(අංජුල මහික වීරරත්න)
ඉරානයේදී සිදුවූ හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස විශේෂ කමිටු 3ක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.
ඒ අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ කමිටුවක්, ආර්ථිකයට සිදුවන බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීමේ කමිටුවක් සහ එම කමිටු දෙකෙහි යෝජනා අධීක්ෂණය කිරීම සඳහා ඉහළ මට්ටමේ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා පියවරගෙන ඇත.
ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ කමිටුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් යුතුව පත් කර තිබේ.
එසේම ආර්ථිකයට වන බලපෑම පිළිබඳ සොයා බැලීමේ කමිටුවේ සාමාජිකයන් ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන හා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරු කටයුතු කරති.
මෙම කමිටු දෙකෙහි යෝජනා අධීක්ෂණය කිරීම වෙනුවෙන් පත් කර ඇති ඉහළ මට්ටමේ කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විතය.
අදාළ සිදුවීමත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ මතුවන තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ ආර්ථිකයට යම් සෘජු හෝ වක්‍ර බලපෑමක් එල්ල විය හැකි නම් ඊට ගතයුතු පූර්වගාමී පියවර පිළිබඳ සොයා බලා ඉහළ මට්ටමේ කමිටුවට කරුණු වාර්තා කිරීම අනෙකුත් කමිටු දෙකට පැවරේ.
ඉන්ධන සහ අනෙකුත් අත්‍යාවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය ලබා ගැනීමේදී යම් බාධාවක් මතුවිය හැකි නම් රටේ මහජනතාවට ඉන් බලපෑමක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමේ වගකීම ද ජනාධිපතිවරයා විසින් අදාළ කමිටු දෙක වෙත පවරා ඇත.
එම කමිටු දෙක විසින් අදාළ වාර්තා ඉහළ පෙළේ කමිටුවට ලබා දිය යුතු අතර ඒ අනුව ගතයුතු කඩිනම් තීන්දු තීරණවලට එළැඹීමට නියමිතය.
අධික වර්ෂාපතනයත් සමග නැගෙනහිර උගන්ඩාවේ ඇතිවූ නායයෑමකින් 17 දෙනකු මියගොස් තවත් 100 දෙනකු අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පවුල් ආරවුලක් හේතුවෙන් කතරගම ගොයාගල ප්‍රදේශයේ නිවසක් තුලදී ඊයේ (28) උදෑසන පොරවකින් පහරදී බිරිය ඝාතනය කලේයැයි කියනු ලබන සිද්ධියක් සම්බන්ධයෙන් සැඟව සිටි
ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයෝ පිරිසක් හමු වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරම
උතුර, උතුරු මැද පළාත්වලට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි
ඇමෙරිකාවේ වොෂිංටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලට ඉහළ අහසේ අත්භූත එළි 4 ක් දිස්වී ඇති බවත් එය දුටු පිරිස පිටසක්වළයන් කැරැල්ලකට සූදානම් වනවා යැයි සිතා කලබලය
ජපාන රජය විසින් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා භාණ්ඩ සහ උපකරණ තොගයක් සංක්‍රමණිකයන් සදහා වූ ආයතනයේ මැදි වීම මත කටුනායක ගුවන් තොටුපොළ ගෝ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉරාන අර්බුදයෙන් ලංකාවට විය හැකි බලපෑම් සොයන්න කමිටු තුනක්
Deshapriya Wednesday, 31 July 2024 11:25 PM
මැද පෙරදිග ප්‍රශ්න ඔවුන් විසදා ගනීවි.අපේ රටේ තියෙන ප්‍රශ්න විසඳාගෙන හිටියනං හරී නේද
nimalb Thursday, 01 August 2024 11:04 AM
මුදල් නාස්ති කිරීමක් පමණයි. මෙම කමිටු වලට මුදල් ගෙවීම නාස්ති කිරීමක් පමණි. අපට කිසිදු බලපෑමක් නැතහොත් යුද්ධයක් ඇති නොවනු ඇත
upali Thursday, 01 August 2024 12:17 PM
ආරක්ෂක කමිටුව...................සියල්ලම සිවිල් වැසියන්. හමුදාව, බුද්ධි අංශ, පොලිසිය නෑ... කෝ දොස්තර රොහාන් ගුණරත්න, කමල් ගුණරත්න ආදීන්.....
fairoos Thursday, 01 August 2024 12:32 PM
අනේ අපිට ඕවා වැඩක් නෑ .අපි කාටවත් යටත් නැති රාජ්‍යක්
අරවින්ද මොනරවිල Thursday, 01 August 2024 03:14 PM
කමිටු දානවා, තමන් පොර සියල්ල කරන්න දන්නවා කියලා පෙන්වන්න, රටේ ඇත්ත ප්‍රශ්න ඕවා නොවෙයි ඒවාට විසදුම් නැහැ.