ඉවසීම ගැන ඉගෙනගන්න හොඳම උදාහරණය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා බව දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක අමාත්‍යවරයා ඇල්පිටිය ආනන්ද මැදි මහ විදුහලේ පැවති ‘නැණ අභිමානී‘ සහතික පත්‍ර හා සම්මාන ප්‍රදාන වැඩ සටහනට එක්වෙමින් කීවේය.
ගයන්ත කරුණාතිලක හා සාගල රත්නායක අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම උත්සවය පැවැත්විණි.
‘මම පළාත් සභාවට ගියේ 1999. ඒ අවුරුද්‍දෙ මගෙත් එක්ක පළාත් සභාවට ගියේ සාගල රත්නායක ඇමතිතුමා. අපි දෙන්න පළාත් සභාවට ගියෙත් එකට. ඊට පස්‍සෙ අපි දෙන්න 2001 දී පාර්ලිමේන්තුවට ගියා. ඒත් එකටමයි. ඊට පස්‍සෙ වත්මන් ආණ්ඩුවෙ කැබිනට් ඇමතිධූර දෙකක් අරන් ඇවිත් අද අපි දෙන්න එකකට මේ පළාතට සේවය කරනවා.‘ යැයි ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා උත්සවය සභාව අමතමින් කීවේය.
‘මේ රටේ දරුවන්‍ගේ අධ්‍යාපනය වෙනුවන් පාසල් වලින් ඉහල කාර්යයක් සිදුවෙනවා. නමුත් තියන ප්‍රධානතම ප්‍රශ්නය තමයි පාසල තුළින් ලැබෙන අධ්‍යාපනය මගින් දරුවන්ට හිමිවන පොතපතේ දැනුමට අමතරව ප්‍රමාණවත් ප්‍රායෝගික පුහුණුවක් ලැබෙනවද කියන කාරණය.‘ යැයිද සාගල රත්නායක ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරිමත් සමග (21) දින මධ්‍යම රාත්‍රියේ සිට (22) දින දහවල් 12 දක්වා පනවා ඇති ඇදිරි නිතිය නුවරඑලිය දිස්ත්‍රික්කය පුරා ආරක්ෂක අංශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ඉවසීම ගැන ඉගෙනගන්න හොඳම අය රනිල් හා ගයන්ත‘
ධර්ම ජයවික්‍රම Wednesday, 28 October 2015 04:51 AM
අනාගතය අප අතේය. අපේ අත් හදවතේය. පිට කසන්නට එම අත්වල නියපොතු වැඩි නැත්තේය. (බ)
මධුසංඛ Tuesday, 27 October 2015 01:11 PM
ඇමතිලා මන්ත්‍රී තුමාලා එකතුවෙලා පුලුවන්නම් මේ රටේ මත්කුඩු වල මහා මොළකාරයන් අල් ලලා මේ රටින් මත්කුඩු නැති කරලා මේ අහිංසක දු දරුවා බේරා දෙන්න ඒ පිනම ඇති නිවන් දකින්න (බ)
සිල්වා Tuesday, 27 October 2015 02:32 PM
ගයන්ත කරුණාතිලක මහතා එදා සිට අද වෙනතුරු වැදගත් දේශපාලනය කරා ඒ වගේම ගරු අගමැති රනිල් මහතාද එසේමයි එතුළින් සමාජයට ලොකු ආදර්ශයක් ලැබිලා තියෙන්නේ වර්තමාන සමාජයේ මුදල් බලය පසුපස හඹා යන පිරිසක් අතරේ තමන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම හරිම වැදගත් මෙම ආදර්ශය අනිකුත් දේශපාලන පුද්ගලයන් අනුකරණය කරන්නේනම් රටත් සමාජයත් යහපත් වේවි !! (බ)
රුවන් Tuesday, 27 October 2015 02:38 PM
ගයන්ත ඇමතිගේ ආසනය උඩින්ම පරිදි(ඇල්පිටිය)...එතුමා බද්දේගම අසනීපෙන් හිටිය නුඹ ආසනය දිනනවා (බ)
නිමල් Tuesday, 27 October 2015 06:08 AM
තමන්ම තමන්ගේ පිට කහ ගන්නවා වගේ කතාවක් (බ)
ඇන්ටන් Tuesday, 27 October 2015 02:59 PM
දේශපාලකයකුට තිබියයුතු ගුණාංග "උකුසු ඇසක්, බුරු පිටක්, ඌරු නාසයක් (බ)
ටෙනිසන් Tuesday, 27 October 2015 06:29 AM
නිමල්,ඒ අතරේ අනුන්ගේ පිටත් කහනවා ඔය ඒ ටික දැක්කේ නැද්ද ? (බ)
සුකුමාල් හරිස්චන්ද්‍ර Tuesday, 27 October 2015 06:36 AM
