IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අගමැති වෙයි

පාකිස්තානයේ නව අගමැතිවරයා වශයෙන් එරට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් අද (18 වැනිදා) පෙරවරුවේ ඉස්ලාමාබාද් නුවරදී දිවුරුම් දුන්නේය.

දකුණු ආසියාවේ රටවල් අතුරින් න්‍යෂ්ඨික අවි වලින් බලසම්පන්න රටක් වන පාකිස්තානය මේ වන විට දිනෙන් දින පිරිහෙන අර්ථිකයකට මුහුණ දෙමින් මහත් වියවුල් සහගත තත්ත්වයකට පත්ව සිටින රටක් වශයෙන් අන්තර්ජාතික විචාරකයන්ගේ වර්ගීකරණයට පාත්‍රවී තිබේ. 

එවන් රටක අභිමානය ගොඩනැංවීම ඉම්රාන් ඛාන්ගේ අභියෝගය වී තිබේ. 

උග්‍ර ජාතිකවාදියකු වශයෙන් හැඳින්වෙන ඉම්රාන් ඛාන්, පසුගිය මාසයේදී පැවැති මැතිවරණයෙන් පහසු ජයක් ලබාගත්තේය. මිලියන 208 ක ජනගහනයකින් යුත් පාකිස්තානයේ නව නායකයා වශයෙන් අබිසෙස් ලබද්දී ඉම්රාන් ඛාන් ඇඳ සිටියේ සිය වීරයා වූත් පාකිස්තානය ස්ථාපිත කිරීමේ පුරෝගමියා වූත් මොහොමඞ් අලි ජින්නා නිතරම ඇඳි කළු පැහැති ෂර්වානියයි. 

“මම සත්‍ය වශයෙන්ම පාකිස්තානය වෙනුවෙන් බැඳී සිටිමි” යයිද පාකිස්තානු ව්‍යවස්ථාව ආරක්‍ෂා කරමින් ඊට ගෞරව කරන බවද දිවුරුම් දීමේ ප්‍රකාශය කියවමින් ඉම්රාන් ඛාන් කියා සිටියේය. ඉම්රාන් ඛාන් දිවුරුම් දෙන අවස්ථාවේදී පාකිස්තානු ජනාධිපති මමූන් හුසේන් මහතා ඔහු අසළින් සිටියේය. පසුව පාකිස්තානු අගමැතිවරයාගේ නිල නිවසේ තණපිටියේදී ඔහුට හමුදා උත්තමාචාර පිරිනැමිණ. 

ඉම්රාන් ඛාන්ගේ දිවුරුම් දීමේ උත්සවයට ඉන්දීය පිලේ හිටපු ටෙස්ට් ක්‍රීඩකයකු මෙන්ම මේ වන විට ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ කැබිනට් ඇමතිවරයකුද වන වන නව්ජෝත් සිං සිද්ධුද සහභාගි වී සිටියේය. සිද්ධු මහතා ඉස්ලාමාබාද් නුවරට ගියේ උතුරු පන්ජාබයෙන් ඉන්දු - පාකිස්තානු දේශ සීමාව හරහා යාමෙනි. 

වසර 71  ක ඉතිහාසයක් ඇති පාකිස්තානයේ ඉම්රාන් ඛාන්ගේ දිවුරුම් දීම සැලකෙන්නේ ප්‍රජාත්‍රන්ත්‍රවාදීව තවත් අගමැතිවරයකුට බලය හිමිවූ දෙවැනි අවස්ථාව වශයෙනි. බොහෝ අවස්ථාවලදී සිදුවූයේ හමුදා කුමන්ත්‍රණ වලින් බලය ලබාගැනීමයි. යම් හෙයකින් ඉදිරි වසර පහක කාලය පුරා සිය බලය රැකගැනීමට ඉම්රන් ඛාන්ට හැකිවුවහොත් සිය ධූර කාලය නියමාකාරයෙන් සම්පූර්ණ කරන පළමුවැනි පාකිස්තානු නායකයා වශයෙන් ඉම්රාන් ඛාන් ඉතිහාසයට එක්වනු ඇත. 



