී සිදු උන මංකොල්ල රැසක් පොලිසියේ දක්ෂ පරීක්ෂණ නිසාත් තාක්ෂණයේ දියුණුව නිසාත් මහජනතාවගේ සහයෝගය නිසාත් හෙලි කර ගැනීමක්.(නදී)

:       0       0

නසාර් Friday, 30 August 2013 02:22 PM

කමෝන් පොලිස්! (නි)

:       0       0

මලිත් Friday, 30 August 2013 09:15 AM

එහෙම අඩුකරන්නෙ කොහොමද දේසපාලනේ ඉන්නෙම අපරාධකාරයොනෙ, බලන්න පාර්ලිමේන්තුවෙ, ඉතින් කොහොමද මේවා අල්ලන්නෙ, මේ කට්ටිය තව ටික දවසකින් බේරල යවයි. (දී)

:       0       0

ප්‍රදීපා Friday, 30 August 2013 03:10 PM

ශ්‍රී ලංකා පොලිසිය හරිම ඉහළයි මේ වගේ අපරාධ කාරයින්ව ඇල්ලීම අතින්. ඒත් ඒ වුවමනාව තියෙනවා නම් විතරයි. කුමන හෝ හේතුවක් මත (හේතුව සිතා ගැනීම ඔබට බාරයි) මොන තරම් ලොකු හොරෙක්, වංචාකාරයෙක් ඇඟේ හැපුනත් අල්ලන්නේ නැහැ හේතුව වඩා බරපතල නම්. ( මෙය මගේ අත්දැකීමෙන් කියන්නේ) (නි)

:       0       0

සුකිරිය Friday, 30 August 2013 10:34 AM

රන්ජන් රාමනායක මහත්මය එදා පාර්ලිමේන්තුවේ කීව කතාව අත්තමයි (දී)

:       0       0

සංජීව Friday, 30 August 2013 10:37 AM

ඔය ප්‍රස්නය ඔහොම වෙනවා කියලා ෆොන්සේකා මහත්තය දැනගෙන හිටියා. ඒක නිසා තමයි එතුමා මුලින්ම කියුවේ හමුදාව සමාජ ගත කරන්න වැඩ පිළිවෙලක් හදන්න ඕනේ කියලා. දැන් පේනවනේ ඒකෙන් රටට වෙලා තියෙන නස්පැත්තියක තරම.(නදී)

:       0       0

සෙන්තිල් Friday, 30 August 2013 01:26 AM

හමුදාවෙන් පැනලා ආපු අය තමා ලංකාවේ වැඩියෙන්ම මංකොල්ලවලට සම්බන්ධ වෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් වෙති
2024 සැප්තැම්බර් මස 24 181 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 363 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2480 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2085 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1546 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8456 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34524 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24006 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 217 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site