(යෙහාන් භාසුර)
ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතය අද (1) දිනයේ සිට අත්හිටුවූ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පැවසීය.
අමාත්‍ය කංචන විජේසේකර මහතා, කොළඹ 7, මල් පාරේ පිහිටි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේදී අද (1) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන තොග, ඉල්ලුම, මුදල් ප්‍රමාණය, ඇනවුම් කළ හැකි ප්‍රමාණය රටේ පවතින සංචිත ප්‍රමාණය යන සියල්ලම සැළකිල්ලට ගෙන කිව්.ආර්. ක්‍රමවේදයෙන් බැහැර වියහැකි යැයි තීරණය කළ බවත් කිව්.ආර්. ක්‍රමවේදය ඉදිරියේදී වෙනත් ක්‍රමවේදයක් හරහා සීමාවන්ගෙන් තොරව තොරතුරු ලබාගැනීම සඳහා භාවිතා කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා කීය.
එම ක්‍රමවේදය ඉවත් කළ පසුව බැරල් සහ බූලිවලට ඉන්ධන එකතු කිරීමට පිරවුම්හල්වලට එකතු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කී අමාත්‍යවරයා තම තමන්ගේ රථවලට සහ යන්ත්‍රවලට අවශ්‍ය ඉන්ධන කිව්.ආර්. සීමාවෙකින් තොරව ලබාගැනීම සඳහා මේ වන විට අවස්ථාව ලැබී ඇති බව ද සඳහන් කළේය.
මෙරට ඉන්ධන අළෙවි කරන අයි.ඕ.සී. සහ සිනොපෙක් ඇතුළු සියලුම ආයතන කිව්.ආර්. කේතයෙන් ඉවත් වන බවත් කිව්.ආර්. ක්‍රමවේදයෙන් ඉවත් නොවන ලෙස ඉන්ධන පිරවුම්හල්වලින් ඉල්ලා සිටින බවත් අමාත්‍ය විජේසේකර මහතා කීය.
පිරවුම්හල් කිව්.ආර්. කේතයේ නියමිත ප්‍රමාණයට දුන්නත් ඊට වඩා දුන්නත් තොරතුරු ලබාගැනීමට ක්‍රමවේදයක් ලෙස කිව්.ආර්. කේතය ඉතාමත්ම වැඳගත් බව කී අමාත්‍යවරයා සඳහන් කළේ වසරක කාලයක් කිව්.ආර්. ක්‍රමය පාවිච්චි කිරීමෙන් ඉන්ධන ආනයනය සඳහා මූල්‍ය ශක්තිය ඇතිකරගැනීමේ අවස්ථාව ලැබුණු බවත්ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව පසුගිය මාසයක පමණ කාලය තුළ කිව්.ආර්. කේතයේ අවශ්‍යතාව පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරු වන ඩී. වී. චානක සහ ඉන්දික අනුරුද්ධ යන මහත්වැ කළ අධ්‍යනයකින් පසුව අත්හිටුවීමේ තීරණය එළඹි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාව විදේශ විනිමය අර්බුදයකට ලක්වීමෙන් 2021 වසරේ ඉන්ධන හිඟයක් ඇතිවී ඉන්ධන පෝලිම් ඇතිවීමත් සමඟ ඉන්ධන බෙදාහැරීම ක්‍රමවත් කිරීම සදඟා පසුගිය වසරේ අගෝස්තු මස 1 වැනිදා මෙම කිව්.ආර්. කේතය විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය හදුන්වා දුන්නේය.
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉන්ධන QR ඉවරයි
sanka Friday, 01 September 2023 01:02 PM
තෑන්ක්ස් අපට අඩුවුනේ එච්චරයි...!
සිල්වා Friday, 01 September 2023 01:39 PM
ඒත් හදිස්සියකට උවමනා වෙන්නත් බැරි නෑ. සිස්ටම් එක ආරක්ෂා කර තබා ගනිමු...
Truth Friday, 01 September 2023 01:56 PM
ඉන්ධන මිල උස්සලා QR කැන්සල් කියනවා. අපි කොහෙන්ද හිනාවෙන්න ඕනේ කාංචන...
Hemantha Friday, 01 September 2023 02:06 PM
ඉන්ධන මිල වැඩිවීම මගහැරීමට QR කේත ක්‍රමය අයින් කරනවා එදාටම... එතකොට අද රෑ news වලට කියනවා කේත ක්‍රමය අහෝසියි කියලා. ඉන්ධන මිල වැඩිකිරීම අමතක වෙනවා. හරිම සරලයි අපේ පාලකයෝ අපිව රවට්ටන විදිය...
රිෆාන්Friday, 01 September 2023 02:49 PM
ඔබ ජනතාව රවටන පාලකයින්ගේ බොළඳ කථා ගැන කථා කරනවා. නමුත් පාලකයෝ දන්නවා අප රටේ බහුතරය රවට්ටන්න මේ වගේ බොළඳ කථාවක් ප්‍රමාණවත් බව...
Perakum Friday, 01 September 2023 03:10 PM
හේමන්ත, අපේ රටේ දේශපාලන උප්පර වැට්ටි ගැන දන්නේ නෑ වගේ…!
Deepal Nirosh Friday, 01 September 2023 08:34 PM
ඉන්ධන කියන්නේ සම්පූර්ණයෙන් ආනයනික භාණ්ඩයක්, රට විදේශ ණයබරින් මිරිකිලා, ණය වාරික ගෙවා ගන්න බැහැ. එහෙව් තත්ත්වයක ඉඳගෙන මේ වගේ රටේ ආර්ථිකයට ඉතා පිරිමැසුම්දායක ක්‍රමයක් ඉවත් කරන්න තීරණය කරන දේශපාලුවෝ මෙන්ම ඔවුන්ට උපදෙස් දෙන නිලධාරි හැතිකරය ඉන්න තුරු මොන සුභ අනාගතයක්ද?
Buddhika Friday, 01 September 2023 08:50 PM
Sinopac නිසා නෙමෙනේ...
විජේ Saturday, 02 September 2023 01:10 AM
ඒ කියන්නේ තෙල් ගෙන්නුවේ නැත්තේ සල්ලි නැති නිසාම නොවේ....