IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඉර නොපෑයූ ගමක් වවුනියාවේ

යුද්ධය අවසන් කිරීමෙන් පසු මායිම් ගම්මාන ඉවත් කිරීමේ අරමුණින් උතුරු වසන්තය වැඩසටහන යටතේ පිහිටැවුණු බෝගස්වැව ගම්මානය තවමත් අති දුෂ්කර ගම්මානයකි.

වව්නියාව නගරයේ සිට ත්‍රිකුණාමලය පාරේ කිලෝමීටර දෙක හමාරක් ගොස් මාමඩුව හංදියෙන් වමට හැරී (903/1 බස් මාර්ගය) කිලෝමීටර 40ක් පමණ ගිය විට බෝගස්වැව ගම්මානය හමුවේ.  මීට වසරකට පහකට පම පෙර ගන වනාන්තරයක්ව පැවැති මෙම ප්‍රදේශය හෙළි පෙහෙළි කර 2011 දී ජනාවාස ඉදි  කිරීම ඇරැඹිණි.

උතුරු පළාතේ වව්නියාව දිස්ත්‍රික්කයේ  වව්නියාව දකුණ (සිංහල) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ පාලනය යටතේ ඇති බෝගස්වැව ගම්මානය අයත් වන්නේ සී213සී පිරප්පම්මඩුව්‍ ග්‍රාම සේවා වසමටය. නව ගම්මාන යටතේ ඉදි කැරුණු නන්දිමිත්‍රගම, සැලලිහිනිගම හා නාමල්ගම පසු කරද්දී කරද්දී බෝගස්වැව හමුවෙයි.

එම මාර්ගයේ ලංගම බස් රථ දෙකක් හා පෞද්ගලික බස් රථයක් ධාවනය වන අතර ඇතැම් දිනවල ධාවනය වන්නේ බස් රථ දෙකක් හෝ තුනක් පමණි. මාර්ගයේ ගමන් කරද්දී මුහුණ දෙන දුෂ්කරාතා නිසා බස් සේවකයෝ ද මෙම මාර්ගයේ බස් ධාවනය කිරීමට මැලි කමක් දක්වති.

බෝගස්වැවට යෑමට ඇති කිලෝමීටර 40 ක පමණ මාර්ගයේ සෑම අඩියක් පාසාම වළවල් හැරී ඇති අතර පාරට තාර හෝ කොන්ක්‍රීට් අතුරා නැත. වව්නියාවේ බලධාරීන්ගෙන් ඒ ගැන විමසද්දී ඔවුන් කීවේ මෙම මාර්ගය තම බල ප්‍රදේශයේ ඇතත් එහි සංවර්ධන වැඩ භාර දී ඇත්තේ මිහින්තලේ මාර්ග සංවර්ධන අධිකාරියට බවයි. මාර්ගය සකස් කිරීම ගැන සඳහන් නාම පුවරු තැන තැන ගසා තිබිණි. දුෂ්කරතා රැසක් මධ්‍යයේ මහජනතාව ගැන සිතා අකමැත්තෙන් වුව ද බසය ධාවනය කරන්නේ යැයි නම හෙළි කරනවාට අකමැති වූ බස් සේවකයෙක් කීවේය.

උසස් පෙළ විභාගයට තාක්ෂණ විෂය ධාරාවෙන් ලබන වසරේ පෙනී සිටීමට නියමිත බොගස්වැව පදිංචි එස් ඩී දිලංජන් සඳුන් තිලකරත්න සිසුවා කීවේ ගෙදරින් යද්දි සුදු පැහැති පාසල් නිල ඇඳුම පාසලට යද්දී ගුරු පැහැ ගැන්වී තිබෙන බවයි.

001-Dilanjan-sandun-Thilakaratne‘‘උසස් පෙළ කිරීමට බෝගස්වැව පාසල් නැහැ. වව්නියාවේ නගරයේ උසස් පෙළට සිංහල මාධ්‍ය පාසල් දෙකක් තිබෙනවා. ඒ මඩුකන්ද පිරිවෙන සහ මඩුකන්ද ජාතික පාසල. මම ඉගෙන ගන්නේ මඩුකන්ද ජාතික පාසලේ.  බෝගස්වැව සිට වව්නියාවට බසයක් එන්නේ උදේ 6.30ට. එම බසයේ වව්නියාවට ඇවිත් පාසලට යද්දී උදෑසන අට විතර වෙනවා.  එවිට පළමු වැනි කාලච්ඡේදයෙන් කොටසක් ගිහින්. සතියකට දවසක් දෙකක්  බස් රථය නැති වෙනවා. එදාට පාසල් යන්න ලැබෙන්නේ නෑ.

