IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


‘ඉල්ලීම් නැත්නම් ව්‍යවස්ථාවට සහාය නෑ‘ - ටීඑන්ඒ

(සිරාජ් හසීම්)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහාය පළකරන්නේ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම ඇතුළු ඉල්ලීම් ත්‍රිත්වයක් ඊට ඇතුළත්ව ඇත්නම් පමණක් යැයි දෙමළ ජාතික සන්ධානය පවසයි.

උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම,මධ්‍යම රජයට යළි පවරාගත නොහැකි වන ආකාරයට පළාත් සභාවෙත පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කිරීම, මුදල් බලතල පළාත් සභාවෙත ලබාදීම යන ඉල්ලීම් ත්‍රිත්වය ව්‍යවස්ථාව වෙත අනිවාර්යෙන්ම ඇතුළත් වීම එම ඉල්ලීම්  වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු වාර්තාව පිළිබද  මාධ්‍යට අදහස් දක්වමින් සුමන්තිරන් මහතා මේ බව කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව වෙත ලබාදී ඇති යෝජනා සහ ඉල්ලීම් නොපිළිගනිමින් ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් ඊට කිසි විටක සහාය නොවන බවද ඔහු කීය.



අදහස් (19)

‘ඉල්ලීම් නැත්නම් ව්‍යවස්ථාවට සහාය නෑ‘ - ටීඑන්ඒ

Raveendra Monday, 09 October 2017 03:37 PM

දෙන්නෙමි සහය දුන්නොත් අපේ මිදි පොකුර// හැමවිට සිතුවේ ගන්නට මුළු මිදි වත්ත// දැන් දැන් පෙනේ අපහට එය දුරස් වෙලා// බැරි වෙයි අපට ගිල්ලන්නට දෙන දිරපු ලණු//

:       2       405

weera wickrama Monday, 09 October 2017 03:44 PM

කාටද එන්නේ කියලා පේනවනේ?

:       0       63

sathyapala Tuesday, 10 October 2017 02:53 AM

සිංහල ජනතාවට පමණක් ඇති දෙමල හෝ මුස්ලිම් ජනතාවට නැති කිසිවක් වේ නම් ඒ සියල්ල දියයුතුය. එහෙත් කිසිම ජාතියකට කිසිවක් විශේෂයෙන් නොදිය යුතුය. ලෝකයේ වෙනත් රටවල වෙන්නේ මහා ජාතියට පමණක් ඇති විශේෂ දෙයක් සුළු ජාතීන්ද ඉල්ලීමයි. එහෙත් ලංකාවේ සිදුවෙන්නේ සමහ ජාතියට වඩා වැඩි දේවල් සුළු ජාතිය ඉල්ලීමයි. සුළු ජාතික චන්ද වලින් බලය රැකගැනීම සදහා රට පාවාදෙන මොහොත ආසන්නයි. අපි එළිපිට කෑගසුවද අපි නොදැන ඉතා සංවිධානාත්මකව සහ සැලසුම් සහගතව සියල්ල සිදුවෙමින් පවතී.

:       0       412

satyapalaTuesday, 10 October 2017 03:49 AM

ඒ සදහා හාමුදුරුවරුන් අතර ගැටුම් සිංහල සංවිධාන අතර ගැටුම් බුද්ධිමතුන් අතර, කලාකරුවන් වැනි සියලු පාර්ශවයන් අතර ගැටුම් නිර්මාණය කර සාමාන්‍ය ජනයා කොයි දේ හරිද කියා සිතාගන්නට නොහැකි තැනට දමා සියලු මාධ්‍ය බෙදුම්වාදයට හිතකර දේපමණක් පළකරන්නට බලය යොදවා ක්ෂණිකව පනත සම්මත කර රට බෙදන මොහොත අත ලගය. තිබෙන ආරංචි අනුව උපක්‍රමයක් ලෙස රට බෙදන පනත සම්මත කරන්නට මොහොතකට පෙර සයිටම් ගැටලුවට දොස්තරලා සතුටු කරන විසදුමක් ලබාදී එහි සතුට මහජනයා විදින මොහොතේ රට බෙදන පනත සම්මත කරගනු ලබයි.

:       0       281

ONE SRILANKANTuesday, 10 October 2017 07:02 AM

ඔබ හරි සත්‍යපාල.......

:       0       20

Lapaya Monday, 09 October 2017 04:38 PM

මුළු ලංකාවේ ජනගහනයෙන් 20%ක් වත් නැති නම් ඉල්ලන්නේ ලංකාවෙන් බාගයක්.