ඔව් ගයන්ත කරුණාතිලක ඇමතිතුමාගෙ ඉවසීම හොඳයි කියන්න පුළුවනි. 2013-14 කාලෙ කැබිනට් ඇමතිකම් වලටත්, ඊට පස්සෙ මහ ඇමතිකමටත් ඒකාලෙ සන්ධාන ආණ්ඩුවට එකතු වෙනව කියල රාව යැව්වට ඒව නොකර හිටිය. අද කැබිනට් ඇමති කෙනෙක්.. ඒක තමයි ඉවසීම. රනිල් අගමැතිතුමත් එහෙම ඉවසීමක් තිබුනු කෙනෙක් තමයි. (බ)
සඳරුවන් Tuesday, 27 October 2015 06:38 AM
පහුගිය පාර්ලිමේන්තු සභාවාර කීපය බැලුවනම් ඔය කතාවේ ඇත්ත නැත්ත බලාගන්න තිබුන (බ)
ජීවන්ත Tuesday, 27 October 2015 06:42 AM
අනේ මන්දා මොනවා කියන්නද කියලා (නි)
සංඛ Tuesday, 27 October 2015 06:44 AM
ප‍්‍රතිචාර දක්වන සමහර අයත් අනුන්ගේ පිටවල් කහනවා. (බ)
සිසිර Tuesday, 27 October 2015 06:42 AM
රනිල්ගෙ ඉවසීම හින්දද සතුන්ගේ නම් කියකියා බනින්නේ? (බ)
සරත් සෞදි Tuesday, 27 October 2015 06:50 AM
හොදම පුද්ගලයා අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ. (ර)
හිරාන් Tuesday, 27 October 2015 06:58 AM
අයිසේ රිලවු වෙන්න එපා, වඳුරෝ වගේ හැසිරෙන්න එපා. (බ)
යසස් Tuesday, 27 October 2015 07:03 AM
එහෙනම් අපි ඉස්සරහට ඒ දෙන්නා ආදර්ශයට අරගෙන වැඩ කරන්නම්. නේද? (නි)
ඩෝසන් Tuesday, 27 October 2015 07:00 AM
ගයන්ත ඡන්දෙදි තමුන්ගේ ආසනෙයි දිස්ත්‍රික්කයෙනුයි උඩින්ම දිනුවා. හැබැයි සාගලට තමුන්ගේ ආසනය වන දෙනියාය ආසනයවත් දිනාගන්න බැරිවුණා. 2010දී ගයන්ත දිනුවත් සාගල පරාද වුණා. (නි)
ප්‍රසන්න Tuesday, 27 October 2015 07:42 AM
තව ඉන්නවා... (නි)
නිලුපුල් Tuesday, 27 October 2015 07:44 AM
අලුතින්ම එක්වූ ප්‍රස්ථා පිරුළ නම් ''සාගල ඉවසීම ගැන කිව්වා වගේ''.....!!!!!!!! (නි)
මානෙල් Tuesday, 27 October 2015 07:57 AM
හොද මහත්මා ගතිගුණ ඇති කෙනෙක්. (ර)
සිල්වා බර්ලින් Tuesday, 27 October 2015 08:49 AM
පොරොන්දු වෙච්ච විදිහට හොරු ටික අල්ලලා රටේ ඉදිරි දියුණුවට හේතුවන ව්‍යාපෘති පටන් ගන්න. (ර)
සිසිර Tuesday, 27 October 2015 09:15 AM
ප්‍රතිචාර දැක්කම මුකුත් නොලියා ඉන්න හිතුනා. (ර)
ශානක Tuesday, 27 October 2015 09:25 AM
ඔව් වෙන මොනා කියන්නද.? (ර)
රණවීර Tuesday, 27 October 2015 09:49 AM
අපේ දරුවන්ගේ අනාගතය ඔබ අතේ.... (ර)
ධම්ම Tuesday, 27 October 2015 09:59 AM
වාඩිවෙන්න වාඩිවෙන්න. වට්ටක්කා ගෙඩිය. (බ)
කරුනතිලක Tuesday, 27 October 2015 10:50 AM
හොද නායකයකුගේ ලක්ෂණයක්. (ර)
සාගර Tuesday, 27 October 2015 10:52 AM
ඔබට සුබ පැතුම්. (ර)
ලාල් Tuesday, 27 October 2015 11:19 AM
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හොඳින් ඉවසීම පුරුදුකළ මහත්මයෙක්.එතුමා සමහර අවස්ථා වලදි සමහරුන්ගේ ක්‍රියාකලාපයන් නිසා ඒ ඒ අයට ගැළපෙන, සුදුසු නම් වලින් ආමන්ත්‍රණය කිරීම වරදක් කියා මම නොසිතමි (නි)
නිශාන්ත Tuesday, 27 October 2015 11:42 AM
ඉවසීම කෙසේ වෙතත් තණ්හාව , ආශාව , බලයට තියෙන කෑදරකම ගැන ඉගෙන ගන්න පුළුවන් ඔය මිනිස්සුන්ගෙන් (බ)
සිරිසේන Tuesday, 27 October 2015 12:00 PM
ඔහොම යමු. ජය වේවා.! (ර)