සුදු ඇඳුම් ඇඳගෙන උදෙන්ම ලස්සට ලෑස්ති වෙලා ආවට වැඩක් නෑ . වව්නියාවට එද්දී ඇඳුම් ගුරු පාරයි. කොණ්ඩෙත් තඹ පාටයි. පාරේ දූවිලි නිසා ඇග කසන්න ගන්නවා. ‘‘  යයි ද දිලංජන සිසුවා කීවේය.

ගම්මානයේ සෑම පවුලකටම ඉඩම් අක්කරය බැගින් ලැබී ඇති අතර බොහෝ වතු වල ඉරිඟු, කුරක්කන්, මඤ්ඤොක්කා, ගස්ලබු, තිබ්බටු ආදී බෝග වගා කර තිබිණි. දැඩි අව් රෂ්මියට එක් ප්‍රදේශයක ගස් වියැලී ගොස් තිබුණු අතර ගමේ තව පැත්තක වර්ෂාව නිසා බෝග හානි වී තිබිණි.

ගමේ ගෙවල් පහ හයක් හැර ඉතිරි සෑම නිවසක්ම කටු මැටි ගෙවල්ය. ඔවුනට තිබූ එකම පහසුකම විදුලි බලය පමණි. කටු මැටි ගෙවල් රැසකට විදුලිය ලැබී තිබිණි.

2012 දී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් තමන්ට ඉඩම් ලැබුණු බවත්, නිවසක් සාදා ගැනීමට තහඩු 12ක් ලැබුණු බවත් බෝගස්වැව ගොවි සංවිධානයේ ලේකම් අර් පී අයිරාංගනී (53) මහත්මිය කියන්නීය.

002-R-P-Irangani-Swarnalatha‘අපේ මහින්ද මහත්තයාගේ කාලේ නාමල් රාජපක්ෂ මහත්තයා මැදිහත් වෙලා අපට ඉඩම් දුන්නා. පවුල් 2600කට පමණ ඉඩම් ලැබුණා. තහඩු 12ක් ලැබුණා. අපි මැටි ගසා ගෙවල් හදා ගත්තා. මාස හයක් පමණ යන තුරු වියළි සලාකයක් ලැබුණා. ඉන් පසු එය නැවතුනා. ගොඩින් අක්කරයයි මඩින් අක්කරයයි දෙනවා කියලයි ඒ කාලේ නිලධාරීන් කිව්වේ. නමුත් තවම මඩ ඉඩම් අක්කරය ලැබුණේ නෑ. උතුරු වසන්තය යටතේ අපට විදුලිය ලැබුණා.  

ගමේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මිනිස්සුන්ට ජීවත් වෙන්න රස්සා නැති එක. කුඹුරු කරන්න මඩ ඉඩම් දුන්නෙත් නෑ. සමහර වෙලාවට වැස්ස නිසා වගා පාළු වෙනවා. නැත්නම් අවුව නිසා පාළු වෙනවා. ගල්, සිමෙන්ති වලින් ගෙවල් හදා දෙනවා කිව්වට තවම ලැබුණේ නෑ. මුල් කාලයේ වගා පාළු වුණාම ගානක් දුන්නත්, කාලෙකින් එය ලැබුණේ නෑ.  සමෘද්ධි සහනාධාර ලැබුණෙත් නෑ.

මෙහෙට පානීය ජලය නෑ. එයත් ලොකු ප්‍රශ්නයක්. ගෙවල් 26කට පමණ එක් නළ ළිඳක් තියෙනවා. ඒ වතුරත් බීමට ඒ තරම් හොඳ නෑ. ජල ප්‍රශ්නය උග්‍රයි. ‘‘ යයි ද අයිරාංගනී මහත්මිය පැවසුවාය.

