(ටී.කේ.ජී.කපිල )
රුපියල් හය කෝටි පනස් හත් ලක්ෂ හැට දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික කාන්තාවක් අද(06) කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඇය ඉන්දියාවේ මිසෝරාම් ප්‍රදේශයේ පදිංච් 29 හැවිරිදි සූපවේදිනියකි .ඇය මීට පෙර තුන් වරක් මෙරටට පැමිණ ඇති බව ගමන් බලපත්‍ර ඇසුරෙන් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලැබී තිබූ බුද්ධි තොරතුරු මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ අතර , ඇය විසින් රැගෙන ආ ගමන් බෑගයේ ව්‍යාජ පතුළක , පොලිතින් ඇසුරුම් තුළ ඔතා , මෙම කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 644 ක් සගවා ගෙන තිබු බව කියයි.
ශ්‍රී ලංකා අපනයනවලට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පනවා ඇති සියයට 44 ක ඉහළ තීරු බද්ද පිළිබඳ අර්බුදය විසඳීමට වහාම පියවර ගන්නා ලෙස ලංකා ජාතික කර්මාන
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රාජ්‍ය ඔසුසල් ජාලයේ 64 වන නව රාජ්‍ය ඔසුසල් ශාඛාව කිරිබත්ගොඩ දී විවෘත කෙරිණි.
රුපියල් අට කෝටි හතලිස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් සිව් දෙනෙකු සමඟ , කටුනායක ගුවන් තොටු
කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රාප්ත වීමෙන් කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වී ඇති බව වැඩ බලන පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න ම
තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගියෙකුගේ අත් බෑගය තුළ වූ දේශීය සහ විදේශීය මුදල් තොගයක් සොරා ගත් චීන ජාතිකයන්
යාපනය විශ්ව විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලය සඳහා 2023 වර්ෂයේදී ඇඟිලි සලකුණු යන්ත්‍රයෙන් පැමිණීම තහවුරු කිරීමෙන් තොරව රුපියල් කෝටි තුනකට ආසන්න වටිනා අ
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
ඉන්දියානූ සූපවේදීනිය කොකේන් සමඟ කටුනායකින් අල්ලයි
චතුරි Sunday, 06 April 2025 06:11 PM
දේශිය විදෙශීය... දූශිත හොරුන්ට නැවත ලන්කාවට නොඑන්නත්, දේශීය දූෂිතයන්ට රටින්පිට නොවෙන්නත්... ඔවුන්ගේ. ගුවන් බලපත් අහෝසි කරන්න...!
Rasika Sunday, 06 April 2025 07:28 PM
ඔබ දන්නේ නැති වුණාට දකුණු ආසියාවේ ඉන්න ලොකුම හොරා, ලොකුම කුඩු රජා තමයි මේ දවස්වල ලංකාවේ ඉඳලා අද ඉන්දියාවට හෙලිකොප්ටර් එකකින් ගියේ. සැක නම් හොයලා බලන්න.
රාසික් Sunday, 06 April 2025 08:43 PM
ඔය ආපු බඩුත් එයාගේ. කිරින්ද වරායේ තව නැව් 2 ක් තියෙනවා. ඒවත් එයාගේ. අද අල්ලපු නැවේ මුල ඉන්නෙත් එයා තමයි