IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ඉපදෙතොත් මෙන්න රට

ලන්ඩනයේ ”ඉකොනොමිස්ට්” ආර්ථික විද්‍යා සඟරාව පවත්වන ලද සමීක්‍ෂණයකින් අනාවරණය වී ඇත්තේ 2013 වසරේදී උපදින්නට හොඳම රට  ස්වට්සර්ලන්තය බවයි. මෙම ලයිස්තුවේ ශ්‍රී ලංකාව හෝ ඉන්දියාව නැත. ඔවුන් පවසන්නේ ස්විට්සර්ලන්තයේ ජීවත්වන්නන් ඉහළ ගුණාත්මක භාවයක් බුක්ති විඳින බවය. ඉතාමත් සතුටින් ජීවත්වන බවය. දෙවැනි තැන ඕස්ට්‍රේලියාවටත් තෙවැන්න නෝර්වේ රජයටත් හිමිවී ඇත. මෙම සමීක්‍ෂණයෙන් ඇමෙරිකාවේ 16 වැනි තැනටත් එංගනත්තය 27 වැනි තැනටත් පත්ව ඇති අතර මුල් රටවල් හතරම ස්කැන්ඩිවෙනියා රටවල් වෙයි. මේ රටවල ජීවත්වන්නන් මෙවන් තැනකට පත්වීමට මුල්වී ඇත්තේ පෞද්ගලික ආදායම් මට්ටමට වඩා රටේ ඇති රාජ්‍ය ආයතනයන්ගේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳ මහජනයා අතර ඇති දැඩි විශ්වාසය, අපරාධ අඩුවීම, ඉහළ මට්ටමක ඇති පවුල් ජීවිතය සහ පරිසරයේ ඇති පවිත‍්‍රභාවයයි. ඒ ඒ රටවල ස්වභාව සෞන්දර්යය, ජන විකාශනය, සමාජයික හා සංස්කෘතික හැඩතල මෙන්ම ආර්ථික තත්ත්වයද මෙම සමීක්‍ෂණයේදී සලකා බලා ඇත. 2013 දී උපදින දරුවන් වැඩිහිටියන් බවට පත්වන 2030 වර්ෂයේදී  ඒ රටවල ඒක පුද්ගල දළ ආදායම පිළිබඳවද මෙහිදී සලකා බලා ඇත. මුලට තේරී ඇති රටවල් සියල්ලම වාගේ කුඩා ආර්ථිකයන් සහිත රටවල් වීමද විශේෂත්වයකි. ඉපදීමට නරකම රට නයිජීරියාවයි.



අදහස් (0)

ඉපදෙතොත් මෙන්න රට

ගයනි Thursday, 29 November 2012 07:06 PM

පිනක් තිබ්බොත් හොදයි (දී)

:       0       0

චන්න Friday, 30 November 2012 08:52 AM

මේවා රටවල් ද

:       0       0

ලහිරු Friday, 30 November 2012 08:59 AM

ජයවේවා

:       0       0

චාමර Friday, 30 November 2012 08:55 AM

මෙන්න රටවල්

:       0       0

චාමර Friday, 30 November 2012 08:55 AM

මේකේ තියෙන්නේ රටවල් 80 ක් විතරයි. ඉතින් ඉපදීමට නරකම රට නයිජීරියාව වෙන්නේ කොහොමද ?? (ස)

:       0       0

ලසන්ත Thursday, 06 December 2012 05:46 AM

මේඩවෙලා වෙන රට වලට යන්න එපා. තව ටික දවසකින් අපේ අට අසියාවේ ආශ්චර්ය වෙනවා අමතකද? (ත)

:       0       0

ලලිත් Thursday, 29 November 2012 07:16 PM

සහතික ඇත්ත (දී)

:       0       0

සරත් Thursday, 29 November 2012 07:13 PM

අපිට කොහෙද එච්චර පිනක් මහත්තයෝ (දී)

:       0       0

රාජිත Friday, 30 November 2012 09:19 AM

මමත් ඔය කතාව අහලා තියෙනවා (දී)

:       0       0

රකිත Monday, 03 December 2012 02:38 AM

සම්පත්, අපිට වඩා යක්කු තව කොහෙද ඉන්නේ? අපිනේ මේ රට හදපු සහ නැති කරපු දේශපාලකයෝ පත්කලේ. රට 63 වුනේ අපේම වරදින්.(දී)

:       0       0

දිනේෂ් Friday, 30 November 2012 09:21 AM

කොහොම හරි ලංකාව නැති එක හොඳයි (ස)

:       0       0

නුවන් Thursday, 29 November 2012 07:29 PM

හරියට ලිස්ට් එක බලන්න... ලංකාවයි, ඉන්දියාවයි නැද්ද කියලා (ස)