ගම්මානයේ පවුලවලට ඉඩම් අක්කරය බැගින් දුන්න ද අද වනතුරු ඔවුන්ට ඉඩම් ඔප්පු හිමි වී නැත. ඔවුන් අනවසර පදිංචි කරුවන් නොවන බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය කියයි. වසර තුනකට ආසන්න කාලයක් ගොසිනුත් ඉඩම් ඔප්පු ලබා නොදුන්නේ ඇයිදැයි විමසූ විට නිලධාරීහු නිරුත්තර වෙති.

කළින් සිටි ප්‍රදේශයේ ඡන්ද නාමලේඛණයෙන් නම ඉවත් කළ ගමන් බෝගස්වැවෙන් ඉඩම් දුන්නද ගම්වැසියන්ට ඔප්පු පිරි නැමීමේ වැඩ පිළිවෙළක් සකස් නොකළ බව ගම්වැසියකු මෙන්ම ලේඛකයකු ද වන අරුණ සංජීව මහතා (40) කීවේය. 2006 දී ඩී ආර් විජයවර්ධන සම්මාන උළෙලේ කුසලතා සම්මානයක් දිනූ ඉන්ද්‍රචාපා නවකතාව අරුණ මහතාගේ කෘතියකි.

003-Aruna-Sanjeewa

‘‘මෙහේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මිනිස්සුන්ට තිබෙන ආදරේට ඉඩම් දුන්නා කියලයි. යුද්දෙන් පස්සේ මායිම් ගම්මාන නැති කරන්නයි මෙහේ ගම්මාන හදලා මිනිසුන් පදිංචි කළේ. කළින් සිටි ප්‍රදේශයේ ඡන්ද නාමලේඛණයෙන් නම අයින් කරගත් ගමන් මෙහේ ඉඩම් දුන්නත් තවම ඉඩම් ඔප්පු ලබා දී නැහැ. ගමේ ගෙවල් රැසකට හරියට වැසිකිළියක්වත් නෑ. වැසිකිළි ආධාර දුන්නේ හිතවතුන්ට. ගමේ තිබෙන දුෂ්කරතාව නිසා සමහරු ඉඩම් අතහැරලා යනවා. වහින කාලෙට මෙහේ පාරවල් වල යන්නත් බෑ. පායන කාලෙට යන්නත් බෑ. වහිද්දි මඩ ගොහොරුවක් වෙනවා පාරවල්. පායද්දී දූවිලි.

ගමේ පාසලේ රජයේ ගුරු පත්වීම් ලැබු අය ඉන්නේ කිහිප දෙනයි. අතිරි පිරිස ස්වේච්ඡා. ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැනත් ගැටළු තිබෙනවා. රෝහලේ නේවාසික පහසුකම් නෑ. රෑට වෛද්‍යවරයෙක් නෑ. පාරත් හොඳටම සවුත්තුයි. හදිසියේ අසනීපයක් වුණොත් වව්නියාවට ගෙනියන්න වෙනවා. ඒ පාරේ ගෙනියද්දි ලෙඩා මැරෙනවා.‘‘ යි අරුණ සංජීව මහතා කීවේය.

රුපියල් දෙකෝටි පනස් තුන් ලක්ෂ හැට තුන් දහස් පන්සිය පහක වියදමින් ඉදි කළ බෝගස්වැව රෝහලට ප්‍රතිකාර සඳහා දිනකට රෝගීහු 150ක් පමණ යති. එනමුත් එහි සිටිනුයේ එක් වෛද්‍යවරයෙක්, සාත්තු සේවිකාවන් තිදෙනකු හා ස්වේච්ඡා සේවකයන් කිහිප දෙනකු පමණි. අඩු තරමේ එක් හෙදියක හා ඖෂධවේදියකුවත් රෝහලේ නැත. දිනකට ප්‍රතිකාර ලැබීමට එන රෝගීන් ප්‍රමාණය අනුව අඩු තරමේ වෛද්‍යවරුන් තිදෙනකු, හෙද නිලධාරීන් හය දෙනකු, ඖෂධවේදීන් තිදෙනකු හා සාත්තු සේවකයන්  හය දෙනකුවත්  අවශ්‍ය වේ.

