(රංජන් කටුගම්පොල සහ විමුක්ති එස්. රොද්‍රිගු)
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා සම්බන්ධයෙන් ජනවාරී මස 27 වනදා දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ශ්‍රී ලංකා රග්බි ආයතනය අද (16) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති ධුරයෙන් තමන්ව ඉවත් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා රග්බි ආයතනයට යොමු කර ඇති ලිපියක් බල රහිත කරන ලෙස ඉල්ලා රිස්ලි ඉලියාස් මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේ දී රග්බි ආයතනය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා විසින් මෙම දැනුම්දීම සිදුකෙරිණි.
මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සළකා බැලිණි.
එහිදී පෙත්සම්කාර සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට බලයක් නොමැති බවයි.
ඒ සම්බන්ධයෙන් බලය පැවරී තිබෙන්නේ රග්බි ආයතනයට පමණක් බවත්ය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, එම අමාත්‍යාංශයේ ලේකම්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ශ්‍රී ලංකා රග්බි ආයතනය නම් කරනු ලැබ සිටියි.
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉකුත් 8 වනදා ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති ධුරයෙන් තමන් ඉවත් කරන ලෙස දන්වා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් රග්බි ආයතනය වෙත ලිපියක් යොමුකර ඇති බව පෙත්සන්කරු කිා සිටියි.
එවැනි ලිපියක් නිකුත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට බලයක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරු එය ක්‍රීඩා පනතේ ප්‍රතිපාදන ඉක්මවා ගොස් කටයුතු කිරීමක් බවයත් ද පෙත්සමේ සදහන් වේ.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ මෙම ලිපිය නීතියට පටහැනි යැයි තීන්දු කර එම තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු පෙත්සමෙන් ඉල්ලා ඇත.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉල්ලියාස් ජනවාරි 27 තෙක් රග්බි සභාපති ධූරයේ