:       0       183

රුවන් Monday, 09 October 2017 04:39 PM

උතුරේ දෙමල ජනතාව නැගෙනහිර දෙමල ජනතාවට සලකන විදිය ගැන සාධාරණ ප්‍රශ්නයක් තියෙනවා, සිංහලුන් පසෙකින් තබමුකෝ, නැගෙනහිර දෙමල ජනතාව මේ ඉල්ලිම් වලට එකඟ වෙයි ද? විශ්වවිද්‍යාල වලදී නැගෙනහිර දෙමල ළමුන්ට යාපනේ දෙමල ළමුන් සලකන විදිය දැකල තිබෙන අය දන්නවා මේ කාරණය. නැවත ලබාගත නොහැකි ලෙස බලය ලබා දීම යනු, වෙනම රටක් හා සමානයි, මොකද නැවත ඒ කිසිවක් ලංකාවේ සමස්ථ චන්දයකින් වෙනස් කරන්න බැහැ. වෙනස් කරන්න පුළුවන් එකම ක්‍රමය ඒ ඒ පළාතේ චන්දයෙන්. මුදල් බලතල පළාත් වලට ලබා දෙනවා යනු, පළාත් වලට බදු එකතු කිරීමේ බලය මධ්‍යම ආණ්ඩුවෙ බලපෑමකින් තොරව කරගෙන යන්න පුළුවන්. එවිට යාපනේ මිනිස්සුන්ගේ බදු එකතු කරන ප්‍රමාණය සහ කොළඹ සල්ලි එකතු කරන ප්‍රමාණය තීරණය වෙන්නේ ඒ ඒ පළාත් සභා වලින්. ලංකාවේ මිනිසුන් දියවන්නාවෙන් තැලෙනවා මදිවට ඒ ඒ පළාත්සභා වලිනුත් ගුටි කන්න වෙන ව්‍යවස්ථාවක් මේක.

:       0       151

Samith Monday, 09 October 2017 04:43 PM

අපරාදේ කොල්ලෝ 30 000ක් මැරුනේ... ඊළම මේ අයට දුන්නා නම් ඉවරයි... මේ ගොල්ලො කොහොමත් දෙනවා ඕක...

:       53       293

dias Monday, 09 October 2017 04:51 PM

මස් රාත්තලම ඉල්ලනවා වගේ පේනවා.

:       0       94

asanka Monday, 09 October 2017 10:18 PM

මේ විදිහට පූර්ණ බලතල දුන්නොත් 2025 වනවිට ශ්‍රී ලංකාවෙන් වෙන්වී වෙනම රාජ්‍යයක් බවට පත්වෙනවා ද නැද්ද යන්න තීරණය කිරීම සදහා ජනමතවිචාරණයක් තිබ්බොත් උතුරු නැගෙනහිර ඒ පළාත් වල මිනිස්සු වෙනම රාජ්‍යයකට පක්ෂව චන්දය දෙනවා අනිවාර්යෙන්ම

:       0       165

ranjith Monday, 09 October 2017 11:09 PM

මේ ගොල්ලන්ගේ ඉල්ලීම් දුන්නොත් සදහටම ලංකාවේ ගැටුම් ලේ හැලීම් මිස සංවර්ධනයක් ගැන නම් හිතනු බොරු. මේ වැනි ඉල්ලීම් ලබා දීමට නොහැකි බව දැන දැනම නැවත නැවත ඉල්ලා සිටින්නේ මෙරට පවතින රජයේ නිවට නියාලු කම නිසා නොවෙයිද?

:       0       91

charithperera Monday, 09 October 2017 11:59 PM

අපිට මේ තුනෙන් එකකට විතරක් එකග වෙන්න පුළුවන්. බදු එකතු කිරීමේ බලය උතුරු පලාතට ලැබෙන අතර, එම බදු තීරණය කිරීමේ බලය මධ්‍යම රජයටද , එකතු කල මුදල් එකතු කිරීමෙන් අනතුරුව මධ්‍යම රජයට ලබා දෙන්නේ නම් එකතු කිරීමේ බලය විතරක් දෙන්න පුළුවන්.

:       28       7

Rasi Malwatta Tuesday, 10 October 2017 12:37 AM

මට නම් ජනාධිපතිතුමයි, අගමැතිතුමයි අපේ රටට නරක දෙයක් කරයි කියලා විශ්වාස කරන්න අමාරුයි.

:       180       13

RaveendraTuesday, 10 October 2017 01:52 AM

රසී මල්වත්ත මයවෙත, ඔබගේ අදහසට මෙයද එකතුකිරීමට කැමැත්තෙමු."ලෙඩා මලත් බඩ සුද්ද වෙලා නොව ". රටට හෙන හතම වැදුනත් කම්නැත අපි නොව බලයේ ඉන්නේ.

