ඉඳුරුවේ බස් ත්‍රිරෝද අනතුරින් ත්‍රිරෝද රියේ සිටි තිදෙනකු මිය යෑමට හේතුව කාපට් ඇතිරූ මහ පාරේ මහා වතුර වළක් බව කියන ත්‍රිරෝද රියදුරෝ කොළඹ - ගාල්ල පාරේ ත්‍රිරෝද රිය හරස් කර දැන් උද්ඝෝෂණයක් පවත්වති.
එම වතුර වළ වසා පාර අලුත්වැඩියා කරන ලෙස බලධරයනට කීවත් ඔවුන් එසේ නොකළ නිසා ජීවිත තුනක් අහිමි වූ බව ද විරෝධතාකරුවෝ පවසති.
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො
මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.
වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හාන
මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ඉඳුරුවේ ත්‍රිරෝද රියදුරෝ ගාලු පාර හරස් කරති
ඉමේෂ් Wednesday, 16 September 2015 01:25 AM
හොඳ වැඩක්. අපේ දේවල් අපිම කරගන්න ඕනෑ. නැතුව ඔය ආණ්ඩුවල අයට ඕවා පේන්නෙ නැහැ (නි)
තුෂාර Wednesday, 16 September 2015 02:17 AM
තමන් විසින්ම විසඳුමක් සොයාගන්න එකයි වඩා හොඳ (නි)
ජයන්ත Wednesday, 16 September 2015 02:34 AM
එතකොට ත්‍රීරෝද වලින් අනෙක් වාහන වලට වෙන කරදරයට අපිත් උද්ඝෝෂණයක් කළොත් ලංකාවෙ පාරවල් ඔක්කොම වහන්න වෙයි නේද..? වතුර වළක් තියෙනවා කියලා දන්නවා නම් පරිස්සමට යන්න ඕනෑ. නැතුව ආපු වේගෙන්ම වෙට්ටුවක් දාගෙන යන්න බැහැ.මට නම් පෙන්නන්න බැරි වාහනයක් තමා. අපරාදෙ ජීවිත! (නි)
කැප්පෙටිපොළ Wednesday, 16 September 2015 02:46 AM
ජනගහණයට සාපේක්ෂව අපේ රටේ තරම් ඇමතිවරු වෙන කිසිම රටක නැහැ. නමුත් මේ අය විශාල වශයෙන් මුදල් වියදම් කරලා සුළු පඩියකට බලයට පැමිණ තිබෙන්නේ ජනතාවට සේවය කරන්න කියලා හිතන්න පුලුවන්ද? පව් අහිංසක ජීවිත. අහිංසක ජනතාව මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළයුතුයි. (නි)
ලෝචන Wednesday, 16 September 2015 03:02 AM
කැප්පෙටිපොළට අරගොල්ලන්ගේ කාලේ අමතක වෙලා වගේද? (ම)
සංජීව Tuesday, 15 September 2015 01:20 PM
පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ.රටේ දැවෙන ප්‍රශ්න තව කොච්චරද? (නි)
ලාල් Tuesday, 15 September 2015 01:55 PM
සංජීව, තවත් මොනවා ඉවසන්නද? පොඩි දෙන්නෙකුත් මියගිහින්. (නි)
කමනි Wednesday, 16 September 2015 03:26 AM
වතුර වළ තියනවා කියලා දැනගෙනත් ඒක මැදින් වැඩ දාලා යන්න ගිහින් කරගත්ත වින්නැහියක්? ඔය විරෝධතා දක්වන ත්‍රීරෝද රියදුරෝ දෙන්නෙක් එකතු වුණා නම් මිනිත්තු දහයකින් පොඩි කාණුවක් කපලා වතුර ටික බස්සන්න තිබුනේ නැද්ද? (නි)
