IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘ඉන්නේ කටුමැටි ගෙයක : කන්නේ වේල් දෙකයි‘

‘ඉස්කෝලේ පටන් ගනිද්දී  අලුත් ඇදුම් ඇඳන් පොත්පත් රැගෙන පාසල් යන්න අපිත් හරිම ආසයි.  ඒත් ඇඳුම් ගන්න, පොත්පත් ගන්න අපට සල්ලි නෑ.‘ යි ආඬිගල ගම්මිරිස්වැව හංසනී කියන්නීය.

ආඬියාගල ගම්මිරිස්වැව ජිවත්වන අලහකෝන් මහතා සිය බිරිඳ සිරියාවතී වැඩිමල් පුතු කේෂාන් (13) දියණියන් වන හංසනී (10) හා චමල්ෂා (6) යන දරු තිදෙනා ජිවත් කරනුයේ කුලී වැඩ කිරිමෙන් උපයා ගන්නා  මුදලිනි.

දිනපතා කුලී වැඩ නොමැති අවස්ථාවක   දරු තිදෙනාට කන්නට දෙයක් සොයා ගන්නට නැති තරම්ය. එවිට අසල පිහිටි වැවෙන් මාළු කුරියෙක් ගෙනවිත් වේලක් කන්න දී වේල් දෙකක් මේ පවුල බඩිගින්නේ සිටියි.

කටු මැටි නිවසක ජිවත්වන  ඔවුන් වැසි සමයේ අන්ත අසරණ වුයේ   නිවස අසල පිහිටි වැවෙහි ජල මට්ටම ඉහළ ගොස් එම ජල පහරට නිවසේ කටු මැටි බිත්ති පුපුරා යෑම  නිසාය.

බිත්ති වලට මුක්කු ගසා උල්දිය දැමු තෙත පොළවේ පැදුරක් එලා  දරු දෙදෙනා බිම නිදාගනියි.

උපකාර පන්තියකට නොයා හංසනී කෞෂල්‍යා   පසුගිය ශිෂ්‍යත්ව විභහාගයෙන් ලකුණු 110 ක් ලබා ගැනීමට ද සමත් වුවාය.

පපුවේ අසනීපයෙන් පෙලෙන පියා හා ඇසක් අහිමි මවටත් අතේ ඇගිලි අහිමි පුංචි දියණිය චමල්ෂා ඇතුළු මෙම අසරණ පිරිසගේ  සිහිනය යථාර්තයක් කර ගැනීම සඳහා ඔවුනට උදව් උපකාර අවශ්‍ය වී තිබේ.

(දුරකතන අංකය 0721408944)

photo_00393[1] photo_00395[1] photo_00396[1] photo_00399[1] photo_00401[1]

 

 



අදහස් (0)

‘ඉන්නේ කටුමැටි ගෙයක : කන්නේ වේල් දෙකයි‘

රුවන් රණසිංහ Friday, 01 January 2016 02:24 PM

කරුණාකරලා මේ අයගේ ගිණුම් අංකය එවන්න. අහිංසක මිනිස්සු, අපි ඔක්කොම පිහිටවෙමු. ඔන්න යහපාලනය කරනවානම් පින් වැඩක්.. (ර)

:       0       0

සරිත් Friday, 01 January 2016 03:06 PM

රාජගිරියේ, බොරෙල්ල. මේ වගේ පවුල් දහස් ගණන්. කටු මැටි බිත්තිත් නැ... (ර )

:       0       0

ලලිත ඒකනායක Saturday, 02 January 2016 02:37 PM

මම ඔවුන්ට කතා කළා. යහපාලනයටයි, අරකටයි මේකටයි ඇඟිල්ල දික් කරන්නේ නැතුව කරන දෙයක් ඉක්මනට කරන්න. එය ලොකු පිනක් වේවි. ඔවුන්ට ගිණුම් නැහැ. එය ළඟදී හදාගනිවී. (නි)

:       0       0

විජිත් Friday, 01 January 2016 04:49 PM

මේ අපේම රටේ අපේම මිනිස්සු. එකම අහසක් යට, එකම පොළවක, එකම හුස්මටික අපිටත් නොදැනිම බෙදා හදාගන්නා අපේම අය. වෙනසකට තියෙන්නේ ඒ අය අසරණයි... මේ අයට යම්කිසි ආධාරයක් කිරීමට ඒ අයගේ බැංකුවක ගිණුම් අංකයක් ඇත්නම් කරුණාකරලා මේ පිටුවේම පළකරන්න.මම බලාගෙන ඉන්නවා. (නි)

:       0       0

අනුර Friday, 01 January 2016 05:49 PM

ලංකාවේ ඉන්න ඇතිහැකි අය මේ වගේ නැතිබැරි අය වෙනුවෙන් මසකට රුපියල් 100 කින් හරි පිහිට වෙනවා නම් මේ වගේ දුප්පත් අයට කොයිතරම් දෙයක්ද? (නි)

:       0       0

ලතා Friday, 01 January 2016 08:29 PM

උපකාර අවශ්‍ය අයගේ ජීවිත නඟාසිටුවීම අපි කළයුතුය (නි)

:       0       0

කරුණාරත්න Friday, 01 January 2016 08:49 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