:       0       0

සම්පත් Friday, 30 November 2012 09:22 AM

අපි ඉපදෙන මැරෙන රටයි (ස)

:       0       0

චාමර Friday, 30 November 2012 03:26 PM

මටත් ඉපදෙන්න ඇත්නම්....ලබන ආත්මෙවත් ඉපදෙනවා (ස)

:       0       0

සම්පත් Thursday, 29 November 2012 07:35 PM

ජාත්‍යන්තර කුමණ්ත්‍රණයක් (ස)

:       0       0

ගිහාන් Thursday, 29 November 2012 07:50 PM

අපි කොහොමද ඉති ලොකු අතු අල්ලන්නේ (දී)

:       0       0

සම්පත් Friday, 30 November 2012 09:33 AM

දෙයියෝ පිළිගන්න

:       0       0

රිද්මා Thursday, 29 November 2012 07:50 PM

මොකද්ද මේ වාර්තාව (දී)

:       0       0

සිල්වා Thursday, 29 November 2012 07:56 PM

ලෝක ඉතිහාසයෙන් බිඳක් (ස)

:       0       0

රනුක Thursday, 29 November 2012 07:54 PM

අයියෝ සල්ලි

:       0       0

අරුණ Friday, 30 November 2012 09:40 AM

ඔබ ලංකාවත් ඔය තැනට ගෙන්න කැප වෙන්න (දී)

:       0       0

දනපාල Thursday, 29 November 2012 07:59 PM

"මෙම ලයිස්තුවේ ශ්‍රී ලංකාව හෝ ඉන්දියාව නැත." (දී)

:       0       0

සුභා Wednesday, 05 December 2012 12:10 PM

අනේ වාසනාවන් (දී)

:       0       0

චන්දන Thursday, 29 November 2012 08:13 PM

නියමයිනේ සැපට ජිවත් වෙන්න පුළුවන් (දී)

:       0       0

දර්ශන Friday, 30 November 2012 09:49 AM

ලංකා මාතා මාගේ (දී)

:       0       0

ශාමලී Wednesday, 05 December 2012 02:50 AM

ලංකාව හොද නැද්ද (දී)

:       0       0

සම්පත් Friday, 30 November 2012 09:52 AM

සිංහ‍ලයෝ උපදින්නේ ලංකාවේ විතරයි. ඒකම මදැයි (ස)

:       0       0

රානි Thursday, 29 November 2012 08:18 PM

මමනම් කැමති මේ රටින් යන්න (දී)

:       0       0

දිලීප Thursday, 29 November 2012 08:44 PM

මම ලංකාවට ආදරෙයි (දී)

:       0       0

මේනක Friday, 30 November 2012 10:02 AM

කවුරු මොනව කිව්වත්, අපිටනම් ලංකාව තරම් ලස්සන, ජීවත්වෙන්න හොද රටක් නැතෝ.... මමත් රටවල් තුන හතරකට ගිහින් තියෙනව. සසදනකොට වැරැද්දක් පොනේනම් රටේ නෙවේ. දේශපාලුවන්ගෙ විතරයි..(ස)

:       0       0

ජනක් Thursday, 29 November 2012 08:55 PM

ලංකාව නැ කිව්වට ඔය 63 ට තියෙන්නේ

:       0       0

දුමිත් Friday, 30 November 2012 10:37 PM

මම දන්න විදියට සංචාරයට සුදුසු රටවල් 3 යි. නොර්වේ, ස්වීඩන්, පින්ලන්තය (ස)

:       0       0

කෝසල Tuesday, 04 December 2012 05:40 PM

දැන ගත්ත එක හොදයි (දී)

:       0       0

ශ්‍රියානි Thursday, 29 November 2012 08:56 PM

මගේ රට තරම් රටක් මට නැත. ඔය සමීක්ෂණ කරන අය මනින්නේ මිනිසුන්ගේ සල්ලි වත්කම් ආධායම් නේ. මිනිසුන්ගේ මානසික සුවය දෙමාපියන්ට සැලකීම වැනිදේ ඔවයේ හොයන්නේ නැහැ ඔවා එතරම් සැලකිය යුත නැහැ (ස)

:       0       0

කෝසල Tuesday, 04 December 2012 05:40 PM

මම විරුද්දයි , ලාංකිකයෝ හැටියට අපි කවදාත් ඉඅපදෙන්න ඕනේ ලංකාවේ (දී)

:       0       0

වසන්ත Friday, 30 November 2012 03:47 PM

ලංකාවත් මේ තැනට ගෙන්න (දී)

