IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


‘ඉඹුල්ගොඩ අනතුරේ අභිරහස හෙළි කරනු‘

කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයකු වන ජනක බණ්ඩාර ඒකනායක හා රුහුණු විශ්ව විද්‍යාලයයේ පළමු වසර ශිෂ්‍යයකු වූ සිසිත ප්‍රියංකරගේ මරණය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුහු පිරිසක් අදත් විරෝධතාවක් කළහ.

2012 සැප්තැම්බර 27 වැනි දා ගම්පහ ඉඹුල්ගොඩ දී යතුරු පැදිය විදුලි කණුවක හැපී මේ අනතුර සිදු වූ බව එකල කියැවිණි.

ඔවුන්ගේ මරණය සැක සහිත බවට පැමිණිලි ලැබීමත් සමඟ අනතුර ගැන ප්‍රතිනිරූපනයක් (රිකන්ස්ට්‍රක්ෂන්) කර රස පරීක්ෂණය පවත්වන්නැයි එවකට ගම්පහ මහේස්ත්‍රාත් (දැන් අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු) ඛේමා ස්වර්ණාධිපති මහත්මිය නියෝග කළත් අනතුරු වූ ස්ථානයට යතුරු පැදියවත් නොගෙනවිත් රස පරීක්ෂණය පැවැත්වූ බව පසුව අධිකරණයේ දී කියැවිණි.

මිය ගිය සිසුවකුගේ අතුරුදන් ජංගම දුරකතන අංකයක් ගැන වාර්තා කැඳවන ලෙස කළ නියෝගයට රජයේ දුරකතන සේවා සමාගමක් වාර්තාවක් ඉදිරිපත් කරමින් එම අංකයට ඇමතුම් ලැබී හෝ ඉන් ඇමතුම් ගෙන නැතැයි කීවේය.

අන්තරේ සිසුන් තම තමන්ගේ පෞද්ගලික අංක ගැන වෙන වෙනම විශ්ලේෂණ වාර්තා ඉදිරිපත් කරමින් අධිකරණයට කීවේ නැතිවූ අංකයට ඇමතුම් ලබා ගත් බව තම විශ්ලේෂණ වාර්තාවල සඳහන් වන බවයි. අධිකරණයට බොරු වාර්තා දීම ගැන පරීක්ෂණයක් කරන්නැයි මහේස්ත්‍රාත් නියෝග කළේය.

වසර තුනක් ගත වුවද තවමත් සාධාරණයක් ඉටු වී නැතැයි විශ්ව විද්‍යාල සිසුහු කියති.

2015-september-17-kelaniya-lal-1 2015-september-17-kelaniya-lal-2 2015-september-17-kelaniya-lal-3



අදහස් (0)

‘ඉඹුල්ගොඩ අනතුරේ අභිරහස හෙළි කරනු‘

ජනක කුමාර Friday, 18 September 2015 02:33 AM

තරුෂ, ඔච්චර අපේ බදු මුදල් ගැන කම්පාවක් තියෙනවා නම් ඔය පාරක් පාරක් ගානේ වාහන තදබද ඇතිකරමින් උද්ඝෝෂණ කරමින් කාලේ නාස්ති නොකර ගිහිල්ලා ඉගෙනගන්න. ඔය නාස්ති කරන කාලය ඉගෙනගන්න වැයකරන්න. (නි)

:       0       0

චමීර Thursday, 17 September 2015 08:29 AM

දකුනේ අහිංසකයින්ට මෙහෙම සැලකුවා නම් යුද්දෙ කාලෙදි හමුදාව උතුරට කොහොම සලකන්න ඇතිද? (අ)

:       0       0

ඉමේෂ් Thursday, 17 September 2015 08:31 AM

නියමයි.ඔබේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්න (බ)

:       0       0

සඳරු Thursday, 17 September 2015 08:44 AM

පොඩ්ඩක් ඉන්න අනිත් ඡන්දෙ එනකන් (බ)

:       0       0

නිශාන්ත Thursday, 17 September 2015 02:01 PM

වරදක් කර වැඩිකල් එය වසන්නට නොහැක. අපි බලාසිටිමු (නි)

:       0       0

ක්‍රිස් Thursday, 17 September 2015 02:24 PM

සිංහලයාට විතරක් නොවෙයි මේ රට අයිති.ඒකයි පාර්ලිමේන්තුවේ වුණත් හැම ජාතියකටම අයිති මන්ත්‍රීවරුන් පත්වෙලා ඉන්නේ.මේ පිවිතුරු යහපාල වැන්නවුන් ජාතියටම පිළිලයකි.මොවුන්ට ජාතිවාදය හැර කතා කරන්නට වෙනත් දෙයක් නොමැත. (නි)

:       0       0

දිලිප් Thursday, 17 September 2015 09:37 AM

ඔවුනට සාධාරණයක් ඉටු කළ යුතුයි. (ම)

:       0       0

සරණපාල Thursday, 17 September 2015 09:37 AM

පොලිස් පටි තුමා ගෙන් අහන්න. ඒයා තමා ඕවා දන්නේ. (ම)