කරුණාදාස Friday, 01 January 2016 10:48 PM

ගැහැණු ළමයෙක් සංගීතයෙන් මුසපත්ව අන්දමන්ද වී තනපට විදේශීය ගායකයාට විසිකළ දේවල් සහ මේ දේවල් අතර පරතරය අපිට හොඳට පේනවා. මේ වගේ අන්තිම අහිංසක මිනිසුන්ගේ වේදනා පෙනෙන්නේ නැති යහපාලනයක තරම! (නි)

:       0       0

සුගත් Saturday, 02 January 2016 01:29 AM

මේ අසරණ මිනිසුන්ගෙන් ඡන්දෙ අරගෙන පාර්ලිමේන්තු ගිය ඇමතිලා මන්ත්‍රීලාට මොකද බැරි මේ වගේ අසරණ මිනිසුන්ට ඔය කැලේ සුද්ද කරලා හරි ගෙයක් දොරක් හදලා දීලා පදිංචි කරවන්න? (නි)

:       0       0

වත්සලා Saturday, 02 January 2016 01:34 AM

සජිත් ප්‍රේමදාස ඇමතිතුමා මේ පවුලට උදව් කරයි ගෙයක් හදාගන්න. එතුමාගේ තාත්තාත් දුප්පත් මිනිසුන්ට ගොඩක් උදව් කළ කෙනෙක්. අපි කැමති ආණ්ඩුව අරමුදලක් පිහිටවනවා නම් මේ වගේ දුප්පත් අයට උදව් කරන්න. (නි)

:       0       0

සිල්වි Sunday, 03 January 2016 02:11 PM

ජනාදිපතිතුමනි මේ වගේ අසරණ මිනිස්සුන්ගේ දුකටත් ඉක්මන් ප්‍රතිචාරයක් දක්වනවා නම් කොපමණ හොදද ? මොකද මේවා තමා රටේ සැබෑ ප්‍රශ්න.(හේ)

:       0       0

කෝසල Saturday, 02 January 2016 07:22 PM

මේ අයගේ ලිපිනය දන්වා එවන්න. ඔබට පින්! මහා පරිමාණයෙන් නැතත් අහිංසක දරුවන්ට පොත් සහ පාසල් යාමට උවමනා දේවල් අරගෙන දෙන්න පුළුවන්. (නි)

:       0       0

කැප්පෙටිපොළ Saturday, 02 January 2016 02:09 AM

අපේ ඉහළපෙළේ ක්‍රිකට් ක්‍රීඩකයන් සහ දේශපාලකයන් අතර වැඩි වෙනසක් නැහැ. මොවුන් දෙගොල්ලන්ටම තියෙන්නේ අසීමිත තණ්හාව. සමහර ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉන්දියාවේ ගංවතුර වලට ආධාර කරන්න යනවා. නමුත් තමන්ගේ උපන් රටේ මෙවැනි දුප්පත් අයට හෝ ආබාධිත රණවිරුවන්ට මේ අයගෙන් කිසිම ආධාරයක් නැහැ. රටේ පාලකයන් මෙගා ව්‍යාපෘති කරන්න කලින් දුප්පත් ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳිය යුතුයි (නි)

:       0       0

අරුණ Saturday, 02 January 2016 02:21 AM

අපි අපි අතරම මොනතරම් අසරණ මිනිසුන් සිටිනවාද? (නි)

:       0       0

අනුරුද්ධ Saturday, 02 January 2016 02:31 AM

පවුලේ අයට මුදල් ආධාරයක් කර ප්‍රථමයෙන් පියාගේ පපුවේ අසනීපයට වෙදකම් කළයුතුයි (නි)

:       0       0

සරත් වීරසේකර Saturday, 02 January 2016 04:14 AM

කරුණාකර ගිණුම් අංකයක් හෝ ලිපිනයක් ලබාදෙන්න. මට දරුවන්ගේ ඉගෙනීමට උදව් කරන්න පුළුවන්. (කෞ)

:       0       0

නිලංග Friday, 01 January 2016 12:17 PM

අසරණ මිනිස්සුන්ට පිහිට වෙමු.! (ර)

:       0       0

නිමල් ද සිල්වා Saturday, 02 January 2016 04:10 AM

කරුණාකරලා ලිපිනය සහ අනෙකුත් තොරතුරු ඊමේල් එකට එවන්න ,(කෞ)

:       0       0

සමිපත් මලින්ද හේවන්දෙණිය Saturday, 02 January 2016 05:21 AM

කරුණාකරලා ඔවුන්ගේ ගිණුම් අංකය දෙන්න (කෞ)

:       0       0

ලලිත ඒකනායක Friday, 01 January 2016 01:30 PM

කරුණාකර ඔවුන්ගේ ලිපිනය සහ ගිණුම් අංකය එවන්න. (ර)

:       0       0

තාරක Friday, 01 January 2016 01:45 PM

නිවාස ඇමති තුමනි මේ අසරණ මිනිසුන්ට නිවසක් ලබාදෙන්න කටයතු කරන්න පිං.! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 732 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 261 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 733 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1983 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 250 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 2172 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35506 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24084 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 163 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 503 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site