IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ඉන්ධන මිල ඉහළට

 

(ඩයනා උදයංගනී)

ඉන්ධන මිල ඊයේ (20) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින්, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් සහ භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 10 කින් ඉහළ දමා ඇත.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 177ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වනුයේ රුපියල් 207කි.

ඩීසල් ලීටරයක නව මිල වනුයේ රුපියල් 121ක් සහ සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 159ක් වන අතර භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 87කි.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (35)

ඉන්ධන මිල ඉහළට

C.K.Lankaputhra Tuesday, 21 December 2021 07:07 AM

දැන්නම් හරී ශැපයි. ගිණිපෙටිටියේ ඉඳල මිනී පෙට්ටිය දක්වාත්, ඉදි කටුවෙ ඉදඳල මෝල් ගහ දක්වාත් භාණ්ඩ මිල ඉහලට. එතකොට ශැපේ ශැපයි. හපේ විතරක් ඉතුරුවෙයි.

:       0       0

wicky Tuesday, 21 December 2021 07:18 AM

ඉතාම හොඳයි. පොදු ප්‍රවාහනය හොඳටම තියෙන රටක, මිනිස්සු පුද්ගලික වාහන පාවිච්චි කරන එක එන්න එන්නම වැඩිවෙන නිසා, මේක ඉතා හොඳ තීරණයක්. දැන් මිනිස්සු පොදු ප්‍රවාහනයට යොමු වේවි. ආදර්ශයක් විදියට, මැති ඇමැතිලාගේ වාහනවලට දෙන ඉන්ධන දීමනාව එහෙම කපා හැරලා, ඇල්ටෝ වගෙ පොඩි වාහනවලින් එන්න කිව්වා නම් හරි... මොකද එයාලත් සේවකයින් මිසක් ඔච්චර දෙවල් දෙන්න ඕනෑ කොට්ඨාශයක් නොවේ... අඩුම ගානේ අධ්‍යාපනික සුදුසුකම්වත් නැති බහුතරයක් තමයි ඔතන ඉන්නේ...

:       0       0

නිසoක නුවරඑළිය Tuesday, 21 December 2021 07:43 AM

වැසිකිලි වළ පිරෙන කොට අපේ සෑර්ගේ විසදුම නොකා ඉන්න එක. හම්මෝ මිල වැඩි කරලා, ඉල්ලුම අඩු කරලා, ඩොලර් ඉතුරු කරනවා.

:       0       0

සුදන්ත Tuesday, 21 December 2021 07:43 AM

ඔය කරල තියෙන්නේ උදේ පාන්දරම. රටත් බංකොලොත් අපිත් බංකොලොත්.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 21 December 2021 08:05 AM

මේ අයුරින් තෙල් ඇතුළු සියලු දේ මිල ඉහළ යන්නේ නම්, රටේ රජයක් කුමටද? රට මෙසේ අගාධයට ඇද වැටී තිබෙන අවස්ථාවක, මැති ඇමැතිවරු රට සවාරි යනවා. ඒ විතරක් නොවෙයි හමුදාව පිරිවරාගෙන යුද උන්මාදය සමරනවා. පක්ෂ විපක්ෂ සියලුදෙනා එක්වී ජනාධිපතිගේ අගමැතිගේ ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු දේශපාලකයින්ගේ වියදම් සීමාකළ යුතුයි. රටත්, ජනතාවත් ගින්නෙන් දැවෙනවා. ඒත්, දේශපාලකයින් ඔවුන්ගේ සුඛ විහරණය වැඩිකළා මිස බිඳක් හෝ අඩුකොට නැහැ. මේවා දෙවියන්ටම පෙනීයන්...

:       0       0

Lal Tuesday, 21 December 2021 08:09 AM

එහෙ බහිනකොට මෙහෙ නඟිනවා..

:       0       0

nanda Tuesday, 21 December 2021 08:31 AM

මේ රටේ මිනිස්සු නැතිම කරනවා. බලේට එන්න පෙර කිව්ව කතා කෝ දැන්..?

