ඉරාන රජයට එරෙහිව යළිත් විරෝධතා ආරම්භ වී තිබේ. ඒ, එරට පාසල් දැරියන්ට වස දීමේ සිද්ධිය මුල්කොට ගනිමිනි. කිසියම් අන්තවාදීන් කණ්ඩායමක්, පාසල් දැරියන්ගේ ආහාරවලට වස කලවම් කරන බව ඉරාන රජය ද පවසා තිබේ.
පාසල් අධ්‍යඳාපනයට විරෝධය පළ කරන එම අන්තවාදීන් පාසල් දැරියන්ට මෙසේ වස දෙන්නේ, අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කිරීමේ අරමුණින් බවත් බාලිකා පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමීමට එම අන්තවාදීන්ට අවශ්‍ය වී ඇති බවත් ඉරාන රජය පවසා තිබේ.
වස මුසු කළ ආහාර ගැනීමෙන් රෝගී වූ දැරියන් සිය ගණනක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව ද පැවැසෙයි. ඉරාන රජයට විරෛා්ධය දක්වමින් වීදි බැස සිටින බොහෝ දෙනා පාසල් දැරියන්ගේ මාපියන්ය. තම දැරියන්ට නිසි ආරක්ෂාවක් ලබා නොදීම සම්බන්ධයෙන් ඔවුහු රජයට දොස් නගති.
ඉරානයේ මීට පෙර, මාස ගණනක්, ප්‍රධාන නගර රැසක විරෝධතා පැවැත්විණි. ඒ, ඉරාන නීතියට අනුව, නිසි අයුරින් හිජාබය පැලඳ නොසිටි කුර්දි තරුණියක පොලිස් අත්ඩඅංගුවේ සිටිද්දී, පොලිසිය කළ කෙණෙහිළිකම් හේතුවෙන් මියයෑම නිසාය.
පාසල් දැරියන්ට වසදීමේ සිද්ධිය මුල්කොට ගනිමින්, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී පවසා ඇත්තේ, එය විදේශීය කුමන්ත්‍රණයක් යැයි සැක කරන බවය. සුපුරුදු පරිදි ඉරාන උත්තරීතර නායකයා, දැරියන්ට වස දීම සම්බන්ධයෙන් ද චෝදනා කර ඇත්තේ ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයටය.
(රොයිටර්)
රෝයල් පාර්ක් මිනී මැරීම් චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වු ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ජනාධිපති සමාවදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල ස
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මසකට රුපියල් ලක්ෂ 74ක මුදලක් රජයට ඉදිරි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය
ජනාධිපති බලන්නේ තමන්ගෙම කාලෙ ගැන ගමේ ඡන්දෙන් ජනමත විචාරණයක් කරගන්න යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී අද පැවසීය.
කතරගම මැණික් ගඟ ප්‍රදේශයේ ඉදිකර ඇති ජී. රාජපක්ෂ නැමැති නිවෙස තැනූ බව කියන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ විෂය පථයට අදාලව නව නීති හඳුන්වා දීම හා පවත්නා පනත් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඉරානයේ යළිත් විරෝධතා