:       0       0

අංජුල Friday, 30 November 2012 10:17 AM

අපි උත්සාහ කරන්න ඕනේ මෙම වෙන්න( දී)

:       0       0

ගාමිණි Thursday, 29 November 2012 09:02 PM

ලංකාවමේ තත්වයට ගන්න අපි මොනවද කරන්න ඕනේ (දී)

:       0       0

නිකුම් Friday, 30 November 2012 10:18 AM

නැත අපි ලංකාව කොහොමහරි මේ තත්වයට ගන්න ඕනේ (දී)

:       0       0

රණවීර Thursday, 29 November 2012 08:57 PM

අනේ මටනම් මගේ සිරිලංකාව හොඳයි (ස)

:       0       0

ලක්මාල් Friday, 30 November 2012 10:18 AM

අපේ රට ගෙන අපිට ආඩම්බරයි. මතක තිය ගන්න මේ රට උතුම් රටක් , ඉවසන්න මේක යුද්දයක් තිබුන රටක් , එක ඉවරයි ඉන්න , අපේ රටේ එකම සම්පතක්වත් ප්‍රමාණවත් අදායමක් ගෙන්න පුළුවන් හැකියාවක් නැහැ , හැබයි සම්පත් ගොඩයි , මගේ රටට ජය (ස)

:       0       0

රකිත Friday, 30 November 2012 10:20 AM

අප හද පණ ගැහෙන රටයි..පණනම් ගැහෙන බව ඇත්ත.(ස)

:       0       0

කපිල Friday, 30 November 2012 10:23 AM

සුභපතනවා මම

:       0       0

හිල්ම් Thursday, 29 November 2012 09:19 PM

ඉපිද මැරේ යලි ඉපිදේ

:       0       0

ප්‍රසන්න Friday, 30 November 2012 03:59 PM

මමනම් කියන්නේ ලංකාවට ගහන්න රටක් නැත කියලාමගේ මව් රටට ජයවේවා (දී)

:       0       0

නුවන් Thursday, 29 November 2012 09:21 PM

ලෝකෙන් උතුම්රට ලංකාවයි කියලා කිව්වට දැන් ඒක වෙනස් වෙලා (ස)

:       0       0

ඩයස් Friday, 30 November 2012 04:02 PM

හොදින් ජිවත් වෙනවානම් කොයිම් රටත් එකයි (දී)

:       0       0

සම්පත් Friday, 30 November 2012 10:30 AM

යක්කුන්ට බයනම් ලංකාවේ ඉන්න බෑ රකිත (ස)

:       0       0

නුවන් Friday, 30 November 2012 10:39 AM

ඒ ටොප් ලිස්ට් එකේ රටවල් අනිත් රටවල් වලට ගිනි දීලා ආතල් එකේ ඉන්න රටවල්... ඉතින් එයාලගේ ජීවිත ෆන්ම තමා...(ස)

:       0       0

පනාගොඩ Thursday, 29 November 2012 09:32 PM

ආසියාවේ ආශ්චර්‍යය‍ කොතනද තියෙන්නේ (ස)

:       0       0

ජගත් Friday, 30 November 2012 10:41 AM

ලබන පාර බලමු

:       0       0

ශාන්ති Friday, 30 November 2012 10:49 AM

මට ලංකාව හොදයි (දී)

:       0       0

අමිල කටුනායක Thursday, 29 November 2012 09:51 PM

සංක්‍රමණය වෙනවනම් හොඳම රට කුමක්ද ? (ස)

:       0       0

මහින්ද Thursday, 29 November 2012 09:52 PM

මමනම් කියන්නේ ඉපදුනොත් ලංකාව කියලා (දී)

:       0       0

ෂෙල්ටන් Friday, 30 November 2012 10:59 AM

එතකොට ලංකාව

:       0       0

ජයත් Friday, 30 November 2012 11:08 AM

ලංකාවේ දේශපාලකයෝ රටේ ජනතාවගේ මුදල් හොරා කන්නේ නැතුව රට හදන්න අවංකවම කැප වෙනවා නම් අපි මේ තරම් පහළ අඩියකට යන්නේ නැහැ. එයාලා බලන්නේ කීයක් හරි හොරා කන්න. කාලා උපාසකයෝ වගේ ඉන්නවා. පන්සල් පල්ලි වල ලොකුවට පූජා කරනවා. ජනතාව ගොනාට ඇන්දවෙනවා. මේවා නැති වෙනකම් අපි හැමදාම වලේ. කාටවත් බැනලා වැඩක් නැහැ. අවංක චේතනාවෙන් හැම දෙයක්ම කරනවානම් මැරෙනකොට හරි සතුටු වෙන්න පුළුවන්. (නි)