:       0       0

මහසෙන් Tuesday, 21 December 2021 08:33 AM

නත්තලටයි, අලුත් අවුරුද්දටයි මේ තෑග්ග විතරක් මදි වගේ... තව අමතර මොනවක්වත් දෙන්න බැරිද? පුදුමාකාර සනීපයක් දැනෙන්නේ දැන්...

:       0       0

බද්රානි Tuesday, 21 December 2021 08:50 AM

ඉතාමත්ම හොඳයි. ඉන්ධන මිල තවත් වැඩිකළ යුතුයි. කරත්තකාරයින්ව කරත්තයට නැවත හුරුකළ යුතුයි. වට්ටක්කා හොද්ද සමග කිරිබත් කෑල්ලක රස විඳිමින් කරත්තයක නැගී ගමන් කිරීමෙන් කොතරම් නම් දේශීයත්වයක් පිළිබිඹු වෙනවද? මේ රටේ බුද්ධිමත් ජනතාව ඉල්ලූ ඒ වෙනස නියමෙටම ලැබී තිබෙනවා... ඒ සතුට බෙදා ගැනීම සඳහා අපි සැම එකට එක්වී කිරිබත් කමු....!!

:       0       0

Hafeel Tuesday, 21 December 2021 09:02 AM

මෙහෙම ගියොත් ඉදිරියේදී කිරිබත් උයන්නත් බැරිවේවි..!.

:       0       0

නීල් Tuesday, 21 December 2021 09:05 AM

සෞභාග්‍යයට ළඟාවෙමින් පවතින බව පෙනෙමින් ඇත...

:       0       0

mohomed agarapatana Tuesday, 21 December 2021 09:09 AM

ඉන්ධන මිල ඉහළ යාමට මුල් කාරණය අරාබි රටවල් ලංකාවට සහනයක් නොදුන්නු එකක්. ගම්මන්පිලව ඔය ඇමැතිකමෙන් අයින් කරලා ජාතිවාදය නැතිකර හරි ඔය ඇමැතිකම දීලා, අරාබි රටවල් වලින් සහනයක් ඉල්ලුවා නම් අනිවාර්යයෙන් සහනයක් හම්බ වෙයි...

:       0       0

Bunny Preena Tuesday, 21 December 2021 09:15 AM

අපි උදය ගම්මන්පිල ඇමැතිතුමාට කියමු මන්නාරම් ද්‍රෝණියේ තෙල් කැණීම් කටයුතු ඉක්මන් කරන්නයි කියලා.. එතකොට මුදල් ප්‍රශ්න බොහෝමයක් නිරාකරණය කරන්න පුළුවන් වෙයි.

:       0       0

Rohana Tuesday, 21 December 2021 11:14 AM

දැන් ෂැපද කියලා තමයි අහන්න තියෙන්නේ. අනේ මේ ඔහේලාට ආණ්ඩුව ජනතාවට දුක් නොදී කරගෙන යන්න... බැරිනම් පුලුවන් කෙනෙකුට කරන්න දීලා හොඳ හිතින් ඉල්ලා අස්වෙලා ගෙදර යන්නකෝ...

:       0       0

fairoos Tuesday, 21 December 2021 12:41 PM

රටට අබ සරණයි.දැන් නම් මාර සැප

:       0       13

BamunuarachchiWednesday, 22 December 2021 06:17 AM

කවදද ඉපදුනේ? 1970 ගණන්වල ගැලුම රුපියල් 5, ලීටරය රු 1.32, පමණ තිබුන පැට්‍රොල් 2021 වෙනකොට ලීටරය 177 උනේ රාජපකෂලා නිසා නොවෙයි. කැනඩාවේ, ඇමරිකාවේ, යුරෝපයේ පැට්‍රොල් ලීටරයක් රුපියල් වලින් 244 වෙනවා. මේ රටට කොහෙන්ද පාත්වෙලා සිංහලයාගේ බදු මුදලින් පැට්‍රොල් ලාබෙට ඉල්ලනවා.කැනඩාවේ ඔක්ටේන් 95 හැම ගෑස් ස්ටේෂන් එකේම නැහැ. ලංකාවේ ඕනෑම ගෑස් ස්ටේෂන් එකකින් ඔක්ටේන් 95 ගන්න පුලුවන්. දන්නා මගුලක් කතා කොරනවා හලෝ.රජය පාඩු විඳගෙන දීපු නිසා පිනට කාලා පුරුදුවෙලා. යන්න දකුණු ඉන්දියාවට එළුවෙක් හදාගෙන හරක් මරාගෙන හොඳට ඉන්න පුළුවන්.

