(යොහාන් භාසුර)
පාසල් දරුවන්ට පාසල් නිල ඇඳුම හෝ වෙනත් පහසු සහ සැහැල්ලු ගැලපෙන ඇඳුමකින් සහ පාවහන් යුගළකින් සැරසී පාසලට පැමිණිය හැකි බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාසල් කටයුතු) එල්. එම්. ඩී. ධර්මසේන මහතා ‘ලංකාදීප’යට පැවසීය.
දරුවන් වසරකට වැඩි කාලයක් පාසලට නොපැමිණීම සහ නිවසේම රැදී සිටීම නිසා ශරීර ප්‍රමාණය වැඩිවී සහ ඇඳුම් සහ සපත්තු කුඩා වීම පිළිබඳව සහ වර්තමාන ආර්ථික තත්වය අනුව දෙමව්පියන්ට අලුත් ඇදුම් සහ සපත්තු මිලදී ගැනීමේ අපහසුතාව යන කරුණු පිළිබඳව අවදානය යොමුකර මෙම තීරණය ගත් බවත් ධර්මසේන මහතා සඳහන් කළේය.
පාසල් ආරම්භ වන අද (25) දින සිට නැවත දැනුම් දෙනතුරු මෙය ක්‍රියාත්මක වන බවත් අධ්‍යාපන අමාත්‍යංශය මේ පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරු දැනුවත් කර ඇති බවත් ධර්මසේන මහතා වැඩි දුරටත් කීය.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා අද (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න
මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ඉස්කෝලෙ යන්න ඇඳුම ගැටලුවක් නෑ‘
Prase Sunday, 24 October 2021 01:02 PM
ඔන්න තවත් මෝඩ තීරණයක්.
SLSunday, 24 October 2021 05:24 PM
ඔය මොලවලට තේරෙන්නේ නොමිලේ පාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල දක්වා අධ්‍යාපනය දීලා, ඔවුන් රජයේ රැකියාවකටත් අරගෙන, ඉල්ලන ඉල්ලන වෙලාවට පඩි වැඩි කරලා, බඩු මිල අඩු කරලා දෙන්න කියන ලොවෙත් ප්‍රායෝගික නොවන ඉල්ලීම කරන්න හිතෙන අමන දේවල් විතරයි.
මහජනයා Sunday, 24 October 2021 01:02 PM
තා හොද කාලීන තීරණයක්. තවත් අතිශය වැදගත් කාරණයක් වන්නේ සියලු දරුවන්ගේ වර්තමාන විෂය දැනුම පිලිබඳ සංඛාත්මක තක්සේරුවක් හැකි ඉක්මණින් ලබාගැනීමයි. මෙම දරුවන් මතු දිනක දීප ව්‍යාප්ත විභාග වලට (5 ශිෂ්‍යත්වය, සා.පෙ., උ.පෙ.) මුහුණ දියයුතු බැවින් ඔවුන්ගේ වර්තමාන විෂය දැනුම පිලිබඳ සැබැ ස්වරුපය අධ්‍යාපන අමාත්‍යංශ දැනගැනීම ඉතා වැදගත්. අධ්‍යාපන අමාත්‍යංශ මට්ටමෙන් සැකසුනු (පළමු හෝ දෙවන) වාර විභාගයක් දීප ව්‍යාප්තව පවත්වා සියලු ලකුණු එක් රැස්කර විශ්ලේෂණය කර ගැටළු හදුනාගෙන පිළියම් යොදන්න.
RaveendraSunday, 24 October 2021 02:34 PM
ඔබගේ වටිනා අදහස් අප අගය කරන්නෙමු. අවාසනාව නම් අධ්‍යාපනයේ කෙළපැමිණි ඔස්තාර්ලාට ඔබගේ අදහස් තේරුම් ගැනීමට හැකි වේද යන්නයි...
mihira Sunday, 24 October 2021 01:27 PM
ඒ කියන්නේ මහලොකු වියත්මග පිළිගන්නේ නෑ රටේ මිනිස්සු වැටිලා ඉන්න තරම...?
chandana Sunday, 24 October 2021 04:08 PM
අවුරුදු දෙකක් ගෙදර, අවුරුදු දෙකකට ළමයෙක් ශාරීරිකව වගේම මානසිකවත් ගොඩක් වෙනස්කම් වලට ලක් වෙන්න පුළුවන්. ඇඳුමක් මහගන්න වුනත් මේ වෙලාවේ ආර්ථික තත්වයෙන් අමාරු අය ඕනතරම්. සල්ලි තිබුණත් පවතින සෞඛ්‍ය තත්වය යටතේ දරුවෙක් අරගෙන ඇඳුම් මහන්න හරි ගන්න හරි යන එකත් අවදානම්. ඇඳුමට වඩා මේ වෙලාවේ ප්‍රමුඛත්වය දිය යුත්තේ අධ්‍යාපනයට සහ දරුවන්ගේ මනස සැකසීමටයි. වැඩි විස්තර ලිව්වේ පඩිය හා දේශපාලනය ගැන විතරක් උනන්දු වෙන අයට තේරුම් ගන්න අමාරු නිසයි. මෙය අතිශයින් අගය කළයුතු කාලෝචිත තීරණයක්...
අප්පුහාමි Monday, 25 October 2021 06:35 AM
අල්ලට සිගාවත් රසනැති කැවිලි කකා වල්කොළ බිම අතුට නිදි නොලැබ දුක්තකා කල්ගිය රෙදි වැරලි දැලි කුනෙන් වකා ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා කියන පැරණි කියමන මතක් වුනා.
wisal Sunday, 24 October 2021 04:50 PM
එතකොට අර නාන්න කම්මැලි අයට මොකද කරන්නේ..?
Nihal Monday, 25 October 2021 12:14 AM
වෙලාවේ හැටියට ලොකු සහනයක්
Bamunuarachchi Monday, 25 October 2021 09:23 AM
ළමයින්ට ඇඳුම් ප්‍රස්නයක් නැහැ.