IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ඉස්තාන්බුල් ප‍්‍රහාරයෙන් මිය ගිය නිෂ්පාදකයා

2017-01-05-ent-09

ඉස්තාන්බුල්හි රාති‍්‍ර සමාජ ශාලාවක නව වසර සමරමින් සිටි පිරිසකට ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් එල්ල වූයේය. මෙයින් 39 ක් මිය ගිය අතර 69 දෙනෙක් තුවාල ලැබූහ. මිය ගිය අය අතර ඉන්දියානුවෝ දෙදෙනෙකු ද වූහ. මින් එක් අයෙක් කෞෂි ෂාය. ඇය මෝස්තර නිර්මාණ ශිල්පිනියකි. ඇය අයත් වන්නේ ගුජරාටයටය. අනෙක් තැනැත්තා රිස්වි බිල්ඩර්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියා හා චිත‍්‍රපටි නිෂ්පාදකයෙකු වන අබිස් රිස්විය. ඔහු හිටපු මන්ති‍්‍ර කෙනෙකුගේ පුතෙකි. රෝර් චිත‍්‍රපටිය ඔහුගේ නිෂ්පාදනයකි. මේ චිත‍්‍රපටියේ සහාය තිර රචකයා වූයේ ද ඔහුය. තවත් බොලිවුඞ් චිත‍්‍රපටි කිහිපයක්ම ඔහු නිෂ්පාදනය කර තිබේ. සිය බිරිදත් එකම පුතුත්, දෙමව්පියනුත් සම`ග බන්ද්‍රා ප‍්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක වාසය කළ 49 හැවිරිදි අබිස්, සිය මිතුරන් සම`ග තුර්කියට ගියේ නිවාඩුවක් ගත කරන්නටය. ඉස්තාන්බුල් නගරයේ පිහිටි ජනපි‍්‍රය රාති‍්‍ර සමාජ ශාලාවක සිය මාරයා සැ`ගවී සිටි බව ඔහු සිහිනෙකින්වත් සිතන්නට නැත.

මේ ප‍්‍රහාරය බොලිවුඞ් පුරවරය ඇතුළු මුළු ලොවම කම්පා කරවන්නට සමත් වූයේය. බොලිවුඩයේ ජනපි‍්‍රය යුවළක් වන රාජ් කුන්ද්‍රා සහ ශිල්පා ෂෙට්ටි සිය ශෝකය පළ කරමින් ට්විටර් අඩවියට පණිවිඩ නිකුත් කර තිබිණි.

‘‘මගේ හො`දම යෙහෙළියක වගේම ජනපි‍්‍රය මෝස්තර නිර්මාණ ශිල්පිනියක වුණ කෞෂි ෂා ගේ මරණය ගැන අහන්න ලැබීමෙන් මම ලොකු කම්පාවකට පත් වුණා.. අලූත් අවුරුද්ද පටන් ගත්තෙ මොන තරම් භයානක පුවතකින්ද..? ඇය සමාදානයේ සැතපේවා..’’ රාජ් සටහන් කර තිබුණේ එලෙසය.

‘‘ජීවිතය කියන්නෙ හරිම අවිනිශ්චිත දෙයක්.. මිය ගිය අයගේ පවුල්වල උදවිය වෙනුවෙන් මගේ හිත හඬා වැටෙනවා.. ’’ ශිල්පා සටහන් කර තිබිණි.

‘‘දෙසැම්බර් 31 දා රෑ 10. 45 ට මම අබිස් රිස්විට කතා කළා.. අපි දෙන්නා චිත‍්‍රපටියක එකට වැඩ කරමිනුයි හිටියෙ... අපි කතා කළේ ඒ ගැන.. ඉන් පැය කිපයකට පස්සෙ මේ වගේ දෙයක් දැන ගන්න සිද්ද වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවෙ නෑ.. මේක මගෙ හිත එහෙම පිටින්ම කම්පා කරපු පුවතක්.. ඇත්තටම ඔහු ඉතාම සුන්දර මිනිහෙක්..’’ පුනීත් ඉසාර් එසේ පැවසුවේය.

චිත‍්‍රපටි නිෂ්පාදක මධුර් බන්දේර්කාර් පැවසුවේ ඔහු සහ අබිස් රිස්වි පාසැල් වියේ පටන්ම මිතුරන් බවය. හැම දිවාලි දිනයකම මධුර් සහ ඔවුන්ගේ අනෙක් පොදු මිතුරන් අබිස් ගේ නිවසට එක් වී සාදයක් පැවැත්වීමට පුරුදුව සිටියහ.

‘‘පහු ගිය දිවාලිවලින් පස්සෙ අපි හම්බ වුණේ නෑ.. ඒත් සතියකට ඉස්සර කතා කරලා අපි ළගදීම දවසක හම්බ වෙන්න යොදා ගත්තා.. දැන් ඉතින් ඒ හැම දේම ඉවරයි.. මට මේක දරා ගන්න බැරි තරම් කම්පාවක්.. විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් මේ ශෝකජනක පණිවිඩය ට්විටර් අඩවියට නිකුත් කරලා තිබ්බ මොහොතෙම මම අපේ පොදු මිතුරන් කීප දෙනෙකුට කතා කළා.. ඊට පස්සෙ ඔහුගේ ගෙදරට ගිහින් දෙමව්පියොයි, සහෝදරියයි එක්ක කතා කළා.. හැම දෙනාම කියන්නේ මේක නපුරු හීනයක් කියලා..’’

මධුර් පැවසුවේය.

ඇසුරු කළ හැම දෙනාම පැවසුවේ ඔහු ඉතා විනෝදකාමී, සුන්දර මිනිසෙකු බවය.

‘‘රෝර් චිත‍්‍රපටියේ වැඩ කරන කාලෙදි ඔහු අපිට දැනුණෙ සමීප මිතුරෙක් විදියට මිසක් නිෂ්පාදකයෙක් විදියට නෙමෙයි.. ඔහු නිතරම අපිත් එක්ක කතාබහ කළා.. විහිළු කළා.. චිත‍්‍රපටිය අවසන් වුණාට පස්සෙත් ඒ සම්බන්ධකම් ඈත් වුණේ නෑ.. විශේෂයෙන්ම චිත‍්‍රපටියේ අධ්‍යක්ෂ කමල් සධානා එක්ක ඔහු ගේ තිබුණේ ලොකු සම්බන්ධයක්.. ඔවුන් පුංචි කාලේ ඉදන්ම අදුනන අය.. මේ ළ`ගදී දවසක ඔහු කතා කරලා කිව්වා අපේ කණ්ඩායම කාලෙකින් හම්බ වුණේ නෑ.. ඒ හින්දා අපි වෙනුවෙන් ඔහුගේ ගෙදර සාදයක් සංවිධානය කරනවා කියලා.. ඒත් අන්තිමේ අපිට අහන්න ලැබුණෙ මේ දුක්මුසු පුවත විතරයි.. ඇත්තටම මට හිතට දැනෙන දුක කියන්න වචන නෑ.. කමල් කිව්වෙත් ඔහු එහෙම පිටින්ම කඩා වැටුණා කියලා..’’

රෝර් චිත‍්‍රපටියේ රඟපෑ නිළියක වන අචින්ත් කවුර් එසේ පවසා තිබිණි.

 

2017-01-05-ent-08



අදහස් (0)

ඉස්තාන්බුල් ප‍්‍රහාරයෙන් මිය ගිය නිෂ්පාදකයා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1320 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2349 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 327 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1029 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9571 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3596 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site