IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ඉපැරැණි සෑයක් අම්පාරෙන් මතුවේ

අම්පාර මාදුරු ඔය රක්ෂිතයේ හෙනන්නේගල සංඝාරාමය. සංරක්ෂණයෙන් පසු වන්දනා කටයුතු සඳහා පූජා කෙරේ.

යුදමය වාතාවරණයක් පැවති වකවානුවේ හෙනන්නේගල‍

කොටි ත‍්‍රස්තවාදීන්ගේ කඳවුරක් පිහිටි තැනකි.

මෙහි පර්වතය තරමක් තරණය කළ පසු හමුවන ගඩොලින් තැනූ කුඩා දාගැබක් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානයට යොමු වූයේ මෙය අනුරාධපුර අවධියේ මුල් භාගයට අයත් වීමත් එම අවධියට අයත් දාගැබේ සාධක ගර්භයේ මුදුන් මට්ටම දක්වාම මැනවින් ආරක්‍ෂා වී පැවතීමත් නිසා යැයි පුරා විඳඥයෝ කියති.

 

එතරම් පැරණි දාගැබක සම්පූර්ණ ගර්භයේ සැලැස්ම මැනවින් ආරක්‍ෂා වී තිබුණේ එම දාගැබ ස්වභාවික ගල් ලෙනකට ආවරණය වී පැවතීම නිසාය.

අව් වැසි හා සුළගින් වන උපද්‍රව අවම වීම හේතුවෙන් දැගැබෙහි පුරාණ කපරාරුව පවා ඇතැම් තැන්වල ශේෂව පැවතුණි.

එහෙත් වාසනාවකට දාගැබේ සමස්ත හැඩය හඳුනාගත හැකිවන පරිදි නිධන් සොයන්නන් ගර්භොයේ තුළට විශාල බෙනයක් මෙන් හාරා තිබුණි.

විහාරාධිපත ගෝනවල සුදස්සිලංකාර හිමියෝ මෙම දාගැබ සංරක්‍ෂණය කිරීමේ වැදගත්කම අවධාරණය කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් දාගැබේ සංරක්‍ෂණ කටයුතු ආරම්භ කිරීමට තීරණය කරන ලදී.

මේ ස`දහා ඇතුළු කෝට්ටේ ඉංජිනේරු ජයන්ත සමරසිංහ මහතා සිය පෞද්ගලික ධනය පරිත්‍යාග කිරීමට ඉදිරිපත් විය. එපමණක් නොව ඔහු

බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම් එම්.කේ.බී. දිසානායක සහ, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක යන මහත්වරුන්ගේ සහභාගී වූහ.

 

සංරක්‍ෂිත දාගැබ ආසන්නයේ පර්වත මුදුනේ ප‍්‍රාථමික ගුහා චිත‍්‍ර නමින් චිත‍්‍ර රාශියක් ද දක්නට ලැබේ.

මීට අමතරව ගල් ලෙන් රාශියක් ද මෙම ස්ථානයේ දක්නට ලැබෙන අතර ඉන් එක් ලෙනක ගඩොලින් තැනූ ලෙන් කුටියක් මැනවින් සුරක්‍ෂිතව පවත්නේය.

මෙම සංඝාරාමය ක‍්‍රිස්තු පූර්ව 3 වන සියවසත් ක‍්‍රිස්තු වර්ෂ 1 වන සියවසත් අතර බව මෙම ස්ථානයේ ඇති පූර්ව බ‍්‍රාහ්මී සෙල්ලිපිවලින් තහවුරු වෙතැයි පුරා විද්‍යාඥයෝ පවසති 

2 3 4 5 06(1) 11 IMG_0366(2)



අදහස් (0)

ඉපැරැණි සෑයක් අම්පාරෙන් මතුවේ

සම්පත් Wednesday, 12 November 2014 11:05 AM

හරිම සන්තෝසයි අද හරි මෙතනට මේ වගේ තතත්වයක් ලැබුණ එක ගැන.මමත් 2010 ඔතන වැද ගෙන ගිය පොළොන්නරුවට යන ගමන්.(දිල්)

:       0       0

චතුර Thursday, 13 November 2014 11:16 AM

මේ වගේ සැගවුණ සිද්ධස්ථාන තව කොතෙක් ඇත්ද මේ ලංකාවේ.(හේ)

:       0       0

නිලන්ග Wednesday, 19 November 2014 08:55 AM

මේ වගේ පුජාස්ථාන ආරක්ෂා කර ගන්න ඕනේ.(හේ)

:       0       0

සුසන්ත Wednesday, 12 November 2014 11:41 AM

අනේ හොඳයි. (ර)

:       0       0

අසංක සංජීව මඩපාත Friday, 14 November 2014 01:08 PM

මේ ස්තූපෙ කැනීම් කරළ සංරක්ෂණය කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ පර්යේෂණ සහකාර විදියට වැඩ කරපු ඉන්දික ගුණවර්ධන මහතා. දැන් ඔහු සේවයෙන් ඉවත් වී ගුරු සේවයේ යෙදෙනවා. ඒ දවස්වල මේ ගල යට පොඩි පැලක් හදාගෙන ඒකේ නැවතිලා උයාගෙන කාල තමයි මේ වැඩේ කළේ. මේ ගුහාව ළඟ ප්‍රාථමික චිත්‍ර විතරක් නෙවෙයි. විනාශ වෙලා යන්තම් ඉතුරුවෙලා තියෙන සීගිරි චිත්‍රවලට සමාන චිත්‍ර තියෙනවා. (ර)

:       0       0

ලෙස්ලි Thursday, 13 November 2014 12:39 AM

මින් වැදගත් සාක්ෂි රැසක් මතුවෙන්න පුලුවන් (නි)

:       0       0

ඇල්බට් Wednesday, 12 November 2014 01:42 PM

දැයට කිරුල 2016 (නදී)

:       0       0

කෝසල Thursday, 13 November 2014 03:45 PM

මේ පැරණි පුරාවස්තු ආරක්ෂා කර ගන්න ඕනේ.(හේ)

:       0       0

දිලිනි Friday, 14 November 2014 07:07 AM

මම මෙතෙන්ට ගියා ලස්සන තැනක් ගිහින් බලන්න ඔයාලත් ..(දිල්)

:       0       0

මහේෂ් පෙරේරා Thursday, 13 November 2014 04:42 PM

මේ වගේ පුජාස්ථාන ආරක්ෂා කර ගන්න ඕනේ.(හේ)

:       0       0

බකමූණ Thursday, 13 November 2014 03:02 AM

මේ දාගැබ හාරලා තියෙන්නේ කවුද? (නි)

:       0       0

විදුර Thursday, 20 November 2014 10:40 AM

පැරණි ස්ථාන ආරක්ෂා කර ගන්න ඕනේ.(හේ)

:       0       0

උදයංග Wednesday, 12 November 2014 10:45 AM

හෙට අනිද්දා දිහාට ඕවගේ ඉර හඳ තරු ඇඳපු ඒවා මතුවෙයි. (බ)

:       0       0

චන්ද්‍රා Thursday, 13 November 2014 04:41 AM

මේවත් බල බලාද අහවල් කට්ටිය ඔය පලතේ නිජබිම් හෙව්වේ.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 5 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 128 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 100 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 831 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 24 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 78 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38430 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25315 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 890 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site