රෝහලේ සිටින එකම වෛද්‍යවරයා වන එස් අයි ජයවික්‍රම මහතා කොළඹ පදිංචිකරුවකු වන අතර සෙනසුරාදා ඉරිදා දිනවල ඔහු කොළඹ යයි. එනිසා සෙනසුරාදා ඉරිදා දිනවල රෝහලේ කටයුතු සිදු නොවේ. වෛද්‍යවරයාට නේවාසිකව සිටීමට නිල නිවසක්වත් එහි නැත. එනිසා  රෝහලේ රාත්‍රියට වෛද්‍යවරයකු නැත.

රෝගීන්ට නේවාසික ප්‍රතිකාර ලැබීමට බෝගස්වැව රෝහලේ පහසුකම් නැති නිසා ගම්වාසීන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව ගම්වැසියකු වන ඩබ්ලිව් එම් කුමාරසිංහ (38) මහතා කියයි.

004-W-M-Kumarasinghe‘‘ප්‍රදේශයේ නව දහසක් පමණ ඉන්නවා. ඒ සැමටම ඉන්නේ එක වෛද්‍යවරයයි.  රෑකට අසනීපයක් වුණොත් බෙහෙත් කරන්න කෙනෙක් නෑ. සෙනසුරාදා ඉරිදා දිනවලට බෙහෙත් කරන්න කවුරුත් නෑ. රෝහලේ නේවාසික පහසුකම් නෑ. හදිසියේ රෑකට අසනීපයක් වුණොත් කිලෝමීටර 40ක් ඈතින් තිබෙන වව්නියාව රෝහලට ගෙනියන්න වෙනවා. පාර හරි හැටි හදා නැති නිසා වව්නියාවට යන්න බොහෝ වේලාවක් ගත වෙනවා.

රෝහලේ කාමරවල බාරහිර ප්‍රතිකාර ඒකකට 1, 2  ආදී වශයෙන් ගසා තිබෙනවා. හදිසි ප්‍රතිකාර ඒකකය, විශේෂඥ වෛද්‍යවරුන් සඳහා කාමර ආදිය තිබෙනවා. නමුත් බඩු මුට්ටුත් නෑ. වෛද්‍යවරුත් නෑ. සූතිකාගාරයක් නෑ. අඩු තරමේ වින්නඹු අම්මා කෙනෙකුත් නෑ. හදිසියේ අමාරු වුනොත් වවුනියාවට ගෙනියන අතර මග ළමයා හම්බෙනවා.

රෝහල ආරම්භ කළ කාලයේ කාර්ය මණ්ඩලය නැති නිසා ගමේ කිහිප දෙනෙක් ස්වේච්ඡාවෙන් වැඩ කළා. ඔවුන් තවමත් ස්ථිර කර නෑ. සත පහක්වත් නොලබා තමයි වැඩ කරන්නේ.  වෛද්‍යවරයාට නවතින්න තැනක් නෑ. රෝහලේ බොන්න වතුර නෑ. ඇම්බියුලන්ස් එකක් තිබුණත් වෛද්‍යවරයකු නැති නිසා එය දුවන්නේ නෑ. ඇම්බියුලන්ස් රියදුරුට නවතින්න තැනකුත් නෑ. ‘‘ යි කුමාරසිංහ මහතා පැවසීය.

රෝහලේ සායනයට වකුගඩු රෝගීහු 200ක් පමණ පැමිණෙති. එහෙත් ඔවුනට විශේෂ ප්‍රතිකාර දීමට තරම් පහසුකම් රෝහලේ නැත.

ගමේ පාසල බෝගස්වැව මහා විද්‍යාලයයි. ළමයින් 500කට අධික පිරිසක් සිටියත් එහි රජයේ පත්වීම් ලැබූ ගුරුවරු සිටිනුයේ විදුහල්පතිද සමග හතර දෙනකු පමණි. සරත් බණ්ඩාර, සචින්ත ද සිල්වා, ඩී එම් මද්දුමබණ්ඩාර සහ රජිතා චිත්‍රලතා ඔවුහුය. පාසලේ ගොඩනැගිලි පහසුකම් ප්‍රමාණවත් නොවේ. එනිසා වැඩි පිරික් ඉගෙනුම ලබන්නේ ටකරන් මඩුවලය.

