IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ඉරාන තෙල්වල ණය ගෙවන්න සැරැසෙයි

ඉරානයෙන් අතීතයේ දී ශ්‍රී ලංකාව ලබාගත් බොරතෙල්වලට නොගෙවූ ඇමරිකා ඩොලර් කෝටි 25.6ක් (රුපියල් කෝටි 3700ක්) ගෙවීමට ශ්‍රී ලංකාව එකඟ වෙයි.

ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සහ ඉරාන නිලධරයන් අතර ටෙහෙරාන් නුවර දී පැවැත්වූ සාකච්ඡාවල දී මෙම ණය ගෙවීමට එකඟත්වය පළ කළේය.

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධරයෙක් ද ශ්‍රී ලංකා නියෝජිත පිරිසට එක්විය. නොගෙවූ මුදල් ආපසු ගෙවීමේ ක්‍රම ගැන ඔහු ඉරාන නිලධරයන් සමග සාකච්ඡා කළේය. එක් යෝජනාවක් වූයේ ශ්‍රී ලංකාවෙන් ඉරානයට සපයන තේවලට ලැබෙන මුදල්වලින් එම ණය ගෙවිය යුතු බවයි.

ඉරාන බොරතෙල් පිරිපහදු කිරීම සඳහා සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිකර ඇති හෙයින් ඉරාන සැහැල්ලු බොරතෙල් ඉරානයෙන් මිලට ගැනීමට ශ්‍රී ලංකාව යළිත් සැරසෙයි. ඉරාන තෙල් සම්බන්ධයෙන් ඇමරිකාව පනවා තිබූ අන්තර්ජාතික තහංචිය ඉවත් කිරීමත් සමග ඇමැති වීරක්කොඩි ඉරානයට ගොස් මෙම වැඩපිළිවෙළ ගැන සාර්ථක ලෙස සාකච්ඡා නිම කළේය.



අදහස් (0)

ඉරාන තෙල්වල ණය ගෙවන්න සැරැසෙයි

දීපාල් නිරෝෂ් Monday, 01 August 2016 05:24 AM

ගත් ණය අනිවාර්යයෙන්ම ආපසු ගෙවිය යුතුයි. අද වුණත් අපි තෙල් ගෙන්වන්නේ පසු ගෙවීම් පදනම යටතේ ණයට. ඉරානයෙන් ණයට තෙල් ගත්තේ යුධ සමයේ. එදා අපට සහනදායි කොන්දේසි යටතේ තෙල් සපයන්න වෙන රටවල් ඉදිරිපත් වෙලා තිබුනද කියලා හොයලා බැලුවොත් තමා සුදුසු. (නි)

:       0       0

මහින්ද Monday, 01 August 2016 12:28 PM

මොකද්ද දැන් මේකේ තියන මහා වික්‍රමය? (නි)

:       0       0

වසන්ජය Sunday, 31 July 2016 09:28 PM

මෙවැනි ණය තිබියදීත් තවත් ලෝකෙට ණයවෙන්නේ මොකද? (නි)

:       0       0

නිරේෂ් Sunday, 31 July 2016 04:47 PM

මේ සම්බන්ධයෙන් 'අප්පච්චිට' කඩේ යන කවුරුහරි අදහස් දක්වනතුරුයි මම මේ බලාගෙන ඉන්නේ (නි)

:       0       0

බණ්ඩාර Monday, 01 August 2016 03:35 AM

මේක අප්පච්චී කරපු දෙයක් නෙමෙයි. ඇමෙරිකාව ඉරානෙට සම්බාධක දාපු නිසා ඉරානෙට සල්ලි දෙන එක තහනම් කළා ඇමෙරිකාව. අපි ඉරානෙට සල්ලි දුන්නා නම් අපිටත් ඇමෙරිකාව සම්බාධක දානවා. බටහිර ජාතීන් ඉරානෙට කළේ ඔන්න ඔහොමයි. ලෝකෙ ගොඩක් රටවල් ඉරානෙට සල්ලි දෙන්න තියෙනවා (නි)

:       0       0

නිමේෂ් Monday, 01 August 2016 03:45 AM

සමහරුන්ට අතීතය කිව්ව ගමන් මතක් වෙන්නෙ අප්පච්චිව. ඒකත් නරකම නැහැ. (නි)

:       0       0

දොන් Monday, 01 August 2016 03:46 AM

නිරේෂ්ගේ අදහස නියමයි (නි)

:       0       0

ධනුෂ්ක Monday, 01 August 2016 04:04 AM

මට නම් හිතෙන්නේ ඉරානයෙන් ණය ඉල්ලනවට වැඩිය ඇමතිතුමා බලෙන් ණය පියවන්න යන්නේ කියලා, (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 122 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 154 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 292 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 108 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1103 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2495 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39114 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site