:       0       0

නිමල් Thursday, 29 November 2012 09:58 PM

මමනම් ප්‍රාර්ථනා කරන්නේ හොද තැනක ඉපදෙන්න කියලා (දී)

:       0       0

ආරච්චි Friday, 30 November 2012 11:03 AM

සහතික ඇත්ත (දී)

:       0       0

ගාල්ලගේ Friday, 30 November 2012 11:06 AM

ආසියාවේ අස්චාර්ය තියෙන්නේ ස්විස් වලද?. (ස)

:       0       0

අමිල කටුනායක Thursday, 29 November 2012 10:04 PM

අයියෝ මම හිතුවේ 1 බලුකිස්තානය කියලා, 2 ස්වාසි ලන්තය, 3 උගන්ඩාව කියලා..(ස)

:       0       0

ලුම්බිණි Friday, 30 November 2012 11:20 AM

නැවත වරක් බලන කොටයි දැක්කේ සිංගප්පුරුව 6 වෙනි තැන කියල. ඒ අනුව බලන කොට මේ දත්තයන් ගැන පොඩි සැකයක් ඇති වෙනවා. (ස)

:       0       0

බණ්ඩාර Friday, 30 November 2012 11:25 AM

කොහොමද ඒ රටවල් ඒ තරම් හොද උනේ (දී)

:       0       0

අජිත් Thursday, 29 November 2012 10:18 PM

අපිට කොහෙන්ද ඒ තරම් පිනක් (දී)

:       0       0

මහේෂ් Thursday, 29 November 2012 10:13 PM

එතකොට ජිවත් වීම තිතම රට අපේ රට ද? ඇත්ත නේ! (ස)

:       0       0

දමිත් Friday, 07 December 2012 12:11 AM

ඔය මොනවා කියුවත් ලංකාව තරම් හොද රටක් තියෙනවාද (දී)

:       0       0

රුවන් Thursday, 29 November 2012 10:19 PM

ඉංජිනේරුවෙක් වශයෙන් මම කීයක් හරි ඉතුරු කලා ලංකාවෙදි , කැනඩාවට ආවට පස්සේ සතයක් ඉතුරු කරන්න බැහැ. පරිසරය පිරිසිදුයි , දුෂණය අඩුයි . සල්ලි අතේ නැත්නම් , රටේ ලොකුව කන්නද . ලංකාව ඉතා හොදයි , මිනිස්සු ආචාරසීලි නම් වටිනවා.(ස)

:       0       0

සමන් Thursday, 29 November 2012 10:25 PM

ලංකාවේම ඉපදේවා (දී)

:       0       0

සීලන්ස් Friday, 30 November 2012 11:38 AM

හැම රටකම හොඳ නරක දෙකම තියෙනවා. හැබයි අපි තමා හොඳම අය, අනිත් අය හොඳ නැහැ වැනි කමෙන්ට් දාපු අය පොඩ්ඩක් හිතන්න: මාර්ග නීති හරියට රකින, නලාව පාවිච්චි නොකර නිහඬව වාහන එලවන, කැෂියර් කෙනෙක් නැති වෙළඳ සලකින් තමාම ගෙවා බඩු ගන්න, පිළිවෙලට පෝලිමට ගිහින් වැඩක් කරගන්න - අපේ රටේ මිනිස්සු මෙහෙම ද ?(ස)

:       0       0

අකිල Thursday, 29 November 2012 10:45 PM

ලංකාව තරම් රටක් කොහෙන්ද අපිට

:       0       0

බණ්ඩාර Saturday, 01 December 2012 04:23 AM

ලංකාවත් මෙහි ඉහල ස්ථානයකට ගන්න උත්සාහ කරන්න (දී)

:       0       0

මුතුකුඩ Thursday, 29 November 2012 10:50 PM

ලංකාවත් මේ වගේ තමයි කොතරම් නම් සුන්දරද? නමුත් මිනිසුන්ගේ ක්‍රියාකලාපයන්..?(නු)

:       0       0

පද්මිණි Friday, 30 November 2012 11:56 AM

මමත් ආසයි වෙන රටකට පදිංචියට යන්න (දී)

:       0       0

සුරංග Thursday, 29 November 2012 11:24 PM

ඇත්තටම ලෝකයේ බොහොම නිහතමානී මිනිස්සු ඉන්නේ මේ ස්විස් වල තමයි..!(නු)