ගොඩනැගිලි පහසුකම් නැති නිසා වැසි දිනවල සිසුන් අපහසුතාවට පත් වන බව එම පාසලේ සිසුවකුගේ මවක වන ආර් ශාන්ති කුමාරි මහත්මිය කියන්නීය.

005-R-Shanthi-Kumari‘පාසලේ සුදුසුකම් තියෙන ගුරුවරු අඩුයි. වැඩිපුර ඉන්නේ ස්වේච්ඡා ගුරුවරුන්. සමහර විෂයන්වලට එහෙම ගුරුවරයෙක්වත් නෑ. වැසි දිනවලට ටකරන් ශාලාවල ළමයින්ට ඉගෙන ගන්න බෑ.

මේ ගමේ මිනිස්සුන්ට ඉඩම් ඔප්පු නෑ. ජීවත් වෙන් මාර්ගයක් නෑ. මැටි වෙල්වල ඉන්නේ. ගමේ ගෙවල් දෙක තුනක් හදන්න පටන් අරගෙන අතර මග නැවැත්තුවා. දැන් ඒවා නටබුන් වගේ තියෙනවා.

ළඟදි නිල ඇඳුම් වෙනුවට වවුචරයක් දුන්නා. වවුචරේට රෙදි ගන්න රුපියල් 200ක් වියදම් කරගෙන වවුනියාව නගරයට යන්න ඕනෑ. ඒ වවුචරේට ගන්න පුළුවන් සිල්ක් රෙද්දක් විතරයි. හොඳ රෙදි ගන්නවා නම් අතින් සල්ලි දෙන්න ඕනෑ.

රෝහලේ පහසුකම් නෑ. එක වෛද්‍යවරයයි ඉන්නේ. අවුරුදු 4යි මාස 11ක් පමණ වන මගේ පොඩි පුතාට අසනීප වෙලා බෙහෙත් අරගෙන දුන්නා. නැවත රාත්‍රි අසනීප වුණා. රෝහලේ වෛද්‍යවරයෙක් හිටියේ නෑ. එනිසා වෙනත් රෝහලකට අරගෙන ගියා. එහෙදිත් හරියට බැලුවේ නෑ. මෙයාට යකෙක් වැහිලද ඇහුවා. ටික වේලාවකින් ළමයා නැති වුණා.

මේ ගම්මානේ මිනිස්සු ප්‍රශ්න ගොඩක් මැද ජීවත් වෙන්නේ.‘‘ යැයි ද කුමාරි මහත්මිය කීවාය.

ස්වයං රැකියා කිරීමට උදව් උපකාර කරන්නේ නම් පවුල් රැසක් ශක්තිමත් වන බව  සිව් දරු මවක වන එම් චාලට් ප්‍රියංකා මහත්මිය (43) පවසන්නීය. රැකියාවක් නැති නිසා දරුවන් ජීවත් කර වීමට ඇය කුළී වැඩ කරන්නීය. කටු මැටි නිවසෙ ඇත්තේ මඩ ගොහොරුවකය. වැස්ස නිසා ඇගේ නිවස වටා  මඩ ගොහොරුවක් වී ඇත.

‘මට දුවලා තුන් දෙනකුයි පුතෙකුයි ඉන්නවා. දුවලා දෙන්නෙක් මෙවර සාමාන්‍ය පෙළ ලිව්වා. අනිත් දුව තවම පොඩියි.  පුතාට රස්සාවක් නෑ. මම කුලී වැඩ කරලයි පවුල ජීවත් කරන්නේ. මෙහේ රස්සාවල් නෑ. ස්වයං රැකියාවක්වත් කරන්න උදව් ලැබෙනවා නම් ගොඩක් හොඳයි.‘‘ යි කුමාරි මහත්මිය පැවසුවාය.

ජේ ජයරත්න මහතා (58) මේ ගම ගැන වැඩිපුරම දන්නා පුද්ගලයෙකි. බොහෝ දෙනකු ඔහු හඳුන්වන්නේ ජයේ අයියා ලෙසය. ඔහුගේ බිරිය චන්ද්‍රලතා මහත්මියයි.

