පොලොන්නරු යුගයේ කාසි නිර්මාණය සදහා උපයෝගි කරගත් අච්චුවක් සොයා ගත් බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය පි‍්‍රයශාන්ත ගූණවර්ධන මහතා පවසයි.
“මේ කාසි නිර්මාණය සදහා භාවිතා කළ බව පැහැදිලියි. කුමන හෝ ලෝහ වර්ගයක් රත්කර මේ කුහර වලට දමා පසුව සිල් එකක් ගසා ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ කාසි කුමන කාලේ කොයි වර්ෂයේ නිර්මණය කළාදැයි දැන් කියන්න අමාරුයි. ඇතැම් විට අනුරාධපුර යුගයටත් පෙර හෝ පොලොන්නරු යුගයෙදි විය හැකියි. නමුත් දැනට අනුරාධපුර යුගයටත් පෙර හා පොලොන්නරු යුගයටත් පෙර මේ ප‍්‍රදේශයේ ජනාවාස තිබු බවට අපට කැණීම් වලින් තොරතුරු ලැබෙනවා“
පොලොන්නරු රාජධානියේ සංරක්ෂණ කටයුතු පසුගිය වසරෙ දි ආරම්භ කළේ මධ්‍යම සංස්කෘතික අරමුදලයි. ඒ සඳහා පස් අවුරුදු විශේෂ පරික්ෂණ ව්‍යාපෘතියක් ඇරැඹිණි. මහාචාර්ය ගුණවර්ධනට එංගලන්තයේ ඩර්හැමේ විශ්ව විද්‍යාලයයේ සහායද ලැබෙයි.
පොලොන්නරුව අංක 2 පර්යන්ත කලාපයේ සිට පැරණි නගරය ඇතුළු ප‍්‍රදේශය කිලෝමීටර් 50ක සිමාවේ පුරාවිද්‍යාත්මක කැණිම් සඳහා හඳුනාගත් ප‍්‍රදේශ පිළිබද පළමු වර්ෂයේ වාර්තාව එංගලන්තයේ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොබින් කනින්හැම් මහතා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසමි මහතාට බාර දුන්නේය. මෙම ව්‍යපෘතිය යටතේ පුරාවිද්‍යා විශේෂ උපාධිධාරි සිසුන්ට සහ මධ්‍යම සංකෘතික අරමුදලේ පුරාවිද්‍යා නිලධාරින් ඇතුළු පනහස් දෙනෙකුට විශේෂ පුහුණුවක් ලබා දෙයි. ඒ අනුව ඒ අනුව පසුගිය (05) දින සිට මාසයක් කැණීම් කටයුතු සිදු වෙයි. ඉන්දියාවේ බරොඩා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගොපාල් මහතා ද, නේපාල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද, බංගලිදේශය ඉන්දුනිසියා පුරාවිද්‍යා නිළධරයෝ ද මේ සදහා සහභාගි වෙතියි මහාචාර්ය පි‍්‍රයශාන්ත ගුණවර්ධන මහතා කියයි.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉපැරණි කාසි අච්චුවක් පොලොන්නරුවෙන්
චන්ද්‍ර වීරසිංහ Sunday, 10 July 2016 08:02 PM
මුදල් භාවිතය පොළොන්නරු යුගයේ තිබුනා නම් ඒවායේ නම් මොනවාද? අපි නිතරම හිතන්නේ කහවණු, පගෝදි වගේ නම් ගැන පමණයිනේ (නි)