IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ඉන්ධන පෝලිම් ඉක්මනට අවසන් කරනවා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රටේ ඉන්ධන පෝලිම් වැඩි දිනක් යෑමට පෙර  අවසන් කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසූයේ බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් පැවති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදී පිළිතුරු කතාව කරමිනි.

ගාමිණි ලොකුගේ මහතා එහිදී මෙසේද සඳහන් කළේය.

අද ගල් අඟුරු හිඟයක් නෑ. තවත් නැව් පහක් එන්න තියනවා. ලෝක වෙළෙඳ පොළේ ගල් අඟුරු මිල වැඩිවෙලා තියෙනවා.

ඉන්ධන සඳහා එදා  ගත්තු ණය සියල්ල අපි ගෙව්වා. එදා  තෙල් ගත්තේ ණයට. දැන් අපි  ඉන්ධන  ගන්නෙ මුදලට. ඒකයි මේ විදේශ විනිමය ප්‍රශ්නයක් ඇතිවුණේ.ජාත්‍යන්තර වෙළෙඳ පොළේ තෙල් මිල දවසින් දවස වැඩි වෙනවා. තෙල් බැරල් එකක මිල රුපියල් දෙසිය  තිහක් වෙලා තියෙනවා.

දැන් පෝලිම් අඩුවෙලා තියෙනවා. සිකුරාද වනකොට මඟහැරලා යාවි. ඉන්ධන අඩුවෙලා කියලා ඇමතිතුමා කියද්දී මිනිස්සු තෙල් වැඩියෙන් ගහ ගත්තා. ඒකයි වුණේ. විදුලිබල මණ්ඩලයට ඉන්ධන ටොන් දහදාහක් ලබා දුන්නා. ලයිට් නොකපා යන්න.

බලාගාර සඳහා දැවි තෙල්  ටොන් තිස්දාහක් ගොඩබෑම ආරම්භ කළා. පිරිපහදුව  අද දුවන්නෙ අඩු ධාරිතාවයකින්. අපි මේ ප්‍රශ්නය කළමනාකරණය කර කරගැනීමට බලාපොරොත්තු වෙනවා.

2030දී පුනර්ජනනිය බලශක්තියෙන් විදුලි අවශ්‍යතාවය සියයට 70 ක් සපුරා ගන්න බලාපොරොත්තු වෙනවා. අද රටට එන සංචාරකයන් ප්‍රමාණය මදි. ඒකයි මේ ආර්ථික අර්බුදය ඇතිවුණේ. අපනයනයෙන් ලැබෙන ආදායමත් මදි. ජනපති ගත් විවිධ තීන්දු නිසා බොහෝ භෝග වලින් රට ස්වයංපෝෂිත වී තිබෙනවා. 

ආයෝජකයෝ නැතුව මේ රට දියුණු කරන්න පුළුවන් කමක් නෑ. අද ලෝකයම අර්බුදයට පත් වෙලා තියෙනවා. මොන ප්‍රශ්න තිබුණත් ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම අපේ අරමුණයි. මෙය ජනතාවගේ අරමුණු සමග කටයුතු කරන ආණ්ඩුවක්. 

විදුලිය කපන්නේ නැතුව ගමන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. විපක්ෂයේ අදහස් වලට ගරු කරනවා. ජනතාව වෙනුවෙන් අපි බාරගත්ත වැඩපිළිවෙළ දිගටම ක්‍රියාත්මක කරනවා. ඉන්ධන පෝලිම් වැඩි දවස් යන්න කලින්  අවසන් කරනවා.



අදහස් (6)

ඉන්ධන පෝලිම් ඉක්මනට අවසන් කරනවා

Sunil Thursday, 10 March 2022 08:42 PM

පස්වෙනිදා වනවිට ඉවරයි කිව්වා... අනිද්දා වෙනකොට ඉවරයි කිව්වා. තවමත් තියෙනවා. මේ රජය තියෙන තාක්කල් තියෙයි.

:       0       0

අසංග Thursday, 10 March 2022 09:41 PM

ආයෙත් පොලිම එන දවස ඉක්මණින් කියන්න ඇමැතිතුමා. ආව ගමන් වැඩපෙන්වන්න. නමුත් ආයෙත් පෝලිම් එනවා. නහින දෙහින කාලේ බණක්, භාවනාවක් කරගත්තා නම් හොඳයි නේද? පරණ පව් හේදෙන්න... !

:       0       0

Kumara Thursday, 10 March 2022 10:38 PM

දවල්ද? රෑද?

:       0       0

wicky Friday, 11 March 2022 02:37 AM

කටේ නරිවාදම් නම් තියෙනවා... වැඩ තමයි නැත්තේ...

:       0       1

Deepal Nirosh Friday, 11 March 2022 05:27 AM

සර් ඊයේ කිව්වා වගේම අද (11) ඉන්ධන පෝලිම් අවසන්, ඔන්න අයි.ඕ.සී ආයතනය අද සිට ඩීසල් රුපියල් 75කිනුයි පෙට්‍රල් රුපියල් 50කිනුයි මිල වැඩිකරලා. දැන් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. බල්ලෙක්වත් තෙල් පෝලිම්වල ඉන්නේ නැහැ. ගරු ඔබතුමාලාට නිවී සැනසිල්ලේ පිරවුම්හලට ගිහිල්ලා කූපන් එකට තෙල් ටික ගහගෙන එන්න පුළුවන්. සුබ අනාගතයක්...!

:       0       1

Sunil Friday, 11 March 2022 08:01 AM

මේ කවදාවත් නොපැමිණෙන ඉක්මණක්.. රටේ ආර්ථිකය බාර ගත්තාම දුක් විඳින්නේ අසරණ ජනතාවයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 309 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 6953 0

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ


තවත් මන්ත්‍රී හතක් මාදිවෙලින් පිටවෙති
2024 නොවැම්බර් මස 23 2141 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ


මෝටර් රථයෙන් ආ අයියා මලෝ ඔයට වැටී මරුට
2024 නොවැම්බර් මස 23 3446 0

කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කිය


මන්ත්‍රී වරප්‍රසාද කැපේ
2024 නොවැම්බර් මස 23 5246 0

මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


ගම්පහ නාඩු පාලන මිල පැනලා
2024 නොවැම්බර් මස 23 1158 0

ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 495 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 710 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1998 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site