:       0       0

සනත් Sunday, 02 December 2012 03:31 PM

ලංකාව දාල ගිය අයටයි,රැකියාවකට හරි පිටරටක ගිය අය විතරයි මේ පින් බිමේ සැබෑ අගය දන්නෙ. පොදුවෙ ආසියානුවන්ට සලකන විදිහ දන්නෙ ඒ අය විතරයි. ඊට අමතරව පිටරටවල උදවියත් 1505 ඉඳලම මේ රටේ අගය දන්නවා....තුන් වෙනි තැන ලබාගෙන ඉන්නවා කියන නොර්වේ උනත් මේ රටේ අගය...දැනගෙන තමයි කොටි එක්ක එකතු වෙලා ඉල්මනයිට් ඇතුළු ඛණිජ සම්පතයි,මත්ස්‍ය සම්පතයි බිලි ගන්න හැදුවෙ.....(ස)

:       0       0

සෙනරත් Thursday, 29 November 2012 11:24 PM

ඇත්ටම ලෝකයේ හොදම මිනිසුන් ඉන්නේ ස්විස් වල බොහොම නිහතමානී මිනිසුන් තමා මේ අය..!(නු)

:       0       0

සුරංග Thursday, 29 November 2012 11:46 PM

මේකේ අදහස් දාන අයට ලංකාව වටින්නේ නැති උනාට ලංකාව තරම් උතුම් රටක් වෙන කොහෙවත් නැහැ.. ඔයිට වැඩියෙන් හොදයි උඩබලාගෙන කෙල ගහගත්තානම්..!(නු)

:       0       0

ඩබ්.කේ.ප්‍රේමරත්න Thursday, 29 November 2012 11:45 PM

කිසි ගැටලුවක් නැහැ මම හැමදාම ආඩම්බරයි ලාංකිකයෙකු වීම ගැන.. ඔවුන්ට තියෙන්නෙ මුදල් පමණයි.. නමුත් අපට මුදලට වඩා වටිනා බොහෝ දේ තියෙනවා..!(නු)

:       0       0

මිලින්ද Friday, 30 November 2012 12:11 PM

මටත් ඒ කාරනාවනම් හිත්තිලා තියෙන්නේ (දී)

:       0       0

ගයාන් Saturday, 01 December 2012 07:10 AM

ස්විට්සර්ලන්තය සහ ඕස්ට්‍රේලියාව ස්කැන්ඩිනේවියන් රටවල් නොවේ. (නි)

:       0       0

සනත් Friday, 30 November 2012 12:17 PM

පින් කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතුවාසනා වේවා (දී)

:       0       0

ජී.එම්.නිරෝධ සිල්වා Friday, 30 November 2012 12:26 AM

එතකොට 63 හා 66 මොනවාද?(නු)

:       0       0

දූමි Sunday, 02 December 2012 04:25 PM

ඉපදීමට නරකම රට ශ්‍රී ලංකාවයි .(ස)

:       0       0

ලසන්ත විතානගේ Friday, 30 November 2012 12:30 AM

පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය , ලොව අන් සියලු දිවයින් මේකට යට ය !!(නු)

:       0       0

ලකී Friday, 30 November 2012 12:36 PM

ඔය කොච්චර කියුවත් ලන්කාව තරම් මොන රටක් වත් හොද නැහැ (දී)

:       0       0

තිලක් Friday, 30 November 2012 12:47 AM

මොන පිස්සුද. මිනිස්සු කොච්චර හොඳ උනත් අයිස් වැටෙන සීතල හය මාසයක් වගාවක් කල නොහැකි කබල් රටවලට වඩා ලංකාව කොච්චර හොඳද. අපි හැදෙමු එතකොට රට හොඳ වෙයි අඳුරට නොබැන තම තමන්ට හැකි ලෙස එක පහනක් හෝ දල්වන්න.(නු)

:       0       0

නදින්ද්‍ර Friday, 30 November 2012 12:55 AM

මේ පුවත වැරදියි. ජීවත් වෙන්න හොදම රට ලංකාවයි.. මේක ආසියාවේ ආශ්චර්යය..අනික ඕස්ට්‍රේලියාව ස්කැන්ඩියන් රටක් නෙමෙයි. (නු)

:       0       0

ශාන් ඉතාලිය Friday, 30 November 2012 01:08 AM

බොක්ෂිං වගේ ක්‍රීඩාවක නම් හොදම පරාජිතයා තෝරලා එයාටත් තෑග්ගක් දෙනවානේ... ඒ වගේ දෙයක්වත් අපේ ලංකාවට දෙන්න බැරිද?(නු)

:       0       0

වෙනුර Friday, 30 November 2012 01:09 AM

අපේ රට සම වෙලා තියෙන්නේ මස් කන රටක් එක්කනේ..!(නු)