007-J-Jayarathna‘1968 තමයි මම මුලින්ම මේ පැත්තට ආවේ.අපේ තාත්තාලා එක්ක ඇවිත් ගොවිතැන් කළා. යුද්ධෙ කාලේ තාවකාලිකව නැවැත්තුවා. යුද්ධෙන් පස්සේ ආයෙත් ඇවිත් ගොවිතැන් පටන් අරගෙන දැන් කරගෙන යනවා.

මේ ප්‍රදේශයේ බොහෝ දෙනකුට නිවාස ප්‍රශ්නය තිබෙනවා.  ජීවත් වෙන්න ජීවනෝපාය මාර්ගයක් නෑ. බොහෝ දෙනෙක් කරන්නේ කුලීවැඩ. ගමේ රෝහලේ එක දොස්තර මහත්තයයි ඉන්නේ. ඒ නිසා ඒ මහත්තයත් අමාරුවේ වැටෙනවා. ගමේ උදවියත් අමාරුවේ වැටෙනවා. දවසක් අපි දැක්කා දොස්තර මහත්තයට උණ ගැනිලා ඇස්දෙකෙන් කඳුළු එද්දිත් අනිත් අයට බෙහෙත් කරනවා.

ඡන්දෙ කාලෙට පොලිමේ එනවා දේශපාලනඥයො. ඉන් පස්සේ කවුරුත් මොනවත් බලන්නේ නෑ. අපි වඳින්න යද්දි අහක බලා ගන්නවා මොනවත් ඉල්ලයි කියලා බයේ. පාර හදා දෙන්න , ගෙවල් හදා දෙන්න කියලා කොච්චර ඉල්ලීම් කළත් තවම මොනවත් කළේ නෑ. ‘ යි ජයරත්න මහතා කීවේය.

බෝගස් වැව ගම්වැසියන් ජීවත් වනුයේ ප්‍රශ්න රැසකට මැදීවීය. එනමුත් ඔවුන්ගේ ගැටළුවලට විසඳූම් දීමට රාජ්‍ය නිලධාරියකු හෝ දේශපාලනඥයකු මෙතෙක් ඉදිරිපත් වී නැතැයි ගම්වාසීහු කියති.  ඔවුන්ට ඉඩම් ඔප්පු පිරිනැමීමේ වැඩ පිළිවෙළක් ද නැත.

මේ ගැන විමසීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයට ගිය විට ප්‍රාදේශීය ලේකම් නොසිටි අතර එදින වැඩ බැලූ නිලධාරියා කීවේ එම ප්‍රදේශය ගැන තමා නොදන්නා බවයි. තමා වව්නියාවට පැමිණියේ අලුතෙන් බව ද ඔහු කීවේය.

නම හෙළි කරනවාට අකමැති වූ ප්‍රාදේශීය සභාවේ නිලධාරියකු කීවේ බෝගස්වැව ගම්මානයේ ප්‍රශ්න ගැන ඇසිය යුත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල  නිලධාරීන්ට වඩා උසස් නිලධාරීන්ගෙන් බවයි. මේ ගැන වැඩි තොරතුරු හිටපු දිස්ත්‍රික් ලේකම්ගෙන් විමසීම වඩා සුදුසු යැයි ඔහු කීවේය.

වව්නියාව හිටපු දිසාපති බන්දුල හරිස්චන්ද්‍ර මහතාගෙන් මේ ගැන විමසූ විට ඔහු කීවේ තමා දැන් ස්ථාන මාරු ලැබ වෙනත් ප්‍රදේශයකට ගොස් සිටින නිසා අදහස් දැක්වීම නුසුදුසු බවයි.

එම ගම්මානයේ වැසියන්ට ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩ සටහන යළි අරඹා ඇති බව පමණක් කිව හැකි බව ද ඔහු කීවේය.

