IMG-LOGO

2025 මාර්තු මස 03 වන සඳුදා


ඉන්ධන පිරුම්හල් රාත්‍රී 8.00 ට වසයි

(යොහාන් භාසුර)

ඉන්ධන පිරවුන්හල් හිමියන්ගේ සියයට 3 ක කොමිස් මුදල අවලංගු කිරීමට විරෝධය දක්වමින් ක්‍රියාත්මක කරන ඇනවුම් කිරීම අත්හිටුවීමේ ක්‍රියාමාර්ගයට සමගාමීව රට පුරා සියලුම ඉන්ධන පිරවුම්හල් රාත්‍රීය 8.00 ට වසා දමන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාටුන්න මහතා අද (1) පෙරවරුවේ පැවසීය.

රට පුරා ඉන්ධන පිරවුම්හල් බොහෝමයක් මීට පෙර පැය 24 සේවා කාලයක් ඉන්ධන සැපයූ බව ඒ මහතා සඳහන් කළේය.

ඉන්ධන පිරවුම්හල්වලට ඊයේ දිනයේ ඇනවුම් කළ ඉන්ධන තොග අද දිනයේත් ලැබෙනු ඇති බවත් සඳුදා දින සඳහා ඉන්ධන තොග ඇනවුම් කර නොමැති බවත් නාඔටුන්න මහතා සඳහන් කළේය.

ඉන්ධන පිරවුම්හල් හිමියන් ද ව්‍යාපාරයක් කරන බැවින් ආණ්ඩුව ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව කී නාඔටුන්න මහතා බලධාරීන් මෙම ගැටළුවට විසඳුම් දීම සඳහා හැකි ඉක්මණින් සාකච්ඡාවක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

 



අදහස් (14)

ඉන්ධන පිරුම්හල් රාත්‍රී 8.00 ට වසයි

Srinath Sunday, 02 March 2025 02:58 AM

ඉන්ධන කියන්නේ අත්‍යාවශ්‍ය සේවා? ලයිසන් කෑන්සල් කරන්න.

:       3       29

Asela Sunday, 02 March 2025 06:19 AM

ඔන්න අපි ආයෙත් පෝලිමට යනවා. ඊයේ මට පෝලිමේ ඉන්න සිද්ධ වුණා. දැන් මේ ප්‍රශ්නය බරපතළ වෙනවා. ඉන්ධන නැහැ, නමුත් ඇමැතිවරුන්ගෙන් අපට කුණුහරප ඇහෙනවා. මේ වැඩකට නැති, අකාර්යක්ෂම, ප්‍රායෝගික නොවන ඇමතිවරුන්ට ප්‍රායෝගිකව මේ රට පාලනය කරන්න බැහැ. මේක දැන් අවුල් ජාලයක් බවට පත්වෙමින් තියෙනවා. ඔවුන් තමන්ගේ සුපිරි මෝඩ මොළයෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරනවා. උදාහරණයක් ලෙස ඔවුන් තොරතුරු තාක්ෂණ සේවකයින්ට බදු ගහන්න පටන් ගත්තා. මේක අනවශ්‍යයි. "සතයක් ඉතිරි කර ගැනීමට අවශ්‍ය නමුත් අවසානයේ ඩොලරයක් නාස්ති කරනවා" නාස්ති කරනවා" මේ ගෞරවනීය මෝඩයින් කවදා ඉගෙන ගනීවිද". ඔවුන් අපි ඉන්ධන පෝලිමේ ඉන්නවාට කැමැතිද?. ඔවුන්ට අවශ්‍ය නම්, බිලියන ගණනක් ඉතිරි කර ගැනීම සඳහා අනවශ්‍ය දහස් ගණනක් රාජ්‍ය සේවකයින් ස්වේච්ඡාවෙන් ඉවත් කිරීමට පියවර ගන්න"

:       55       6

VishwaSunday, 02 March 2025 11:34 PM

තිබ්බ බද්ද අඩු කරලනෙ තියෙන්නෙ බාගෙකින්.අනික අධ්‍යාපන සෞඛ්‍ය වගේ සේවාවන් රැසක් නොමිලේ දීලත් ඒ හැම කෙනෙක්ටම ඇයි අනික් අයට ආදායම් හෝ උපයන විට විතරක් බදු ගහන්නේ. සාධාරණයක් තියෙන්න ඕනිනේ. අනික එක එකාට ඕන විදිහට සෙල්ලම් කරන්න ද ආණ්ඩු තියෙන්නේ. එහෙම බැලුවොත් තමන්ගේ ගාන මදි කියල හැම එකාම නිකා ඉන්න පටන් ගනී.

