දේශපාලනයෙන් හෝ කිසිදු අයුරකින් නායකත්වයෙන් ඉවත්වන ලෙස තමන්ට බලපෑමක් සිදු නොවු බව තිලකරත්න ඩිල්ෂාන් පවසයි. මාධ්‍ය ඔස්සේ තමන් ගැන ප‍්‍රකාශ වු දේවල් සහ දකුණු අප‍්‍රිකානු සංචාරය තෙක් නායකත්වයට පත් කර තිබීම ඉල්ලා අස්වීමේ ලිපිය යැවීමට හේතුවක් වු බවද ඩිල්ෂාන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ අද (26* පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.
”මාව නායකයා ලෙස පත් කළේ දකුණු අප‍්‍රිකානු සංචාරය ඉවරවෙන තෙක් පමණයි. සංචාරය ඉවර වෙන්න තරග දෙකකට උඩදී මාධ්‍යයෙන් නොයෙක් දේවල් ප‍්‍රකාශ වුණා. ඉතිං මම හිතුවා මේක ප‍්‍රශ්ණයක් නොකර එරට සිට මගේ ඉවත්වීම බාර දෙන්න”
”ඉන් පසුව අවශ්‍ය නම් අලූතෙන් පත් වුණ තේරීම් කමිටුවට පුළුවන් යළිත් මාව පත් කරන්න. නැත්නම් අලූත් කෙනෙක් පත් කරන්න”
”මම හරි දේ කරලා බලන් හිටියා මොකද වෙන්නේ කියලා. ඔවුන් තීරණයක් ගෙන තිබෙනවා. මම ඒ දෙයට කිසිම දෙයක් කියන්නේ නැහැ. අලූත් නායකයාට මම උපරිම සහයෝගය දෙනවා” යයිද ඩිල්ෂාන් පැවසීය.
තමන්ට දුරකතනයෙන් පවා යම් යම් දේවල් අසන්නට ලැබුණු බවත්, නව තේරීම් කමිටුවට තීරණයක් ගැනීමේ අවස්ථාව දුන් බවත් හිටපු නායකයා වැඩිදුරටත් පැවසීය.
තමන් නායකයා වශයෙන් පත්කළේ දකුණු අප‍්‍රිකා සංචාරය සඳහා පමණක් හෙයින් ඉල්ලා අස්වීමේ ලිපියක් යොමු කිරීමේ අවශ්‍යතාවක් නොමැති වුවත්, තමන්ගෙන් ඉවත්ව යන ලෙස පැවසීමට පෙර ලිපියක් ඔස්සේ තම තීරණය යොමු කළ බවත් ඩිල්ෂාන් අද (26 වැනිදා* මාධ්‍ය හමුවේදී පැවසීය.
”මම නායකයකු හැටියට මහේලගෙන් පස්වැනි ස්ථානයේ කී‍්‍රඩා කරන්න යැයි පැවසුවාම මහේල කිව්වා මම චන්දිමාල්ට ඒ අවස්ථාව දෙන බව කිව්වා. එය මහේලගේ හොඳ ගතිගුණයක්. යැයිද හිටපු නායකයා පවසයි.
”මම ගොඩක් සතුටු වෙනවා මහේල වගේ පලපුරුදු ක‍්‍රීඩකයෙක් නායකත්වයට පත්වීම ගැන. ඔහු පවසනවා වසරක් වැනි කාලයකට බාර ගත්තා කියලා. මහේල තව වසර දෙකක්වත් නායකත්වයේ සිටිය යුතුයි”
”නායකත්වය දැරිය හැකි කී‍්‍රඩකයෙක් තව වසර දෙක තුනකටවත් පෙනෙන්නේ නැහැ. ජේ්‍යෂ්ඨයන් හැටියට අපට නවකයන් ඒ සඳහා පුරුදු කරන්න ඕනේ. ඒ දේ මහේලට කළ හැකි යැයි මම සිතනවා” යැයි ද ඩිල්ෂාන් පවසයි.
ලෝක කුසලාන තරගාවලියේදීත් තමන් පන්දු යවන්නෙකු ලෙස දස්කම් දැක්වු බවත්, නායකයකු වු පමණින් සිය තුන් ඉරියව් දස්කම් අපතේ නොයා රට වෙනුවෙන් ක‍්‍රීඩා කිරීම සිය අරමුණ වු බැවින් පන්දු යැවීම ද මුලික කටයුත්තක් වු බවද ඔහු පවසයි.
දකුණු අප‍්‍රිකාවට එරෙහිව අවසන් එක්දින තරග දෙක ජය ලැබීම නිසා තමන්ට ඕස්ටේ‍්‍රලියානු තරග සංචාරයේද නායකත්වය හිමි වුවා නම් එය හොඳින් කිරීමට තිබුණා යැයි ද ඩිල්ෂාන් පවසයි.
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉල්ලා අස්වෙන්න’යි කිසිවකු මට බලපෑම් කළේ නෑ