:       7       1

අසංග Tuesday, 21 December 2021 12:52 PM

අමාරුවෙන් තටමල බළල මල්ලෙන් එලියට දාගත්ත හොර රැල. අවුරුදු 2ට පරම්පරා 2 කට වත් හම්බකරලා ඇති දැන්.

:       0       18

BamunuarachchiWednesday, 22 December 2021 06:44 AM

දැන් අනුර, සජිත් ආවොත් පැට්‍රොල් රු ලීටරය රුපියල් 2ට, සීනි කිලෝව රුපියල් 10ට දේවිද? 1970 ගණන්වල ගැලුම රුපියල් 5, ලීටරය රු 1.32, පමණ තිබුන පැට්‍රොල් 2021 වෙකොට ලීටරය රු.177 උනේ රාජපකෂලා නිසාද? 1977 කාලේ රුපියල 15 තිබුන සිමෙන්ති කෝට්ටේ අද රුපියල් 1250 උනේ ඝෝඨභය නිසාද? ඔලුව අතගාල බලන්න මොදුවෙලාද කියලා. ඩොලර් දීලා පැට්‍රොල් ගෙනැල්ල විකුනන්නේ රුපියල් වලට. ඊළඟ පැට්‍රොල් තොගය ගෙන්වන්නේ මොනවා දීලද?

:       3       1

සුරලොව ඇල්මන්Wednesday, 22 December 2021 05:38 PM

ගල් බමුණෝ 1970 වෙනවිට කොහෙද ලීටර් තිබුනෙ ඒකාලෙ තිබුනෙ බෝතල් හා ගැලුම් .ඒකවත් නොදන්නා එකා දන්නවද දන්නෙ නැහැ මුලින්ම ඉන්ධන මිල වැඩිකලේ සමගි පෙරමුණු රජයෙන් කියලා (සමගි පෙරමුණු රජය තිබුනෙ 1970 සිට 1977 කාලයේ ඒ කාලේ තමයි අගහරුවාදා සහ සිකුරාදා බත් කෑම තහනම් කරලත් තිබුනා

:       0       0

Shan Tuesday, 21 December 2021 12:56 PM

මේ තාම පටන් ගත්තා විතරයි.ගෝටාභය සහ රජයට ඉල්ලා අස්වෙන්න බල කරනු.නැත්නම් අපිට රටක් ඉතුරු වෙන්නේ නැත

:       1       20

jagath Tuesday, 21 December 2021 02:20 PM

සියලුම බර ජනතාවගේ කර මත ,දැන් සපද .....ඉල්ලපු සුපිරි වෙනස ඉල්ලුවාට වඩා ජයටම ලැබෙනවා වගෙයි

:       0       18

BamunuarachchiWednesday, 22 December 2021 06:29 AM

ෂාහ් සුපිරි වෙනසක් කියලා හාල් නොමිලේ , පැට්‍රොල් රු ලීටරය රුපියල් 2ට, සීනි කිලෝව රුපියල් 10ට බලාපොරොත්තු උනාද? රටේ ඇතිවෙන මිල ඉහල යාම් ද්‍රව්‍ය හිඟ වීමේ බර ජනතාව තමයි උසුලන්න ඕනේ ,නැතුව වෙන කවද උසුලන්නේ. රජය කියන්නේ රටේ වෙනම යුනිට් එකක් නොවෙයි. රජය ලාබ විඳිනවා කියන්නේ ජනතාවට ලාබයි. පාඩු විඳිනවා කියන්නේ ජනතාවට පාඩුයි. පාඩුව රනිල්, අනුර, රාජපක්ෂ විඳින්නේ නැත. අදත් කැනඩාවේ, ඇමරිකාවේ පැට්‍රොල් ලීටරයක් රුපියල් වලින් 244 යි. අපිත් පිටරටින් පැට්‍රොල් ගෙනල්ල කොහොමද අඩුමිලට දෙන්නේ කියලා හිතන්න තරම් මොලයක් නැති ජාතියක් සුපිරි වෙනසක් හොයන එක පුදුම නැහැ. නැවත බයිසිකලයට පුරුදු වෙමු.