:       0       4

සෙනෙවිරත්න Sunday, 02 March 2025 06:55 AM

ඉන්ධන නැත්නම් ඇරගෙන මොනවා කරන්නද? ගොන් වැඩ නොකර උසාවි නියෝගය කියවලා රටේ ජනතාව ගැන හිතන්න, රටේ පාලකයෝ සහ ජනතාව කැපකිරීම් කරනකොට මස් රාත්තලම ඉල්ලන්න එපා..

:       5       47

karolisSunday, 02 March 2025 07:46 PM

දැන් බලයේ ඉන්න පෙළපාලි රස්තියාදුකාරයොත් ඒ කාලේ ජනතාව ගැන හිතුවා නේද? තමන්ට රිදෙන කොට තමයි ජනතාව ගැන හිතන්න කියන්න මතක් වෙන්නේ...!

:       9       6

Chinthaka Sunday, 02 March 2025 07:31 AM

පොම්පකරුවන් හොරට තෙල් ගැසීමේ වාසියත් බෙදුම්කරුවන්ට ලැබෙනවා උදාහරණයක් ලෙසට වාහනයේ ඉන්ධන ලීටර් දෙකක් තුනක් තිබියදී කෙනෙක් ගිහිල්ලා තමන්ගෙ කාරයට රුපියල් 5000/= ගහන්න කියනවා පොම්පකරු රුපියල් 4000/=ත් 4500/= අතරෙදි මීටරය පමනක් ක්‍රියාත්මක වෙන්න සලස්වනවා එවිට පාරිභෝගිකයා ගෙවූ මුදලින් දහයෙන් එකක් පමණ බෙදුම්කරු ගසාකනවා මේවාටත් නීතියක් ක්‍රියාත්මක කර එලෙස ගසාකෑමත් නවත්වනවා නම් ඉතාමත් හොඳයි... ගරු ඇමැතිතුමාගේ අවදානයට යොමුවේවා..!

:       2       31

gamunu Sunday, 02 March 2025 08:12 AM

සත්‍ය වශයෙන්ම මේ 3% ලංකාවට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ...!

:       12       7

Lalla Sunday, 02 March 2025 09:20 AM

ව්‍යාපාරික ප්‍රජාව මහජන සේවයක් කරනවා කියලත් ඒ සේවය ලබන මහජනතාවට පීඩා කිරීම අපරාධයක් කියලත් නොසිතනවා නම් 69 ලක්ෂයක වරමක් තිබුණු විධායක ජනපති පන්නලා දාපු මහජන මතය ගැනත් හිතන්න ඕනෑ. ඊළඟ පියවර සිපෙට්කෝ ඉන්ධන අලෙවිසැල් වර්ජනය කිරීමට පියවර ගැනීම...

:       1       15

Dilum Sunday, 02 March 2025 10:38 AM

මේ අයව අත්අඩංගුවට අරගෙන රැකියාවලින් ඉවත් කළ යුතුයි. රජය මීට දැඩි පියවර අනුගමනය කළ යුතුයි.

:       3       26

Kamal Koyrala Sunday, 02 March 2025 12:10 PM

උසාවි තීරණයක් නම් මොවුන් උසාවියට අපහාසය කර තිබෙන්නේ වහාම උසාවිය මගින් සදාධාරණයක් කළ යුතුයි

:       0       2

Rifan Sunday, 02 March 2025 12:26 PM

වරදක් නම් වෙලා තියෙන්නේ එක නිවැරදි කරගන්නවා වෙනුවට ඒ වරද දිගටම කරන්න බැහැනේ. වැඩිය දැගලුවොත් වැරදි ලෙස ගෙවූ මුදලත් අය කරගන්න කටයුතු කලානම් ඉවරයි. අනික මෙවැනි සේවාවන් රජ්‍ය ව්‍යාපාර ලෙස පවත්වාගෙන යායුතුයි.