තරිඳු ජයවර්ධන සහ සිතුම් චතුරංග

ඡායාරූප තරිඳු ජයවර්ධන

bogaswewa-52

bogaswewa-7 bogaswewa-9 bogaswewa-12 bogaswewa-13 bogaswewa-20 bogaswewa-21 bogaswewa-25 bogaswewa-31 bogaswewa-32 bogaswewa-36 bogaswewa-54 bogaswewa-55

 

 

 

 



අදහස් (0)

ඉර නොපෑයූ ගමක් වවුනියාවේ

සුරේන් Monday, 21 December 2015 11:09 AM

හොඳ දේට හොඳයි කියන්න ඕනේ ,බැරිද උතුරු නැගෙනහිර මේ වගේ දුෂ්කර ගම්මාන ගැන තව හෙළි කරන්න (බ)

:       0       0

ගොඩ්ෆ්‍රී Monday, 21 December 2015 11:22 AM

මෙවෙනි දේ සොයාබලා ලංකාවට විශාල සේවයක් කරන මොවුන්ව අැගයිමට ලක්කළ යුතුයි. මන්ද යත් මොලේ කයන එක ඔලුවේ පිහිටලා තියන මැති ඇමැති වරුන්ගේ වැඩිපුර ඇස් අරින්නේ මොවුන් නිසා. සමහර දේ ඔරොත්තු නොදේ හැබැයි බලාගෙනයි පරිස්සමට. මෙය පළ කළ තරිදු සහ චතුරංගට ගොඩක් පින් . (ම)

:       0       0

විජිත Sunday, 20 December 2015 02:13 PM

මේ ගම්මාන ගැන හඩක් නගන එකට බොහොම පින් මොකද මේ ගම්මාන ටික රකින්න ඕනේ මිනිස්සු ටික රකින්න ඕනේ. ඉස්සර මේ ගම්මාන ටික බැලුවේ හමුදාවෙන් එයාල මේ මිනිස්සුන්ගේ දුක සැප හොයල බැලුව. උතුර සහ නැගෙනහිර අතර තියන එකම ගම්මාන ටික මේවා. දේශපාලුවෝ හිතන්නේ තමන් ගැන විතරයි රට ගැන හිතල මේ මිනිස්සුන්ට පිහිට වෙන්න එක අනාගතයට කරන ලොකු දෙයක්. (බ)

:       0       0

සඳුන් Monday, 21 December 2015 04:54 AM

සේරම දෙනකන් බලන් ඉන්න මිනිස්සු ඉන්නේ. මුලික පහසුකම් දුන්නට පස්සේ තමන්ගේ කියලා දෙයක් ගොඩනගා ගන්න උත්සහ කරන්න (හේ)

:       0       0

සංගීත් Sunday, 20 December 2015 02:38 PM

ම්ත් ලංකාවේ පුරවැසියෝ නේද මෙයලා ගැනත් බලන්න (හේ)

:       0       0

සාගල Sunday, 20 December 2015 02:52 PM

මේ ගැන බලධාරින්ගේ අවධානය යොමු වේවා.(හේ)

:       0       0

ප්‍රතිපන් Sunday, 20 December 2015 02:51 PM

ලංකාදීප අපි ඔබට ණයගැති.මේ කරන සේවයට (හේ)

:       0       0

සමන් Sunday, 20 December 2015 02:58 PM

ටිකක් ඉවසන්න වෙනවා (හේ)

:       0       0

චන්න Sunday, 20 December 2015 03:09 PM

කෝ උතුරු වසන්තය.(හේ)

:       0       0

යසිිරු Sunday, 20 December 2015 03:10 PM

මෙන්න මේවා තමයි ප්‍රශ්න.(හේ)

:       0       0

දහම් Sunday, 20 December 2015 03:22 PM

1968 සිට තිබෙන ගමක්. අඩු ගානේ නාමල් විදුලිය දීලා තිබෙනවා. එච්චර කල් හිටපු ආණ්ඩු මොනවද කරලා තියෙන්නේ.(හේ)

:       0       0

සුමිත්‍ර බස්නායක Sunday, 20 December 2015 04:00 PM

බලනකොට නාමල් යමක් කරලා තියනවා. මේ මිනිස්සු පව්. මේවා හොයල බලන්න ඕන නේද. දේශපාලකයෝ ඔය පළාත් වලටත් ගියානම් නේද හොඳ (බ)

:       0       0

ටෙනිසන් Sunday, 20 December 2015 04:23 PM

මෙහෙම ගම්මාන ලංකාවේ තව කොතෙකුත් ඇද්ද?(හේ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Monday, 21 December 2015 06:49 AM