:       4       1

ranil Tuesday, 21 December 2021 07:01 PM

නත්තල් තෑග්ග වෙලාපහින්ම ලැබිලා.

:       0       2

69 ශ්‍රී 2019 Tuesday, 21 December 2021 07:19 PM

දැන් ඉතින් දේශපාලුවො සහ රජයේ ඉහළ පෙලැන්තියෙ උතුමෝ සහ උත්තමාවියො සදහා ලබාදෙන ඉන්ධන ලීටර් ගණන වැඩි කරාවි ඒවාට මාසෙකට රුපියල් දාහක් ගෙවල ඉන්ධන සමගම වාහන පුද්ගලිකව පාවිච්චියට ගනීවි (තීරුබදු සහන වාහනයට අමතරව ) වැඩිකිරීමේ පාඩුව අසරණ අපෙන් පමණයි ශ්‍රීලංකාව 1948 සිට අවුරුදු 74 ක්ම ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටකි.

:       0       1

sunil Tuesday, 21 December 2021 10:19 PM

නූගත් දේශපාලකයෝ අපේ රට විනාශ කරලා. අපේ රට යථා තත්ත්වයට පත් කිරීමට තවත් වසර පනහක් ගත නොවනු ඇත. මේ මොහොතේ කළ යුතු හොඳම දෙය නම් බොහෝ ආනයන නතර කර දේශීයව ස්වයංපෝෂිත වීමයි.

:       0       1

Bamunuarachchi Wednesday, 22 December 2021 06:36 AM

බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ කියන සින්දුව කියමින් බයිසිකලේ යමු.යාපනේ ළමයි පාසල් යන්නේ කුලී වෑන් වල නොවෙයි .රංචුව පිටින් බයිසිකල්වල. ඒ කාලේ දුර බැහැර ළමයි පාසල් ආවේ බයිසිකල් වලින්. එදා පුළුවන් නම් අද මොකද බැරි?

:       5       0

fairoosWednesday, 22 December 2021 02:30 PM

ලජ්ජා නැද්ද මෙහෙම අදහස් ලියන්න. දැන්වත් ඔය වහල්කමින් මිදෙන්න.

:       0       4

BamunuarachchiThursday, 23 December 2021 11:58 AM

ලජ්ජා වෙන්න ඕනේ ඇත්ත කියන්න නොවෙයි නාකි හම්පඩ කාමාතුර හම්බ්යෝ දුප්පත් අවුරුදු 8-9 ළමයි කසාද බඳින එකයි ලෝක සම්මත නීතියෙන් පිට පැනලා ගැහැණු 7-10 කසාද බඳින එකටයි. ලෝකේ දියුණු ජාතීන් ඔය කාමාතුර වැඩේ කරන්නේ නැත. ලොක්කා කරපු නිසා පොඩ්ඩොත් කරනවා.