:       0       0

කීර්ති Friday, 30 November 2012 01:19 AM

ලක් මාතාව මේ තරම් හෑල්ලුවට ලක් උනේ බල ලෝභී දේශපාලනය නිසයි..!(නු)

:       0       0

පී.එස්.කැටවල Friday, 30 November 2012 01:22 AM

මේ ලැයිස්තුවේ 63 ස්ථානයට තියෙන්නේ ලංකාව.. හොද තත්ත්වයක්.. ආසියාවෙන්මෙ දෙවැනි ස්ථානයට ඉන්නවා තව වසරකින් බලන්නකෝ.. ලංකාව ඉස්සරහට යයි ඔහොම යං...!(නු)

:       0       0

දයාරත්න Tuesday, 04 December 2012 08:36 PM

නිදාහසේ ඉන්න ලැබෙන රටක් නම් එච්චරයි (දී)

:       0       0

ඩි.ජේ.ඉන්දික මිලානෝ Friday, 30 November 2012 01:29 AM

මට මගේ රට ඔය මොනලන්තයටත් වඩා හොදඉ.මම යුරොපේ රහ හොදට දන්නො.තමන් උපන් රටට අපහාස නොකරන්න යාලුවනේ.(නු)

:       0       0

මහික Friday, 30 November 2012 01:11 PM

අනේ වාසනාවන් (දී)

:       0       0

ඉමල්ක Friday, 30 November 2012 01:46 AM

මමනම් නැවත ඉපදෙනවානම් ලංකාවේම ඉපදේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ..කොච්චර සැප ලැබුනත් පිරිසිදු බුදු දහම නැති රටක ඉපදිලා මිථ්‍යා දුෂ්ටියෙන්ම අන්ධයෙක් වගේ මිය යන එකේ තේරුමක් තියෙනවාද?(නු)

:       0       0

මාලක Friday, 30 November 2012 01:10 PM

කෝ ලංකාව

:       0       0

සුසන්ත Friday, 30 November 2012 02:20 AM

ඔය ගොල්ලන්ට සාමාන්‍ය දැනීමවත් නැද්ද? ඕස්ට්‍රේලියාව ස්කැන්ඩිනාවියා රටක් නෙවෙයි..!(නු)

:       0       0

චුලා Friday, 30 November 2012 01:12 PM

උතුම් ලංකාව හැර යන්නේ නැහැ (දී)

:       0       0

කසුන්-ලක්සම්බර්ග් Friday, 30 November 2012 02:26 AM

මේ කතාවනම් හරියටම හරි මම වැඩ කරන ආයතනයට සේවා ලබා ගැනීමට නිතර එන ස්විස් ජාතික යුවලක් මගෙ මතකයට ආව මේක දැක්කම, ඔවුන්ගේ හැසිරීම කතාබහ සහ පහල මට්ටමේ පුද්ගලයෙකුට වුවත් සලකන විදිය දැක්කම මේක ඇත්ත බව මටනම් පැහැදිලියි.මේ ස්කැන්ඩිනේවියානු රටවල පුද්ගලයන් කොහොමත් මිත්‍රශීලි එවගේම අනිත් අයට ගරුකරන මිනිසුන්..(නු)

:       0       0

නාලක Friday, 30 November 2012 01:13 PM

ලෝකෙන් උතුම් රට ලංකාවයි (දී)

:       0       0

සුසන්ත - ඉතාලිය Friday, 30 November 2012 02:53 AM

ලංකාවෙ ඉඳන් එහෙ ඉපදෙන්නෙ කොහොමද..?(නු)

:       0       0

නිලා Friday, 30 November 2012 01:14 PM

මොන ප්‍රශ්නය තිබ්බත් තමන් ඉපදෙච්ච රට තරම් හොද රටක් වෙන නැහැ (දී)

:       0       0

සුසන්ත - ඉතාලිය Friday, 30 November 2012 02:59 AM

ඉපදීමට නරකම රට නයිජීරියාවලු. මේ ලැයිස්තුවෙ ශ්‍රි ලංකාව හෝ ඉන්දියාව නැතිලු. එතකොට ලංකාව නයිජීරියාවටත් වඩා අන්තයි ද...? (මට තේරුණ හැටි)(නු)

:       0       0

සුපුන් Friday, 30 November 2012 01:22 PM

එහෙම කියනවාට මම විරුද්දයි (දී)

:       0       0

අනුශ්ක එරංග Saturday, 01 December 2012 03:38 PM

ඔක්කොටම කලින් ලද දෙයින් සැහෙන්න හිතන්න. එතකොට ලොකේ කොහෙත් ජීවත් වෙන්න පුලුවන්. (ස)

:       0       0

විසල් අබේනායක Friday, 30 November 2012 04:07 AM

අංක 63 ලංකාව සහ 66 ඉන්දියාව..

