IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


‘ඉන්ධන හිඟයක් ඇතිවනවායැයි බොරු ප්‍රචාරයක් පතුරුවනවා‘

(යොහාන් භාසුර)

ආණ්ඩුවට තෙල් මිලදී ගැනීමට මුදල් නොමැතිවීම නිසා ඉදිරියේ ඉන්ධන හිඟයක් ඇතිවන බවට බොරු ප්‍රචාරයක් ක්‍රියාත්මක වන්නේ යැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

තෙල් බෑමට පැමිණි නැවකට ගෙවීමට විදේශ මුදල් නොමැතිවීමෙන් එය හරවා යවා ඇති බවට බොරු ප්‍රචාරයක් ගෙන යන බවත් එහි දෙවැනි බොරුව මේ දිනවල ප්‍රචාරය වෙමින් තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

නුදුරු දිනක තෙල් හිඟයක් ඇතිවීමෙන් සලාක ක්‍රමයකට තෙල් ලබාදීමට සැළසුම් කරමින් සිටින බැවින් වාහනවලට තෙල් පුරවා ගන්නා ලෙස බොරු ප්‍රචාරයක් ක්‍රියාත්මක වන බව කී අමාත්‍යවරයා බැරල් සහ කෑන්වලට හැකි උපරිමයෙන් තෙල් ගබඩාකර ගන්නා ලෙස ප්‍රචාරයක් සමාජ මාධ්‍යජාලාවල සංසරණය වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම, තෙල් සංස්ථාව සහ අයි.ඕ.සී. යන ආයතන තුනේම දින 27 කට ප්‍රමාණවත් පෙට්‍රල් ද, දින 24 කට ප්‍රමාණවත් ඩීසල් ද ඇති බවත් රට සතුව තෙල් තිබියදී මෙවැනි කටකතා පතුරන්නේ ජනතාව සහ ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ චේතනාවෙන් යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. 



අදහස් (9)

‘ඉන්ධන හිඟයක් ඇතිවනවායැයි බොරු ප්‍රචාරයක් පතුරුවනවා‘

අනුර පැස්කුවල් Sunday, 18 July 2021 04:54 PM

දින 27 කට පස්සේ සුළුදිය වලින් තමයි දුවන්න වෙන්නේ...

:       43       108

සෙනෙවිරත්න Sunday, 18 July 2021 05:46 PM

කියන විදියට ඕක ඇත්තක් වෙන්න ඕනෑ..

:       25       40

fairoos Sunday, 18 July 2021 05:47 PM

එහෙනම් අනිවාර්යයෙන්ම තෙල් ප්‍රශ්නයක් ළඟ එනවා.

:       13       110

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 18 July 2021 06:42 PM

වැඩකට ඇති තර්කානුකූල දෙයක් ගැන කතා කරන්න. මේ තෙල් මිල ඉහළ ගිය කාලයේ, තෙල් හිඟයක් ගැන හිතන්න තරම් මිනිසුන් මෝඩ නැහැ. මේවා මේ ඉහළ ගිය තෙල් මිල ගැන මහජන අවධානය වෙනතක යොමුකරන අදහසින් කෙරෙනා බාල බොළඳ උත්සාහයන් කියලා තමයි හිතාගන්නට වෙන්නේ...

:       33       72

SUNIL MILANO Sunday, 18 July 2021 08:13 PM

සමගි බලවේගය, ජෙප්පන් සහ අනෙකුත් පක්ෂ රට බොරු පතුරුවලා... කටවල් ඇරියොත් ඉවරයි. පුදුම අපතයින් ටිකක්...

:       363       257

සෙනෙවිරත්න Sunday, 18 July 2021 11:09 PM

ඒක නිසා වෙන්න ඕනෑ ඩොලර් වලට සීමාවන් දාලා තියෙන්නේ... සමහර භාණ්ඩ ගෙන්වීම සීමා කලේ... පිටරට යන අයට ඩොලර් ගෙන යාම සීමා කලේ, ඔබතුමාට ඉතාලි⁣ය කොහොම පෙනෙනවද මන්දා, අපිට නම් පෙනෙනවා ඉදිරියට ආහාර ඉන්ධන, බෙහෙත් හිඟයක් අත ළඟ බව... ජෙප්පන්ට බැන්නාම හරියන්නත් ඉඩ තියෙනවා...

:       0       0

Sri Sunday, 18 July 2021 08:54 PM

කිසිම තෙල් හිඟයක් නෑ. ත්‍රිකුණාමලයේ ටැංකි ෆුල් ස්ටොක්... ජයවේවා..!!! 

:       38       1

ගිජුලිහිණි සංදේශය Monday, 19 July 2021 06:11 AM

සක්මන් කරන මග නිවැරැදි දැනීම... ඇතිනම් පහන් සංවේගය ලැබීම... විපරම් කළොත් එය වේ දුර දැකීම... ඉක්මන් පැහැදීම, හෙට කළකිරීම ...

:       0       4

Deepal Nirosh Monday, 19 July 2021 09:36 AM

රටේ පවතින වත්මන් ඉන්ධන සංචිත ප්‍රමාණවත් දින 27කට පමණක් නම් රටේ ඉන්ධන සැපයුම් අර්බුධයක් පවතිනවා. තර්ක කිරීම පසෙක ලා විෂයභාර අමාත්‍යවරයා කළ යුත්තේ ඊට පිළියමක් සෙවීමයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 0 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 5 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වාර්තාවක්
2024 නොවැම්බර් මස 05 177 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.


මස්සිනා දොස්තර බිරිය මරයි
2024 නොවැම්බර් මස 05 444 0

විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)


ජපුර සිසුන් විරෝධතාවක
2024 නොවැම්බර් මස 05 264 0

ශිෂ්‍ය සංගම් මර්දනය කිරීමට සහ කළමනාකරණ පීඨයේ සිසුන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනමට විරෝධය දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම


තැපැල් ඡන්දය දෙන්න තවත් දින දෙකක්
2024 නොවැම්බර් මස 05 65 0

තැපැල් ඡන්දය සළකුණු කළ නොහැකි වූ රාජ්‍ය සේවකයන් සිටී නම් ලබන 7 සහ 8 දෙදින රාජකාරි කරන කාර්යාලයට අදාල දිස්ත්‍රිකකයේ තේරීම් භාර නිලධාරි කාර්යාලයේ තැපැල්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 413 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1320 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 695 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site