:       0       0

BamunuarachchiThursday, 23 December 2021 12:14 PM

ඇයි හලෝ කලපනා කොරනවකෝ. ලෝකේ දියුණු ඇමරිකාව, කැනඩාව, යුරෝපයේත් වගේ රටවලත් පෙට්රෝල් ආනයන කරලා දෙන්නේ ලංකාවේ මුදලින් රුපියල් 244 ට මේ දුප්පත් රට ඩොලර් වලට පෙට්රෝල් ගෙන්වලා ලීටරය රුපියල් 177 ට . පාඩුව කොහාටද බෙදෙන්නේ? එදා වේල කන්න හොයන දුප්පත් මිනිහාට. හලෝ එකට ලජ්ජා වෙනවා . වාහන තිබෙන මිනිහා පරටල් මිල ගෙවනවා මිසක් බයිසිකලේ පදින මිනිහා කාගේවත් වාහන වලට ගහන පැට්රෝල් වලට ගෙවන්න ඕනෙද? හරක් මස් වල මිල වැඩි උනාම මාළු කන එකා මස්වලට ගෙවන්නේ නැත. එහෙනම් මොන බම්බුවකටද බයිසිකලේ යන එකා පැට්‍රොල් ලාබෙට දෙන්න මුක්කු ගහන්නේ. ලැජ්ජවෙනවා ඔය වගේ තුප්පහිවැඩ කරනවට. මටත් වාහන තුනක් තිබෙනවා එත් මම කොළඹ කොටුවට යන්නේ බස් එකේ. පාන් ගෙනෙන්න යන්නේ චෑලියේ.

:       0       0

ගජමිතුරු Wednesday, 22 December 2021 05:55 PM

තමුන් වගේ ගොබ්බයින් නිසා තමයි නිදහස ලබාගෙන අවුරුදු 74 ක් වෙලත් අපි තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් කියමින් ඉන්නෙ.තමා දන්නවද 1970 ඉන්දු පකිස්තාන යුද්ධයෙන් පස්සෙ නැගෙනහිර පකිස්තානය බංග්ලාදේශය වෙලා දකුණු ආසියාවේ එංගලන්තයට ණයට දුන්නු අපිවත් පරදා අපිටත් ණයට දෙන්න තරම් ශක්තිමත් වුනා එනිසා දැන්වත් අබමල් රේණුවක තරමින් මොළයක් තියේනම් දැන් ඉන්න ළිඳේ පතුලෙන් උඩට ඇවිල්ලා එලොව යාමට පෙර ඇඇත්ත ඇති සැටියෙන් දැකීමට පුරුදු වෙනවා

:       0       0

බද්රානිWednesday, 22 December 2021 11:31 PM

බයිසිකල් පදින එක නම් අපට මහලොකු දෙයක් නෙමේ. එ්ත් කොහෙද ඉතින් මහපාරේ දඩාවතේ යන බල්ලන් ගන්නේ බේරෙන්න බැරි..? ලොකු ලොකු වාහන එද්දී නැට්ට බඩයට ගහගෙන මහපාරෙන් අයින්වෙන බල්ලන් අපි වගේ අයගේ බයිසිකල් පස්සේ තමයි පන්නන්නේ. දුහ්....! බල්ලා එනවා මෙතන නැට්ට උස්සගෙන අහිංසක අපට බුරන්න...!!

:       0       0

BamunuarachchiThursday, 23 December 2021 05:30 PM

බල්ලෝ බුරන්නේ තවත් බල්ලෙකුට හෝ බැල්ලියකට. නැතිනම් බැලුවැඩ කරන එකෙකුට? මේදවස් වල බල්ලෝ රෝනචු පිටින් එකට යනවා මොකද දන්නේ නැහැ.

:       0       0

BamunuarachchiThursday, 23 December 2021 05:32 PM

මම සර්කස් එකක දැක්කා හපුටු බැල්ලියක් බයිසිකල් පදිනවා.

:       0       0

BamunuarachchiFriday, 24 December 2021 10:42 AM

ගැහැණු ආසයි ඇඹරි ඇඹරි බයිසිකල් පදින්න.. හේතුව ඇසුවාම හිනාවෙනවා. ඒ වෙලාවට බල්ලෝ බුරනවා විතරක් නොවෙයි කපුටෝත් කොටනවා. අපි නොදන්නා මේ ගොල්ලන්ගේ බයිසිකල් පැදිල්ල. බයිසිකල් පැදලවත් සතුටක් ලබන එක කොච්චර් හොඳද? අම්මපා...

:       0       0

BamunuarachchiFriday, 24 December 2021 05:38 PM

සර්කස්වල නම් බයිසිකල් පදිනවා මම දැකලා තිබෙනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 425 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 113 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 343 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 456 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 94 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 446 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 720 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 357 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 506 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site