:       0       0

ලංකේෂ්වර Friday, 30 November 2012 04:13 AM

අවුරුදු පහලොවක්ම මේකේ ඉඳලා අද තමා දැනගත්තේ ඕස්ට්‍රේලියාවත් ස්කැන්ඩිවෙයන් රටක් කියලා. දැන් ඉතින් ඒයි බුරුතු පිටින් මේකත් ලංකාවක් හරි ඉතාලියක් හරි කරන්න.(නු)

:       0       0

රකිත Friday, 30 November 2012 04:27 AM

මොනවා ආසියාවේ ආශ්චර්ය 63 වෙනියා. හැබැයි සිංගප්පුරුව ඉන්නවා 6 වෙනියට. වෙන්න බෑ. මේක අන්තර්ජාතික කුමන්ත්‍රණයක්.(නු)

:       0       0

ගැමුණු Friday, 30 November 2012 04:38 AM

මැරුණ විගස ස්විස්ටර්ලන්තයේ උප්පත්තිය සහතික නම් දැං මැරෙන්න කවුද ලැහැස්ති කියා දන්වන්න.. මට නම් ඕන සිනමා නළු ජෝන් වෙයින් හෝ මර්ලෝන් බ්‍රන්ඩෝ ගේ කාලෙට ගිහිංලා ඇමරිකවෙ නලුවෙක වෙන්න..(නු)

:       0       0

ගැමුණු Friday, 30 November 2012 04:34 AM

සාමාන්‍ය දැනීම නැති නිසානෙ ලංකාවෙ ඉපදුනේ..(නු)

:       0       0

සුසී Friday, 30 November 2012 04:35 AM

මෙම ලයිස්තුවේ ශ්‍රී ලංකාව හෝ ඉන්දියාව නැත.- එතකොට 63 හා 66?(නු)

:       0       0

දාස Friday, 30 November 2012 04:48 AM

ආශ්චර්යය ලොවෙත් නැහැ.. ලොවි ගහෙත් නැහැ..!(නු)

:       0       0

සුජාත Friday, 30 November 2012 05:01 AM

ලංකාව කෝ

:       0       0

සරත් Friday, 30 November 2012 04:54 AM

ලංකාව නැහැනේ (දී)

:       0       0

කුමාර Friday, 30 November 2012 05:56 AM

ලංකාව මේ ලයිස්තුවේ උඩට ගන්න උත්සාහ කරමු (දී)

:       0       0

උදයංග Thursday, 29 November 2012 05:59 PM

මෙහේ ඉන්න දේශපාලකයොත් එක්ක මොන සංවර්ධනද අනේ? (නි)

:       0       0

ජීවන Friday, 30 November 2012 06:15 AM

හලෝ ලංකේෂ්වර, ඕස්ට්‍රේලියාව ස්කැන්ඩිනේවියන් රටක් නොවේ. (නි)

:       0       0

උපුල් Thursday, 29 November 2012 05:56 PM

ලංකාවට මම ආදරෙයි (දී)

:       0       0

නන්ද හිමි Friday, 30 November 2012 07:31 PM

අපේ රට වාගේ සම දේශගුණික තත්වයක් තියෙන රටක් මේ ලෝකෙ කොහෙවත්නැ ඒවාගේම අපේ රටේ වාගෙ කම්මැලි මිනිසුන් ඉන්න රටක් මේ ලෝකේ කොහෙවත් නැතුවඇති ????(ස)

:       0       0

හර්ෂණ Thursday, 29 November 2012 06:06 PM

ආශ්චර්යවත් ලංකාව ලොවෙත් නැහැ නේද? (නි)

:       0       0

ලුම්බිණි Friday, 30 November 2012 07:00 AM

මේකට අනුව, අඩුම වශයෙන් දකුණු ආසියාව ගත්තොත් ලංකාව තමා හොඳම රට තවමත් උපදින්න. (ස)

:       0       0

ඉන්දික Thursday, 06 December 2012 06:47 PM

මෙහෙත් දැන් මෝඩයොද මන්දා ඉන්නෙ? (නි)

:       0       0

හේමන්ත Thursday, 29 November 2012 06:06 PM

යන්න නම් එපා අපේ අය එහේ ගියොත් ඒ රටෙත් වෙයි වගේ මෙහේ... (නි)

:       0       0

සුවාරිස් Thursday, 29 November 2012 06:06 PM

අනේ මාත් ස්විට්සර්ලන්තයේ ඉපදුනා නම්... (නි)

:       0       0

නදුන් Friday, 30 November 2012 07:26 AM

මේ ලැයිස්තුව කොහෙන්ද (දී)