අදහස් (7)

ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අගමැති වෙයි

Nishanath Saturday, 18 August 2018 09:26 AM

තමන් සතු සියල්ලම විකුණාන ජාතියක් බවට පකිස්ථාන ජනතාව පත් නොකොට ආත්ම ධෛර්යෙන් ස්වෝත්සාහයෙන් නැගී සිට ලෝකයේ දිදුලන රාජ්‍යයක් බවට පාකිස්තානය පත්කරලීමට ඔබතුමාට ශක්තිය ලැබේවා

:       1       250

athula bandara Saturday, 18 August 2018 01:51 PM

ඔබට සුබ පැතුම්, අලුත් රටක් හදන්න,

:       28       167

Raveendra Saturday, 18 August 2018 03:38 PM

ඔබ ආ ගමනේ සාර්ථකත්වය පවතින්නේ ඔබගේ අවංකබාවය මෙන්ම තම මවුබිමට තිබෙන ආදරය මතබව කීමට කැමැත්තෙමු. මුළු ලෝකයටම ආදර්ශයක් දීමට ඔබට හැකි වේවා!!!! අපේ රට කාබාසිනියා කරමින් සිටින " දියවන්නඔයේ කාලකන්නි අම්බරුවන් රෑනටත් " මෙය කදිම පාඩමකි.

:       0       113

sanath Saturday, 18 August 2018 06:32 PM

ජේ ආර් ජයවර්ධන තුමාගේ ඉවසීමේ අසීමිතකම ප්‍රකාශ කරන්න. පුවත්පතක ලියල තිබුනේ ජේ. ආර් හරියට මාළු අල්ලාගෙන කන කොකෙක් වගේ කියලයි. කොකා පැය ගණනාවක් එක කකුලෙන් හිටගෙන ඉන්නවා මාලුවෙක් ළඟට එනකම්ම ඒවගේම ජේ ආර් ක්‍රියාකාරී දේශපාලනයේ අවුරුදු 40 විතර බලාගෙන ඉඳල තමයි ජනාධිපතිවුණේ. ඉම්රානුත් ඒවගේමයි දිගටම ලැබුන අන්ත පරාජ වලින් නොසැලී ඉවසීමෙන් කටයුතු කළ නිසයි ඔහු අද ජය පැන් බොන්නේ.

:       6       50

රවින්ද්‍ර Sunday, 19 August 2018 03:14 AM

ජාතිවාදය අවියක් කරගෙන බලය ගත්තත් ජාතිවාදයෙන් බලය පවත්වාගෙන යන්න බෑ. ඉම්රාන් ඛාන් එය දැනගත්තොත් හොඳයි නැත්නම් සෙට්ට පොච්චි තමයි... පේන ආකාරයට නම් ඉම්රාන් ඛාන් එවැනි දේශපාලන පරිණත භාවයකින් යුක්ත අයෙක් නොවෙයි.... අර්ජුන රණතුංග ගේ පකිස්ථාන් වර්ෂන් එක තමයි..

:       63       2

hasitha Monday, 20 August 2018 01:25 AM

කුමාර සංගක්කාර මහතාණෙනි, මෙය ඔබට මනා පූර්වාදර්ශයක් නොවේද...

:       0       69

කොකා Monday, 20 August 2018 04:20 AM

තනි මිනිහෙක් තනි මහන්සියෙන් රටක අගමැතිවෙලා. ශ්‍රේෂ්ටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 55 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 243 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 353 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 1245 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


හඳුන්නෙත්ති මහජනතාවට අමාත්‍යාංශයේ දොර අරියි
2024 නොවැම්බර් මස 25 1604 0

වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.


මෙන්න මහා අපරාධයක්
2024 නොවැම්බර් මස 25 2040 1

මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 528 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 738 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2061 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site