:       2       22

VishwaSunday, 02 March 2025 11:39 PM

අනිවාරෙන්ම ඔව්.මහජන බදු වලින්නෙ කොමිස් ගෙවන්නෙ.පාරිභෝගිකය තමා හරිනම් මේවට කතා කරන්න ඕන නැතුව ආණ්ඩු නෙමේ.ජනතාව දැනගන්න ඕන හරි වැරැද්ද තේරුම් ගන්න.පක්ෂ පාට ඉස්සරහට දාගන බෙදිල බයිලා ගැහුව වගේ නෙමේ අන්තිමට මේවගෙ දුක් විදින්න ඕනිත් ජනතාවම තමා.

:       0       1

අරවින්ද මොණරවිල Monday, 03 March 2025 10:50 AM

වැඩි හරියක් ඉන්ධන පිරවුම්හල් තියෙන්නේ පොහොට්ටුවේ සහ සජබ හිටපු සහ දැන් ඉන්න මන්ත්‍රිවරුන්ට, උන් හැන්ද අතේ තියෙන කාලයේ තමන්ට රිසිසේ බෙදා ගත්ත නමුත් කටු කන සෙට් එකට නම් ඒවා අදාළම නැහැ වගේ.

:       1       2

Sandun Monday, 03 March 2025 11:27 AM

ෆුල් ටැන්ක් කරද්දි අපිහිතමු උදාහරණයක් විදිහට 990 995ක ඉන්ධන ලබා ගත්තා කියලා. කවදාවත් ඉතිරි ලැබෙන්නේ නැනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උපන් ඇඳුමින් කොළඹ සිට පිදුරුතලාගල ගිය තරුණයා අල්ලයි
2025 මාර්තු මස 03 1616 0

ශරීරයේ කිසිදු ඇඳුමක් නොමැතිව නිර්වස්ත්‍රව අධිබල යතුරුපැදියකින් කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරමින් සිටි තරුණයකු මහත් පරිශ්‍රමයක් දරා මාර්ග බාධක යොදා


“සීසන්” මගීන් මඟ දමා ගියොත් 1958ට කියන්න
2025 මාර්තු මස 03 76 0

පාසල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර (සීසන්) ඇති පුරවැසියන් මගහැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට 1958 අංකයට දැනුම් දෙන්න


සංජීව ඝාතනයේ CCTV දෘඪතැටි 2ක් පොලිස් බාරයට
2025 මාර්තු මස 03 387 0

පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය යට අදාල සීසීටිවී දර්ශන ඇතුලත් කොළඹ අලූත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ පරිගණක පද්ධතියට අදාළ දෘඪ


ඉන්ධන පිරවුම්හල්හිමියෝ වර්ජනය අතහරිති
2025 මාර්තු මස 03 1584 0

ඉන්ධන පිරවුම්හල්හිමියන් අද (3) පස්වරුවේ සිට ඉන්ධන තොග ඇනවුම් කිරීම යළි ආරම්භ කළ අතර අද සිට සාමාන්‍ය පරිදි පාරිභෝගිකයන්ට ඉන්ධන ලබාගත හැකි බව ඛනිජ තෙල් බෙ


පවුල් සෞඛ්‍ය සේවාවට අලුත් ගෞරවයක් දෙනවා
2025 මාර්තු මස 03 177 0

මෙරට ක්‍රියාත්මක පවුල් සෞඛ්‍ය සේවාව ජනතාවගේ නිසි ඇගැයීමකට ලක් වුවත් රජයන් විසින් එම සේවයට නිසි ඇගැයීමක් ලබාදුන්නේ ද යන්න ගැටලුවක් බව සෞඛ්‍ය හා ජනමාධ


නව කර්මාන්ත පුර දහයක්
2025 මාර්තු මස 03 599 0

නව කර්මාන්ත පුර දහයක් ඇරැඹීම සඳහා කර්මාන්ත පුර දහයක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මේ වසරේදී ආරම්භ කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අම


වැඩි දෙනා කියවූ පුවත්


රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 20002 50




මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 104 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 425 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 518 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site