IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ඉරිදා දේවමෙහෙය තාවකාලිකව නවතයි

(ඉන්දිකා රාමනායක)

ගම්පහ දිස්ත්‍රික්කයේ  සියලුම කතෝලික දේවස්ථාන වල ඉරුදින දිව්‍ය පූජාවන් ඉදිරි ඉරුදින දෙකෙහි යළි දැනුම් දෙනතුරු නොපැවැත්වෙන බව කොළඹ අගරදගුරු පදවිය  නිවේදයක් නිකුත් තරමින් සඳහන් කරයි.

දිනපතා දිව්‍ය පූජා,  විවාහ පූජා,   අවමංගල්‍ය මෙහෙයන්   සෞඛ්‍ය  බලධාරීන්ගේ අවසරය මත  50 දෙනෙකුට   සීමා කරන ලෙසට ද එම නිවේදනයේ   සඳහන් වේ.

අගරදගුරු  පදවි මාධ්‍ය ප්‍රකාශක  ආචාර්ය  කැම්ලස් ප්‍රනාන්දු  පියතුමා විසින්  මෙම නිවේදනය නිකුත් කර තිබිණි.

අගරගුරු පදවියේ  සෙසු  දිස්ත්‍රික්ක වන  කොළඹ සහ  කළුතර දිස්ත්‍රික්ක වලට අයත්   කතෝලික  දෙව්මැදුරුවල  දිව්‍ය පූජා  මෙහෙයන්  ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ නියමයන්ට  එකඟව අත් සේදීම,  මුඛ ආවරණ භාවිතය,  මීටරයක   දුරස්ථභාවය  යන උපරිම ආරක්ෂික ක්‍රම අනුගමනය කරමින් කටයුතු කළ යුතු බවද  එම නිවේදනයේ සඳහන් වේ.

එසේම යළි දැනුම් දෙනතුරු අගරදගුරු පදවියේ  සියලුම කතෝලික පාසල්,  පෞද්ගලික පාසල්,  දහම් පාසල් යළිත් දැනුම් දෙනතුරු  නොපැවැත්විය යුතු  බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එම නිවේදනය පහතින් දැක්වේ.

 



අදහස් (9)

ඉරිදා දේවමෙහෙය තාවකාලිකව නවතයි

Perera Friday, 09 October 2020 02:44 PM

කවුරු එපා කිව්වත් අපි දේව මෙහෙයට යනවා. ඒක අපේ අයිතිය.

:       28       4

ප්‍රීතිFriday, 09 October 2020 08:57 PM

කතාවේ හැටියට ඔර්ජිනල් පෙරේරා කෙනෙක් වෙන්න නම් බැහැ ඔබ... ආතක් පාතක් නැති සමහරුන්, පෙරේරලා වෙන්න හැදුවට, හූවෙන් කියන්න පුළුවන් ඒ නරියෙක් බව...

:       2       7

theshanSaturday, 10 October 2020 03:01 AM

තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරලා ආගමට කරගහන්න එපා.

:       2       14

චන්දන Friday, 09 October 2020 04:45 PM

බුද්ධිමත් ආගමික නායකයින් සිය අනුගාමිකයන්ට එසේ උපදෙස් දෙන විට මන්ධබුද්ධික අන්ධ ආගමිකයින් අයිතිවාසිකම් ගැන කතාකරති...

:       4       24

vidya Friday, 09 October 2020 11:49 PM

ඔය දේව මෙහෙයවල් අපරාදේ.. විදුලිය පුච්චන්නේ නැතිව ගහක් යටට ගිහින් කරන්න බැරිද? දෙවිවරුන් කැලෑවල ගස්වලට වඩම්මවා ගන්න. බුදුදහමෙත් දේශනා කරලා තියෙන්නේ ‘රුක්ඛ මූල ගතෝවා‘ කියලා. ඒ කියන්නේ ගහක් යට...

:       7       5

nishantha Saturday, 10 October 2020 01:15 AM

ඇයි දෙවියන්ට බැරි තමන්ව අදහන අන්ධ භක්තිකයින්වවත් කොරෝනාවලින් ආරක්ෂා කරගන්න...? ආගම් නැමැති මිථ්‍යාව හා එයින් මිනිස්සුන්ව මුදවාගැනීමට හොඳම කාලය මෙයයි.

:       15       8

AsankaSaturday, 10 October 2020 11:03 AM

ඔයා ජීවිතේට දේව පූජාවක් තියලා නැද්ද? අඩුගාණේ පත්තිනි මෑණියන්ට පූජාවක් තියලා නැද්ද දරුවන් ආරක්ෂා කරලා දෙන්න කියා? ඔයා රොබෝ කෙනෙක්ද?

:       4       7

sisiraSaturday, 10 October 2020 12:40 PM

තුන්සිය ගණනක් මැරෙනකන් සර්වබලධාරිලා ඔක්කොම බලන්හිටියා.

:       6       4

සේන Saturday, 10 October 2020 05:29 AM

බුද්ධිමත් සහ විවෘත මනසක් ඇති අයගේ තීරණයක්...

:       2       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නියෝජ්‍ය අමාත්‍ය දිවුරුම් දීම බ්‍රහස්පතින්දා
2024 නොවැම්බර් මස 18 208 0

ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමට එරෙහිව නියෝගයක්
2024 නොවැම්බර් මස 18 196 0

නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.


ව්‍යාජ ටිකට් පෙන්වා මැච් බලන්න ගිය සරසවි සිසුවා මාට්ටු
2024 නොවැම්බර් මස 18 287 0

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත


මීගමුව පොලීසියේ පාලන අංශ ස්ථානාධිපතිනි අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 985 0

මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා


ජනපතිට අමාත්‍යාංශ තුනක්
2024 නොවැම්බර් මස 18 2657 0

අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.


කසිප්පු ඇල්ලුවාම පාට් දැමූ කතුන් දෙකක් ඇතුළු 3 ක් දැලේ
2024 නොවැම්බර් මස 18 351 0

දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 633 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1811 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site