:       0       0

බන්දුල Friday, 30 November 2012 07:37 PM

ලංකාවට පළ‍මුවැනි තැනට එන්න නම් තව කල්ප ගණනාවක් බලාගෙන ඉන්න වෙනවා. (නි)

:       0       0

කල්ප Friday, 30 November 2012 07:23 AM

ඇත්ත කතාවක් (දී)

:       0       0

නිලන්ත Thursday, 29 November 2012 06:10 PM

ශ්‍රී ලංකාව කීවෙනියද? 63? ආපෝ! (නි)

:       0       0

සසික Tuesday, 04 December 2012 10:15 PM

මම හිතන්නේ ශ්‍රී ලංකාව තමයි නියම රට. ලංකාව ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා (ස)

:       0       0

රනිල් Thursday, 29 November 2012 06:10 PM

අයියෝ ලංකා (දී)

:       0       0

චමිලා Thursday, 29 November 2012 06:17 PM

ලබන ආත්මයේදී එහෙනම් මෙහේ ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. (නි)

:       0       0

කමල් Thursday, 29 November 2012 06:12 PM

ශීතලනේ උහුලන්න බැරි. (නි)

:       0       0

කිත්සිරි Friday, 30 November 2012 07:43 AM

"මෙම ලයිස්තුවේ ශ්‍රී ලංකාව හෝ ඉන්දියාව නැත." මේ දාල තියන ලිස්ට් එකේ සම 63 වෙනි ස්ථානෙ පිලිපීනෙත් එක්ක "SRI LANKA" කියල තියන රට මොකක්ද එතකොට? 66 ඉන්දියාව ත් තියනවා (ස)

:       0       0

අනුර Thursday, 29 November 2012 06:19 PM

ඉක්මණින්ම මැරෙන්න ඕනෑ රට නම් ලංකාව. (නි)

:       0       0

අමල් Friday, 30 November 2012 07:47 AM

මට නම් හිනාත් යනවා (දී)

:       0       0

ප්‍රසන්න Friday, 30 November 2012 02:22 PM

සල්ලි තියෙනවානම් ඕනා රටක් හොදයි (දී)

:       0       0

ජෝසප් Thursday, 29 November 2012 06:20 PM

කවුද ඔය ලැයිස්තුව හදලා තියෙන්නේ (දී)

:       0       0

පියුමි Friday, 30 November 2012 08:05 AM

සුභපතනවා මම එවන් රටකට යන්න ඔබට (දී)

:       0       0

සුසන්ත Friday, 30 November 2012 02:34 PM

මේ ප්‍රවෘත්තිය හොඳයි, එත් ලංකාව සහා ඉන්දියාව මෙහි තියෙනවා

:       0       0

සංජිව Tuesday, 04 December 2012 12:53 PM

ලංකාව කීවෙනි තනටද ඉන්නේ (දී)

:       0       0

අජිත් Friday, 30 November 2012 08:12 AM

මමත් කමති එවන් රටක ඉපදෙනවානම් (දී)

:       0       0

ලලිත් Friday, 30 November 2012 02:35 PM

මමත් යනවා ඒ රටට (දී)

:       0       0

දයාරත්න Wednesday, 05 December 2012 04:32 PM

ලංකාවට එහා රටක් කොහෙද මල්ලි (දී)

:       0       0

ඉදිකා Friday, 30 November 2012 08:34 AM

ලංකාව හොදයි දැන් කෝ යුද්දය (දී)

:       0       0

සරත් Friday, 30 November 2012 08:29 AM

අපිට පුළුවන් අර අය නැත්නම් .....(ස)

:       0       0

ඉන්දික Friday, 30 November 2012 08:36 AM

මේ රට අපිට හොදයි

:       0       0

තිළිණි Friday, 30 November 2012 02:42 PM

ලෝකෙන් 63 වෙනිය‍ට උතුම්ම රට ලංකාවයි (ස)

:       0       0

සුනීතා Friday, 30 November 2012 08:50 AM

මෙම ලයිස්තුවේ ශ්‍රී ලංකාව හෝ ඉන්දියාව නැත.(ස)

:       0       0

සනී Friday, 30 November 2012 08:44 AM

මෙම ලයිස්තුවේ ශ්‍රී ලංකාව හෝ ඉන්දියාව නැත.63 ,66

:       0       0

උපුල් Thursday, 29 November 2012 07:06 PM

අපි ඉපදෙන්නෙත් ම්රෙන්නෙත් මගේ උත්තම ශ්‍රී ලංකාවේ පමණයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 368 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 952 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1425 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 192 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 789 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 904 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39355 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25655 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 343 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site