(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලෝන් මස්ක් 2027 වසරේදී ලොව ප්‍රථම ට්‍රිලියනපතියා වනු ඇතැයි ඉන්ෆෝර්මා කනෙක්ට් ඇකඩමියේ නවතම විශේලෂණ වාර්තාවක් පෙන්වා දෙයි.
ස්පේස් එක්ස් සමාගමේ සහ ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන ඉලෝන් මස්ක් ඇමෙරිකානු ඩොලර් බිලියන 251 ක වත්කමකට හිමිකම් කියන බවත් ඔහුගේ වත්කම් වාර්ෂිකව සියයට 110 ක ප්‍රතිශතයකින් වර්ධනය වන බවත් ඉන්ෆෝර්මා කනෙක්ට් ඇකඩමිය පවසයි. එසේම ඔහු ප්‍රධාන විධායක නිලධාරී ධුරය දරණ ස්පේස් එක්ස් සහ ටෙස්ලා සමාගම් වල වටිනාකම මෙම වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1195 ක් බවද ඉන්ෆෝර්මා කනෙක්ට් ඇකඩමිය ප්‍රකාශ කළේය.
ලොව දෙවැනි ට්‍රිලියනපතියා වීමේ වාසනාව 2028 වසරේදී ඉන්දියාවේ ගෞතම් අදානි උදාකර ගනු ඇති බවත් ඔහු ධනය වසරකට සියයකට 123 ක ප්‍රතිශතයකින් වර්ධනය වනු ඇති බවත් ඉන්ෆෝර්මා කනෙක්ට් ඇකඩමිය පුරෝකථනය කර ඇත.
එම ලැයිස්තුවේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන එන්වීඩියා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන ජෙන්සන් හුවාන්ග් සහ ඉන්දුනීසියානු බලශක්ති සහ පතල් කැනීම් ක්ෂේත්රයේ දැවැන්තයකු වන ප්රාජොගෝ පන්ගෙස්ටු හිමිකරගෙන ඇති අතර ඔවුන් 2028 වසරේදී ට්‍රිලියනපතියන් වනු ඇතැයි ඉන්ෆෝර්මා කනෙක්ට් ඇකඩමිය නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ. එසේම එම ලැයිස්තුවේ සය වැනි ස්ථානය හිමිකරගෙන සිටින මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් 2030 වසරේදීත් අටවෙනි ස්ථානය හිමිකරගෙන සිටින ඉන්දියාවේ මුකේෂ් අම්බානි 2033 වසරේදීත් ට්‍රිලියනපතියන් වනු ඇතැයි ඉන්ෆෝර්මා කනෙක්ට් ඇකඩමිය පුරෝකථනය කර ඇත.
මෙම ලැයිස්තුවේ පළවෙනි ට්‍රිලියනපතියන් 10 දෙනා අතර ඉන්දියාවේ දෙදෙනකු සිටීම විශේෂත්වයක් වන අතර ලොව ධනවත්ම පුද්ගලයන්ගේ වාර්ෂික ආර්ථික වර්ධන වේගය නොවෙනස්ව පැවතීමේ උපකල්පනය මත ඉන්ෆෝර්මා කනෙක්ට් ඇකඩමිය මෙම විශේල්ෂණ වාර්තාව සකසා ඇත.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉලොන් මස්ක් ට්‍රිලියනපතියෙක් වෙන්නයි යන්නේ
Jagath Monday, 09 September 2024 10:49 AM
අපේ කෙනෙක් හිටියා නම් ජෙප්පෝ වැඩේ දීලා දැන්ම....
පොඩිඑකාMonday, 09 September 2024 03:06 PM
මෙයා මොන මෝඩයෙක්ද?
ඉරේෂා Monday, 09 September 2024 01:07 PM
මට ආසයි... ඉලෝන් මස්ක්ගේ දියුණුවට හේතු දැනගන්න. හදවතින්ම සුබ පතනවා..!
පොඩිඑකාMonday, 09 September 2024 03:09 PM
එකම හේතුව මහින්දයයි, රනිලුයි හිටියේ නැති එක. හැබැයි පොඩි පුරස්නෙකට තියෙන්නේ කපුටා ඕකට කෙලින්න ඉඩ තියෙනවා...!
ANURA ROME Monday, 09 September 2024 01:46 PM
අනාගත මුදල් ඇමති හඳුන්නෙත්තිය ගෙන් ඇහුව නම් දැන ගන්න තිබුන සියල්ලදත්.
පොඩිඑකා Monday, 09 September 2024 01:55 PM
පොඩ්ඩක් හිටහං එලොං මල්ලි, අපේ නිමල් බේබි ජනාදිපති වෙනකං.
රම්සි Monday, 09 September 2024 03:11 PM
පරිස්සමින් ඉන්න මස්ක් කොම්ලෝ..., අපේ කපුටා ඔහේ..!