IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඉල්ලන් කන්න දුම්රියේ ගියොත් අමාරුවේ

දුම්රිය මගීන්ට හිංසා වන අයුරින් දුම්රිය තුළ සිඟමන් යැදීම තහනම් කිරීමට ගනු ලැබු තීරණය නොවැම්බර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

අසභ්‍ය ඇඳුමින් සැරසී දුම්රිය මගීන්ට කරදර කරමින් හිඟමන් යැදීම, හිඟමන් නොදුන් විට දුම්රිය මගීන්ට බාධා කරමින් බැන වදිමින් හැසිරීම  දුම්රිය ආඥා පනතට අනුව විරුද්ධ දෙයක් බවද එහි නිලධාරියෙක් පැවසීය. 

නීතිය ක්‍රියාවට නැංවු පසු ඊට එරෙහිව යමින් හිඟමනේ යෙදෙන යාචකයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද දුම්රිය නිලධාරිහු කියති.

මීට පෙරද මෙවැනි නියෝග පනවා තිබුණත් ඒවා ක්‍රියාත්මක වූයේ නැත.



අදහස් (0)

ඉල්ලන් කන්න දුම්රියේ ගියොත් අමාරුවේ

ධර්ම ජයවික්‍රම Wednesday, 28 October 2015 03:41 AM

ජීවත්වීම සඳහා යොදාගන්නා සෑම වැඩපිළිවෙලක්ම මුදලාලිකරණය වීම පමණක් නොව දේශපාලනීකරණය වූ යුගයක මෙවැනි තීරණ මඟින් හෝ එම තත්ත්වය පාලනය කිරීමට හැකි නම් යෙහෙකි. (නි)

:       0       0

සුනිල් Wednesday, 28 October 2015 03:58 AM

කැළණි වැලි මාර්ගයේ පැයට 20ක අධි වේගයෙන් කොට කොට යන මලකඩ කාපු, ජනෙල් නැති, වැස්සට තෙමෙන පෙට්ටිවලත් ගමන් කරන්නේ මේ රටේ මහජනතාව කියල හිතුවොත් එකත් ජනතා සේවයක්. (ම)

:       0       0

ශාන සෞදි Tuesday, 27 October 2015 12:19 PM

මේක නැතිබැරිකමම නොවේ. බොහෝවිට මෙය හොඳට අතපය තියාගෙන තව කෙනෙකු යටතේ කරන රැකියාවක්. ඔය හිඟාකන හැම කෙනෙක්ම වගේ වැඩ කරන්නේ මුදලාලි කෙනෙක් යටතේයි. මේක දුම්රියට පමණක් නොව, බස් හා කලර් ලයිට් වල හිඟමන් යැදීමත් තහනම් කළයුතුයි (නි)

:       0       0

සම්පත් Wednesday, 28 October 2015 04:14 AM

මෙයාල පුද්ගලික හිගන්නෝ නොවි හිඟන මිනිස්සු මුදලාලිලා විසින් පාලනය කරන්නේ අලුතින් කෙනෙක් ගියොත් ගහනවා රැඳු කරනවා මගේ නම් අදහස කිසිම හිගන්නෙකුට සල්ලි දෙන්න එපා පාරේ හිගකන (ම)

:       0       0

පුමුදු Wednesday, 28 October 2015 04:17 AM

අම්මෝ ලොකු පිනක්.(ම)

:       0       0

රයන් Wednesday, 28 October 2015 04:18 AM

ලොකු කරදරයකින් අපි ගැලවෙන්න යන්නේ (ම)

:       0       0

උමේශ් Tuesday, 27 October 2015 12:43 PM

ඇත්තටම ඉතාම හොඳ යෝජනාවක් (නි)

:       0       0

වසන්ත Tuesday, 27 October 2015 12:45 PM

නීති ක්‍රියාත්මක කළොත් හොඳයි. දුම්රිය ධාවනයේදී දොරටු වසා තැබීමට නියම කළොත් තවත් හොඳයි. දුම්රිය තුළ ජංගම වෙළඳාම තහනම් කරන්න. දුම්රිය භෝජන ශාලාව නැවත ස්ථාපිත කර ගුණාත්මක සේවයක් ඇති කරන්න. අලුත් දුම්රිය මැදිරි ගෙන්වන්න. (නි)

