(යොහාන් භාසුර)
ඉන්ධන පිරවුන්හල් හිමියන්ගේ සියයට 3 ක කොමිස් මුදල කප්පාදු කිරීමට විරෝධය දක්වමින් ක්‍රියාත්මක කරන ඉන්ධන ඇනවුම් නොකිරීමේ ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් අද (2) පස්වරුවේ පැවසීය.
ඉන්ධන පිරවුම්හල් සතුව තිබූ ඉන්ධන තොග තවදුරටත් ජනතාවට බෙදාහරින බවත් එම තොග අවසන් වූ පසු හෙට (3) පෙරවරුව වන විට බොහෝ ඉන්ධන පිරවුම්හල්වල තොග අවසන්වනු ඇති බවත් එම නිලධාරියා කීය.
එම ක්‍රියාමාර්ගයට සමගාමීව රට පුරා සියලුම ඉන්ධන පිරවුම්හල් රාත්‍රීය 8.00 ට වසා දමන බව ද කී එම නිලධාරියා රට පුරා ඉන්ධන පිරවුම්හල් බොහෝමයක් මීට පෙර පැය 24 සේවා කාලයක් ඉන්ධන සැපයූ බව ද සඳහන් කළේය.
ඉන්ධන පිරවුම්හල්වලට සෙනසුරාදා දිනයේ ද ඇනවුම් කර තිබූ තොග ලැබුණු අද දිනයේ ඇණවුම් කර නොමැති බවත් එම නිලධාරියා කීය.
ඉන්ධන පිරවුම්හල් හිමියන් ද ව්‍යාපාරයක් කරන බැවින් ආණ්ඩුව ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව කී එම නිලධාරියා බලධාරීන් මෙම ගැටළුවට විසඳුම් දීම සඳහා හැකි ඉක්මණින් සාකච්ඡාවක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.
බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල
වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ
බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක්
කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉන්ධන බෙදුම්කරුවන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය දිගටම
Asela Sunday, 02 March 2025 02:44 PM
බෙදුම් කරුවන්ට දෙන්න ඕනේ කමිෂන් එක උසාවි නියෝගයකින් පවා තහවුරු කරලා තියන නිසා, මෙහෙම එකට විරුද්ධව තර්ජනය කරන අයව වහාම අත්අඩංගුවට ගන්න...
ජයනාත් Sunday, 02 March 2025 02:59 PM
ඉන්ධන පිරවුම් හල් අයිතිකාරයින්ට ඕනෑ විදියට උසාවි අවසර දෙනවාද..? උසාවියට අපහාස කළාට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්න. මේ ඉල්ලීමට යට වෙන්න එපා.
මැක්ස් Sunday, 02 March 2025 03:08 PM
කොයි දේටත් වර්ජන කරන තැනට ජන මනස හදපු, කාබසිනියාකර ජවිපෙයයි වර්තමානයේ රට ආණ්ඩු කරන්නේ. ඔවුන් වැපිරූ දෙය ඔවුන්ට පාරා වළල්ලක් වීම ඔවුන්ට යස පාඩමක් වූවාට රටට අයහපත්ය...
Pankumburage Sunday, 02 March 2025 03:19 PM
ඉන්ධන ලීටර් එකකට රුපියල් 4.86 ක් ලැබෙනවා මදිද? තණ්හාය ජායති සෝකෝ....
යෝගා Sunday, 02 March 2025 03:26 PM
ව්‍යාපාරිකයෙක් ලබන ලාභයට ඉරිසියා කිරීම ජෙප්පන්ගේ උපන් ගතියක්. ආණ්ඩුවේ උද්ධච්චකම නිසා තෙල් පෝලිම් දිග්ගැස්සුනොත් සංචාරක ව්‍යාපාරය විනාශයි. එතකොට, කොමිස් එක කපලා ඉතුරු කරගන්න සොච්චම වගේ දහස් ගණනක පාඩුවක් වෙයි.
RjSunday, 02 March 2025 07:58 PM
නොදන්න දේවල් කියන්න එපා.. උසාවි තීන්දුව ක්‍රියාත්මක කරන්න.
Perere Sunday, 02 March 2025 03:58 PM
ජනාධිපතිතුමනි,තෙල් බෙදාහැරීම් නොකරන ඉන්ධන පිරවුම්හල් හිමියන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරවන්න. තෙල් බෙදා හැරීම අත්‍යාවශ්‍ය සේවාවක් කරලා, ඒ කටයුත්ත කරන්න හමුදාවට බාර දෙන්න.
AlgamSunday, 02 March 2025 06:33 PM
සුපිරියි...
ජය Sunday, 02 March 2025 11:39 PM
ව්‍යාපාරිකයාට ලාභ අවශ්‍යයයි හැබැයි සාධාරණ ලාභයක්. උසාවි තීරණයකට ගරු නොකරනවා නම් ???? බය කරලා, පාරිභෝගිකයා අපහසුතාවයන්ට පත්කරලා. මංකොල්ලයක් වගේනේ.
Rohana Monday, 03 March 2025 06:26 AM
ඉන්ධනහල් හිමියන්ට ලාභ ලැබෙනවද නැද්ද කියන එක ජනතාවට අදාළ නැහැ. ඉන්ධන හිඟ වීමෙන් ඉන්ධන පෝලිම් වල ජනතාව රස්තියාදු කිරීම කිසිසේත් යුක්ති සහගත නැත. ඒ නිසා මේවගේ පටු වැඩ නොකර ජනතාව පෝලිම් ගැසීම වහාම නතර කරන්න. නැත්නම් මේ ආණ්ඩුවට වෙන්නෙත් ඔක්කොම අකුලගෙන ගෙදර යාමටයි.
රුවන් Monday, 03 March 2025 07:45 AM
සිංගප්පූරුවේ ඉන්න මගේ හොදම යාළුවා කිව්වේ සිංගප්පූරුවේ ඔහොම වුනා නම් ඉන්ධන බෙදුම්කරුවන්ගේ බලපත්‍රය අහොසි කරනවා වගේම රටේ ආර්ථිකයට වගේම ජනතාව පීඩාවට පත් කරා කියලා අවුරුදු 25-30කට හිරේ දානවා ලු. එකයි ලු සිංගප්පූරුවේ වර්ජන නැත්තේ. මේ රජය දැඩි වෙන්න ඕනේ සිංගප්පූරුවේ වගේ.
Athula Monday, 03 March 2025 12:57 PM
දාන්න හමුදාව ඕකුන්ට දෙන්න එපා ජනතාව සුරාකන්න