:       0       209

GayanTuesday, 10 October 2017 03:17 AM

අපෝ කරන තරමක් රටට වැඩ දායි දේවල නේ කරේ මහත්තයෝ .......

:       0       44

සෙනෙවි Tuesday, 10 October 2017 11:37 AM

මල්වත්තෙ මහ නාහිමිත් කිව්වෙ මල්වත්තේ රසී කියපු කතාවමයි

:       0       64

Bukawa Tuesday, 10 October 2017 02:10 AM

ඔය වියවසතව අකුලගන්න ජනතාව කියන්න කාලය ඇවිල්ල වගේ.

:       0       100

one srilankan Tuesday, 10 October 2017 03:48 AM

හත් දෙයියනේ මේ මහත්තය නොකිය කියන්නේ වෙනම රටක් ගැන නේද මුදල් බලතල ,,දෙන බලය නැවත ගන්න බැරි ,,,පළාත් එක්කිරීම් ,,,පළාත වෙනුනහම මෙයාලට තියන අපහසුව අසාධාරණය මොකකක්ද ,,,,,,,,,යකෝ මේක එක රටක් ,,,සමගියෙන් ඉදන් සැනසීමේ මැරිලා යමු ,,,කිසිම සුළු ජාතියකට ලංකාවේ අසාදාරනයක් වෙලා නැත ,,මහා ජාතිය වන සිංහලයටයි අසාධාරණය වෙන්නේ ,,,යාපනේ තේසවලාමේ නීතිය යටතේ අන් යට ඉඩම් ගැනීම සීමා වෙලා නේද ,,,එහෙමද ලංකාවේ අනික් ඕනෙම තැනක ඕනෙම කෙනෙකුට ඉඩම් ගන්න පුළුවන් නේද ,,,මගේ නිර්දේශය බලදරයනි තිබෙන බලතල හැර අලුත් කිසිම බලයක් කිසිම පළාත් සබාවකට එපා ,,,කව්ද අලුත් ව්‍යවස්ථාවක් ඉල්ලුවේ ,,මේක රටේ තවත් ප්‍රස්නයක් ,,,තමන්ගේ අාගම දහම අදහගෙන අපි සියලුම ජාතින් එක මවගේ දරුවෝ වගේ සමගියන් ඉදල මැරිලා යමු,,,ලෝකෙම්ම උතුම් රට ලංකාව ලෙසට ඉහලට ගන්න එතකොට පුළුවන් ,,,,,රට කඩන්න එපා මින්සුනේ ,,,,

:       0       100

prakaash Tuesday, 10 October 2017 10:56 AM

මේ නිවට ද්‍රෝහී පාලකයින් රණ විරුවාව පාවා දෙමින් කොටින්ට එදා කර ගන්න බැරි වූ දේ කරනවා.මේ නිවටයින් එදා හිටියෙත් කොටින් සමගයි.එනිසා තමයි මේ ද්‍රෝහී දේශපාලුවන් මේ වගේ සද්දේ දාන්නේ රටේ මිනිසුන්ට බොරු කියමින් කොටියාට අවශ්‍ය වූ දෙය බටහිරයින්ව සතුටු කරමින් ක්‍රියාත්මක කරනවා.ජනතාව මෙය තේරුම් ගත යුතුයි.ව්‍යවස්ථාව වෙනස් කරමින් සිදු කරන්නේ එයයි මෙය බත් බැලයින්ට වැටහෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාස්කුව විකුණන් කෑම ලැජ්ජයි
2025 අප්‍රේල් මස 21 52 0

පළාත් පාලන මැතිවරණයට පෙර දේශපාලන වාසි තකා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය විකුණන් කෑම නවත්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල


අනතුරින් අඹු සැමි යුවළ මරුට:දරුවා රෝහලට
2025 අප්‍රේල් මස 21 86 0

ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් බල්ලකුගේ හැපී කාණුවකට පෙරැළී අද(21) සිදු වූ අනතුරකින්අඹුසැමි යුවළක් මියගොස් වයස අවුරුදු එකහමාරක පුතෙකු තුව


විශ්ව විද්‍යාල කොමිසමටත් ඇමැති බංගලාවක්
2025 අප්‍රේල් මස 21 286 0

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන


කාදිනල්තුමාගෙන් ජනපතිට ඉල්ලීම් ගොන්නක්
2025 අප්‍රේල් මස 21 726 1

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන


සිරි දළදා වන්දනාවේ කාලය වෙනස් කරයි
2025 අප්‍රේල් මස 21 854 1

මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ


පුංචි ඡන්දයේ පැමිණිළි 1,874 ක් දක්වා නගී
2025 අප්‍රේල් මස 21 40 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 426 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 270 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 426 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site