ඇවන්ගර්ඩ් එකෙයි තාජුඩීන් ගෙයි ඇගේ එල්ලිලා ඉන්නවට වඩා මේවගේ දෙයක්වත් හොයල බලලා ඒ මිනිස්සුන්ට අවශ්‍ය දේවල් කරාලදෙනවානම් ලොකු දෙයක්. (කෞ)

:       0       0

ගොඩගේ Monday, 21 December 2015 01:58 PM

නිමල් ලාලිත , ඔබගේ අදහස අගේ කරමි. එය කෙසේද කියා පැහැදිලි නැත. අන්තර්ජාලයේ පාඨටකයන් සහ ලංකාවේ ආධාර දීමට කැමැති අය දැනුවත් කිරීම මගින් ......තව අදහස් ඇති අය පලකරන්න. හැම බලයකටම වඩා ජනබලයෙන් කළ නොහැක්කක් නැත. (බ)

:       0       0

ආනන්ද Sunday, 20 December 2015 06:39 PM

පවු මේ මිනිස්සු! (නි)

:       0       0

අශෝක ‍ Sunday, 20 December 2015 06:39 PM

රජයෙන් කරනතුරු බලානොසිට අපට පුළු පුළුවන් හැටියට උදව් කිරීම අපේ යුතුකමයි. (නි)

:       0       0

ලලිත් Sunday, 20 December 2015 07:25 PM

කොහොමද මෙහෙම ජීවත්වෙන්නේ? මේ මිනිස්සු සැමදා දුප්පත්. (නි)

:       0       0

මෙලනි Sunday, 20 December 2015 10:23 PM

අසරණ වූ ගම්මානයක් සහ මිනිසුන්. බලධාරින්ගේ යුතුකමක් තිබෙනවා සොයාබලා මේ අයට අවශ්‍ය පහසුකම් සැපයීමට.අනිත් කරුණ වාහන පර්මිට් වලට වගේ දේවල් වලට අරගල කරන අයටත් මේ වගේ අන්ත අසරණ අය ඉන්නවා කියලා ලංකාදීප පුවත්පතින් පෙන්වාදීමත් ඉතාමත් වටිනා සද්ක්‍රියාවක්. (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 20 December 2015 10:30 PM

මෙවන් දේ පෙන්වාදෙන ලංකාදීපයට පින්! (නි)

:       0       0

අජිත් Monday, 21 December 2015 01:48 AM

අපේ දේශපාලඥයින්ට වෙන දේවල් බලන්න තියනවනේ. මේවට වෙලාවක් නැහැ (නි)

:       0       0

ප්‍රියානි වීරකෝන් Monday, 21 December 2015 09:36 AM

කෝ මේ බලධාරීන් මේ මිනිස්සු ගැන බලන් නැද්ද? අසරණ මිනිස්සුන්ට ජීවනෝපායකුත් නැහැ. (කෞ)

:       0       0

හේමන්ත Monday, 21 December 2015 02:06 AM

මේ අහිංසක මිනිසුන්ට පිහිටක් වෙමු (නි)

:       0       0

සංජීව Thursday, 01 December 2016 07:56 AM

මේ මිනිසුන්ගෙ ප්‍රශ්න හැමදාමත් එකම තැන. අව්වයි වැස්සයි මහ‍ පොළවයි එක්ක හැප්පෙන මේ මිනිස්සු ගැන හොයන්න කාත් කවුරුවත් නැහැ. ආයෙත් වතාවක් කොටි ගහපු දවසට මේ කැලේටම මැරිලා පස්වෙලා යයි. නිවැරදි සැළසුමක්, ඉදිරි දැක්මක් නැතුව මේ වගේ ව්‍යාපාර ආරම්භ කරන මිනිසුන්ටයි ගහන්න ඕනෑ (නි)

:       0       0

නිමල් ලාලිත Monday, 21 December 2015 02:20 AM

දේශපාලුවන් ගැන බලාසිටීමෙන් වැඩක් නැහැ. අන්තර්ජාලයේ සිංහලයන් වෙනුවෙන් හඬනඟන අයට මෙන්න සිංහලකම පෙන්වීමට අවස්ථාවක්. මෙම ගම ගොඩනැඟීමට ඉදිරිපත් වෙමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 1267 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 73 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1203 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 194 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2050 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32316 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23830 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 448 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 206 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site