:       0       0

හෂාන් Tuesday, 27 October 2015 12:56 PM

ඇත්තටම මේක නම් ඉතාම හොඳ දෙයක් (නි)

:       0       0

සිල්වා - බර්ලින් Tuesday, 27 October 2015 12:59 PM

දුම්රියේ පමණක් නොව කටුනායක ගුවන්තොටුපළේත් පැමිණීමේ පර්යන්තයේත් සේවය කරන සේවකයන් තම සේවක හැදුනුම්පත බෙල්ලේ එල්ලාගෙන පිරිසිදු ඇදුමින් සැරසී රට සිට පැමිණෙන මගීන්ගෙන් සහ විදේශීය සංචාරකයන්ගෙන් ඩොලර් එක , දෙක හිගාකනවා , තව සමහරු(නිල ඇදුම් සහිත පොර්ටර්ල නොවේ ) වාහන වලට ගමන් මලු පටවන විට පැමිණ බලෙන්ම ගමන් මලු පටවා මුදල් ඉල්ලති . කෝච්චිය ගැන සොයනවා වගේම ගුවන්තොටුපළ ගැනත් සොයා බලන්න (බ)

:       0       0

විකි Tuesday, 27 October 2015 03:21 PM

මේක හොද දෙයක්. දුම්රිය වල දොරවල් වහනවා නම් තව වැඩිපුර දුම්රිය දන්නා වෙනවා. දැනට තියෙන දුම්රිය ප්‍රමාණවත් නැහැ වෙලාවක් නැති නිසා... (හේ)

:       0       0

දිලීප් Tuesday, 27 October 2015 03:29 PM

ඒ වැඩේනම් ගොඩක් හොදයි.(හේ)

:       0       0

කුමාර Wednesday, 28 October 2015 06:51 AM

දුම්රිය තුළ ජංගම වෙළඳාම තහනම් කරන්න. දුම්රිය තුළ වෙළදාම කරවලා සල්ලි ගන්න වෙනම කණ්ඩායමකුත් ඉන්නවා. මේ දුම්රිය තුළ වෙළඳාම් කරන අයගෙන් මඟී ජනතාවට හරිම කරදර විඳින්න වෙනවා (නි)

:       0       0

රූපසිංහ Tuesday, 27 October 2015 06:28 PM

මහින්ද, ඔයා පසුගිය කාලේ පත්තර බැලුවා නම් ඔයාගේ ප්‍රශ්නයට උත්තර සොයාගන්න තිබුනා. ඔය හිඟාකන අය අපිට වඩා පොහොසත්. බලාගෙන ගියාම අපියි හිඟන්නෝ. මොකද අපිට අනුන්ගෙන් ඉල්ලාගෙන කන්න තරම් ශක්තියකුත් නැහැ. නමුත් ව්‍යාජ හිඟන්නන්ට එය ප්‍රශ්නයක් නැහැ. (නි)

:       0       0

විපුල Wednesday, 28 October 2015 08:38 AM

හිගන අයත් මේ රටේ මිනිස්සු. වෙනසකට ඇත්තේ ඡන්දය නැතිවීම වෙන්න ඇති. නමුත් රට පාලනය කරන අය ඔවුන් ගැන බලන්න ඕනේ. සමහර හිගන්නෝ ඉන්නවා මග යන්න පණ නැහැ. ඔවුන් මහලු නිවාස වලට ඇතුලත් කරන්න ඕනේ. මේ අයගේ සුභ සාධනය ගැන හොයන්න ඕනේ. හිග මනේ යවන එක නෙමෙයි කරන්න ඕනේ. (බ)

:       0       0

වසන්ත Wednesday, 28 October 2015 03:26 AM

ඇත්තටම මේ සිඟමන් යදින්නන් මඟීන්ට මහත් හිරිහැරයක් (නි)

:       0       0

මහින්ද Tuesday, 27 October 2015 12:08 PM

ඉල්ලන් කන අය මේක ගැන දැනුවත්ද? කවදත් නැති බැරි අය දෙස ඇති හැකි අය බැලුවේ කරදරකාරයො විදිහට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 455 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 484 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 10682 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3091 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3874 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6147 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19507 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 286 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site