(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වූ ඉබ්‍රාහිම් පවුලට අයත් තඹ කම්හල, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට ගෙන මෙරට තඹ කර්මාන්තයට අවශ්‍ය නිෂ්පාදන සපයා දෙන ස්ථානයක් බවට පත් කරන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
මේ වන විට රාජසන්තක කර ඇති මෙම කම්හල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට ගැනීමට බලාපොරොත්තු වන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ඇමති විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ වැල්ලම්පිටියේ පිහිටි එම තඹ කම්හල් පරිශ්‍රයෙහි නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
පාස්කු ඉරිදා අමානුෂික ක්‍රියාදාමයට සම්බන්ධ වූ ඉබ්‍රාහිම් පවුලට අයත් දේපලක් වන මෙය ඉකුත් මැයි මස 20 වැනිදා රාජසන්තක කෙරුණු අතර එය දැනට රහස් පොලිසිය භාරයේයි පවතින බව ද ඇමතිවරයා කීවේය.
එම තඹ කර්මාන්ත ශාලාවෙහි ඇති තඹ ආශ්‍රිත නිෂ්පාදන සිදුකිරීමට භාවිතා කරන යන්ත්‍ර සූත්‍ර දිරාපත් වීමට ඉඩ නොදී රටට ප්‍රයෝජනයක් ගත යුතු බව කී අමාත්‍යවරයා ඉදිරියේ දී එය මෙරට තඹ ආශ්‍රිත කර්මාන්තයන්ට අවශ්‍ය නිෂ්පාදන සපයා දෙන ස්ථානයක් බවට පත් කිරීමට හැකි වනු ඇතැයි ද සඳහන් කළේය.
මෙම නිරීක්‍ෂණ චාරිකාව සිදුකළේ ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට බව ද විමල් වීරවංශ මහතා කීවේය.
කිරින්ද , පුස්තෝලමුල්ල ජයවික්‍රම කණිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයෙහි පැවැති අංක 98 ඡන්ද මධ්‍යස්ථානයෙහි බිමතින් රාජකාරි සේවයෙහි යෙදි සිටි පොලිස් න
මාගම ගලවිලවත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකු බව කියන පුද්ගලයකුට අද (15) අලුයම නාදුනන අයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන
ගාල්ල දඩල්ල ප්‍රදේශයේ නිවසකට අද(15) අලුයම මුහුණ වසාගෙන පැමිණි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කළ පහරදීමකින් එම නිවසේ පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලීසිය කිය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉබ්‍රාහිම්ලාගේ තඹ කම්හල කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට
Bamunuarachchi Friday, 17 September 2021 04:52 PM
ඔය පටන් ගැන්ම කරගන්න... අවුරුදු 10 ඉවර වෙනකොට ඉවරෙටම ඉවර කර දමන්න. අපේ මොරාල් සපෝට් එක ලැබෙනවා...
වන්දිබට්ට බමුණා Friday, 17 September 2021 09:12 PM
තඹ කම්හලේ ගබඩා සහ කාර්යාල කටයුතු සඳහා අර මල්වානේ හිමිකරුවන් නැති නිවසත් රජයට පවරා ගනිමු. බයියන්ගේ හැර කාගෙත් මොරාල් සපෝට් එක ලැබේවි...
BamunuarachchiSaturday, 18 September 2021 06:15 AM
ඉබ්‍රාහිම්ලාගේ කෙනෙකුට තද වෙලා ඉබ්‍රාහිම්ලා පොහොසත් උනේ අහිංසක මිනිස්සුන්ගේ නිෂ්පාදන අඩුමිල අරගෙන ඒ මිනිස්සුන්ටම වැඩි මිලට විකුනලා. මිසක් එනකොට ගෙනාපුවා විකුනලා නොවෙයි.
BamunuarachchiSaturday, 18 September 2021 07:34 AM
මෙයාලාව එලවන්න නොදෙන මොරාල් සපෝට් එක වෙන කාට දෙන්නාද?
පිටිගල මිලානෝ Friday, 17 September 2021 04:57 PM
ඕක රතු තොප්පි කාරයින්ටම බාර දුන්නා නම් හරිනේ...
BamunuarachchiSaturday, 18 September 2021 07:30 AM
ඉබ්‍රාහිම්ට මන්ත්‍රීකමක් දෙන්න සූදානම් වුණු කට්ටියටද?. ඕනෙම අසූචි ගොඩක් බලලා පැටිකිරිය කියන මේ ගොල්ලන්ට ඉබ්‍රාහිම් කාගේ කවුද කියා සොයාගන්න බැරිවුණාලු...
යෝගා Friday, 17 September 2021 05:51 PM
කමක් නෑ සංවර්ධනය කරන්න.
Bamunuarachchi Saturday, 18 September 2021 06:20 AM
ඉබ්‍රාහිම්ට මන්ත්‍රී කමක් දෙන්න සුදානම් උන කට්ටියේ කෙනෙක් වගේ. ඕනෙම අසුචි ගොඩක් බලලා පැටිගිරිය කියන මේගොල්ලන්ට ඉබ්‍රාහිම් කාගේ කවුද කියා සොයා ගන්න බරිඋනාලු. මේ අපිටයි කියන්නේ.