IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඉෂාන් ද්විත්ව ශූරතා දිනාගනී

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කළ 11 වැනි ජාතික කනිෂ්ඨ කැරම් තරගාවලියේදී ඉෂාන් කන්නන්ගර ද්විත්ව ශූරතා දිනා ගැනීමට සමත්විය. වත්මන් ජාතික කැරම් ශූරී ජෝශප් රොෂිටා වයස 21 න් පහළ කාන්තා කේවළ ඉසව්වේ ශූරතාව දිනා ගත්තාය. ජාතික ශූරියන් වන චලනි ලක්මාලිට සහ මධුෂිකා කාංචනමාලාට එහිදී හිමිවුයේ අනුශූරතාව සහ තෙවැනි ස්ථානයයි. ඉෂාන් කන්නන්ගර වයස 21 න් පහළ පිරිමි කේවළ හා යුගල ඉසව් ජය ගැනීමට සමත්විය. මහරගම නේෂන්ස් ට‍්‍රස්ට් බැංකු පරිශ‍්‍රයේ උඩු මහලේ පිහිටි කැරම් සංගම් ශාලාවේදී පැවැති මෙම තරගාවලිය වයස 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ 19 න් පහළ සහ 21 න් පහළ වයස් කාණ්ඩ හතරකින් පිරිමි හා කාන්තා කේවළ ඉසව්වෙන් තරග පැවැත්විණ. වයස 17 න් පහළ සහ 21 න් පහළ වයස් කාණ්ඩ දෙකට පමණක් යුගල ඉසව්ව ඇතුළත් විය. අවසන් තරග ප‍්‍රතිඵල: 13 න් පහළ (බාලක) සනත් රාජපක්‍ෂ (රාජකීය) විසින් දක්‍ෂිණ අල්විස් (මහනාම) පරාජය කරන ලදී. (25/6) තෙවැනි ස්ථානය: කේ.එන්.අමරසිංහ (මහනුවර ශා.සිල්වෙස්තර) 13 න් පහළ (බාලිකා) තරුෂි හිමහංසිකා (මහමායා) විසින් තරුෂිකා චමෝදි (සමුද්‍රදේවි) පරාජය කරන ලදී. (25/23) තෙවැනි ස්ථානය: මින්සදී ලක්නාරා (අනුලා) 15 න් පහළ (බාලක) එම්.මුෆීස් (ශා.සිල්වෙස්තර) විසින් දිලූක් පෙරේරා (ධර්මපාල) පරාජය කරන ලදී. (25/4, 25/4) තෙවැනි ස්ථානය: එච්.පී.කුමාර (ශා.සිල්වෙස්තර) 15 න් පහළ (බාලිකා) දිතුනි නොමායා (පන්නිපිටිය ධර්මපාල) විසින් සුචිනි ශෂිකලා (මහමායා බාලිකා) පරාජය කරන ලදී. (25/10, 25/8) තෙවැනි ස්ථානය: ශලිනි සන්දීරා (ධර්මපාල) 17 න් පහළ (බාලක) මනුක අසේන් (රාජකීය) විසින් මොහොමඞ් සාහිඞ් (රාජකීය) පරාජය කරන ලදී. (25/11, 25/10) තෙවැනි ස්ථානය: අනාස් අහ්මඞ් (රාජකීය) 17 න් පහළ (බාලිකා) රෙබිකා ඩැල්රින් (බොරැල්ල සියලූ ශාන්තුවරයන්ගේ කන්‍යාරාමය) විසින් අක්ෂානා පෙරේරා (විශාඛා) පරාජය කරන ලදී. (25/18, 15/25, 25/19) තෙවැනි ස්ථානය: දුලානී කල්පනී (රත්නපුර සුමන බාලිකා) 17 න් පහළ (බාලක, යුගල ඉසව්ව) අනාස් අහ්මඞ් සහ මොහොමඞ් සාහිඞ් (රාජකීය) විසින් සී. කෞෂල්‍ය සහ ගිහාන් චාමර (ශා.ජෝන්) පරාජය කරන ලදී. (25/10, 25/0) 17 න් පහළ (බාලිකා, යුගල ඉසව්ව) පවනි යශෝදා සහ තරුෂිකා චමෝදි (සමුද්‍රදේවි) විසින් තරුෂි හිමහංසිකා සහ සචිනි ශෂිකලා පරාජය කරන ලදී. (25/0, 9/25, 25/22* 21 න් පහළ (බාලක) ඉෂාන් කන්නන්ගර විසින් හර්ෂ කුමාර පරාජය කරන ලදී. තෙවැනි ස්ථානය: එම්. පී. උදයංග 21 න් පහළ (බාලිකා)ජෝශප් රොසිටා විසින් චලනි ලක්මාලි පරාජය කරන ලදී. (25/0, 19/25, 25/20) තෙවැනි ස්ථානය: මධුෂිකා කාංචනමාලා 21 න් පහළ (බාලක, යුගල ඉසව්ව) ඉෂාන් කන්නන්ගර සහ පමෝද් අසේන්ද්‍ර විසින් උදේෂ් චන්දිම සහ සජිත් ඉසංක පරාජය කරන ලදී. (25/9, 25/16)



අදහස් (0)

ඉෂාන් ද්විත්ව ශූරතා දිනාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 579 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site