:       0       0

අතුල Thursday, 17 September 2015 03:12 PM

පිවිතුරු යහපාල කියන කෙනා නම් එහෙම පිටින්ම කිසිම අධ්‍යාපනයක් නැති කෙනෙක් වගෙයි (නි)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 17 September 2015 09:46 AM

චමීර, උතුරේ ඉන්න දෙමලු ගැන හිතන්න කලින් මේ රට අයිති සිංහලය ගැන සිතන්න. මේ අන්තරේ ඉන්න කට්ටිය රටට බරක් (බ)

:       0       0

මහානාම -කඳාන Thursday, 17 September 2015 10:03 AM

අනිවාර්යෙන්ම පරීක්ෂණයක් කළ යුතුයි. ඒ වගේම 1987 89 කාලේදී සිදුවූ දේවල් ද විමර්ශනය කර වන්දි නොවේ මරණ සහතික ලබා දුන්නොත් පිනක්. (හේ)

:       0       0

සුජීව Thursday, 17 September 2015 10:15 AM

ගොන් රැල කඩේ යනවා. ගිහින් ඉගන ගනිල්ලා. (බ)

:       0       0

තරූෂ Thursday, 17 September 2015 06:36 PM

මේ දාලා තියන දේවල් කියවද්දියි හිතෙන්නෙ රටේ මිනිස්සුද ඉන්නෙ කියලා. මහන්සිවෙලා උ.පෙ. සමත්වෙලා ගිහින් පාරට බහින්නෙ අපිට නිකන් ඉන්න බැරිකමකටවත් දේශපාලන අතකොලු වෙන්න ඕනෑ හන්දාවත් නෙමෙයි මහත්වරුනි.කියන්න කණගාටුයි රටට වෙන දේවල්, නිදහස් අධ්‍යපනයට වෙන දේවල් බලාගෙන ඔබට බෙලහීනයො වගේ ඉන්න පුලුවන් වුණාට මෙ රටේ අහිංසක මිනිසුන්ගෙ සල්ලි වලින් ඉගෙනගෙන අහක බලාගෙන ඉන්න තරම් අපි ඔයාලා වගේ ආත්මාර්ථකාමී අය නොවෙයි (නි)

:       0       0

මහානාම -කඳාන Thursday, 17 September 2015 10:46 AM

මේ අත් දැකීම අපි ත් මොරටුවේ දී හොදට වින්දා . අනෙක් සරසවි ගිය උදවිය හොදට විදින්න ඇති. මේ දේශපාලන පක්ෂ වල අතකොලු බව දන්නෝ දනිති . කැලණිය ජපුර රුහුණ මම හිතන්නේ උපරිම වෙන්න ඇති. (හේ)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 17 September 2015 10:53 AM

උඩ ඉන්න යහපාල මම නම් නෙමෙයි කොහොම වුණත් මට පේන විදියට මහින්ද මහත්තයාගේ කාලේ වාහන හැප්පෙන්න පුළුවන්..එත් එකෙන් මැරෙන්න බැහැ. ඇටකටු කුඩු වෙන්න බැහැ..වාහන ඇතුලේ පිච්චෙන්න බැහැ...එහෙම මලා නම් ඉතින් මහින්ද මහත්තය තමයි ඒක කරවල තියෙන්නේ..මේ පගර නැට්ටෝ දන්නේ නැහැ මැරුණේ කොහොමද මැරුවේ කොහොමද මැරෙන්නේ කොහොමද කියල .ඒවා ඇහුවා නම් දැක්කා නම් මේ අයට මහ පාරේම මලමුත්‍ර පහ වේවි.(අ)

:       0       0

පාලිත පෙරේරා Friday, 18 September 2015 10:38 AM

පිවිතුරු යහපාල ත් හොදවේවි මේ දුෂිත ආණ්ඩුව කරන පාවා දීම ගැන කතා නොකර ඒවාට සුදු හුණු ගැව නම් නේද ? පිවිතුරු වගේ ජාතිය ගැන කැක්කුමක් තියෙන උදවිය මේ රටට ශක්තියක් , ආඩම්බරයක් , විශේෂයෙන් අද මේ ඇමතිකම් , පට්ටම් වලට යටවන සමාජේ . 1948 න් පසු ශ්‍රී ලාංකීය දේශපාලනයේ අපකීර්තිමත්ම අවිඡාරවත්ම සමය ලෙස මේ වකවානුව ඉතිහාස ගත වීම නොවැලැක්විය හැකි බව ඉතිහාසය දන්නෝ දනිති (බ)

:       0       0

කල්ප Thursday, 17 September 2015 12:01 PM

ඔහොම යනු දරුවනී, (හේ)

:       0       0

දේවින්ද Thursday, 17 September 2015 12:19 PM

පිවිතුරු යහපාලගේ මෙලෝ පිවිතුරුකමක් ගෑවිලාවත් නැහැ.ජාතිවාදය කරපින්නාගෙන.කෙනෙකුගේ මරණයක් සැකසහිත නම් එය නිරාකරණය කරගැනීම පොදු අයිතියක්.අපි එය හෙළා දැකියයුතු නැහැ (නි).

:       0       0

දුමින්ද Thursday, 17 September 2015 08:17 AM

යෝජිත මිශ්‍ර කොමිසමට බාර දෙමුද (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 49 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 297 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 50 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 397 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 335 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 831 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14543 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 127 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site