ගමගේ Wednesday, 16 September 2015 03:27 AM
මේ වගේ දෙයකදී අපි ඉන්නේ කොතනද කියන එක අපිට අමතක වෙනවා. ඔය අවස්ථාවට මුහුණදුන් රියැදුරා "මම" කියලා හිතන්න. ඇයි මට ඒ අනතුර වළක්වා ගන්න බැරිවුණේ? මගේ ඉවසිල්ල මදි වුණා නේද කියලා හිතන්න බැරිද? අපේ රටේ ගොඩක් රියදුරෝ මාර්ග නීති කඩන්නේ "තමන් පැරදෙන්න" තිබෙන අකමැත්ත උඩ. අනතුරු වෙන්නෙත් ඒ නිසාමයි. 90% රියදුරෝ තමන් ඉදිරියෙන් එන වාහනයට ඉඩදෙන්න කැමති නැහැ. තමන් පහුකරගෙන යන්න හදන වාහනේට ඉඩදෙන්න කැමති නැහැ. (නි)
සමන් Tuesday, 15 September 2015 02:33 PM
වළක් තිබුනා නම් ඒක වහන්න ආණ්ඩුවෙන් එන්නම ඕනෑද? ආණ්ඩුවෙන් එනතුරු තාවකාලික පිළියමක්වත් ඔය කට්ටියට යොදන්න බැරිද? (නි)
සරත් Tuesday, 15 September 2015 02:43 PM
ත්‍රීරෝද අය යූ ටර්න් දාන විදිය දැක්කහම හිතෙනවා එයාලට වෙනම රියදුරු පාඨමාලාවක් පොලිසිය විසින් දියයුතුයි කියලා (නි)
සරත් Tuesday, 15 September 2015 02:45 PM
මේ රටේ තියෙන වාහන කන්දරාවට දාවනය කරන්න ධාවන පථ දෙකක්වත් එක පැත්තකට අවශ්‍යයි .එහෙම නොකලොත් හැමදාම මෙවැනි පුවත් පත්තරේ තියෙයි.(හේ)
රෙජි-සිඩ්නි Wednesday, 16 September 2015 03:42 AM
සමහර රියදුරන් නොසැලකිලිමත් ලෙස වාහන පදවන නිසා තමා මෙවැනි අනතුරු සිදුවන්නේ. අකාලයේ ජීවිත නැතිවන්නේ. (බ)
ඩයස් Wednesday, 16 September 2015 03:44 AM
ත්‍රී විල් නම් සමාජයට හිසරදයක්. පාරේ වලවල් වහ්න්ඩත් ඕනා. (බ)
සමන් Tuesday, 15 September 2015 02:48 PM
මෛත්‍රී කරන්න (හේ)
නුවන් Wednesday, 16 September 2015 03:50 AM
ත්‍රීරෝද රථයේ 6 දෙනෙක් ගමන් කරලා නේද? කොහොමද එහෙම යන්නෙ? ලංකාවෙ දරුවන් වාහන වල කිසිම ආරක්ෂාවක් නැතුවයි හැමවිටම ගමන් කරන්නේ. (නි)
පුබුදු Wednesday, 16 September 2015 04:32 AM
දැන් පාරේ අනතුරු බොහොම වැඩියි. (නි)
තිලක් Tuesday, 15 September 2015 03:31 PM
ත්‍රී වීලර් ධාවනය කරන තරුණ යන් කිසිම හික්මීමක් නෑ, වතුර වලක් ගැන කීවට , හැමතැනම කිසිම මාර්ග නීතියක් අනුගමනය නොකරන අනිත් රියදුන්වත් ,ත්‍රී වීලර් ඇතුලේ යන අයත් අමාරුවේ දානවා , දැන්වත් රජය සහ පොලිසිය මේ යට නීතිය ක්‍රියාත්මක කළ යුතුය (හේ)
ගමගේ Tuesday, 15 September 2015 06:11 PM
පොඩ්ඩක් ඉන්නකෝ මොනවාහරි කරලා දෙයි (නි)
කිත්සිරි Tuesday, 15 September 2015 11:50 PM
අඬන්න ඕනෑලුනේ කිරි එරෙන්න (නි)
නාත් Wednesday, 16 September 2015 12:58 AM
වතුර වළ තියනවා කියලා දන්නවනේ. පරිස්සමෙන් එළවන්නේ නැති එකයි ප්රශ්නය. (නි)