IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ඉස්සර නම් ගෙදර කට්ටිය කැමති නැහැ මම රඟපෑමට යොමු වෙනවාට

2016-04-18-ent-19

පසුගිය වසරේ පැවති "මිස් ශ්‍රී ලංකා ක්වීන් ඔෆ් ඒෂියා" රූප රාජිණි තරගයට එක්වෙමින් එහි කිරූළ හිමිකරගත් දුෂේනි මියුරංගී මේ දිනවල රසික අවධානය වැඩිපුරම දිනාගත් යොවුන් නිළියකි. මේ දිනවල සිරස රූපවාහිනි නාලිකාව තුළ විකාශය වන සඳුන් රාජකරුණාගේ "ආදරය ගින්දරක්" ටෙලි නාට්‍යයේ "උපේක්ෂා" ලෙස රසික ආදරය නොමදව දිනා සිටින දුෂේනි සමගින් "සාරවිට" අපි කතා බහ කළේමු.

 

2016-04-18-ent-16දුෂේනි රූප රාජිණියක් වුණේ?

ඕව්, ස්වාධින රූපවාහිනි නාලිකාව මඟින් පැවති "අවුරුදු කුමරිය" තරගයට ඉදිරිපත් වෙලා අවසන් තරගකාරියන් අතරට ආපු නිසා ගෙදර අය වගේම මගේ යහළු යෙහෙළියන් මේ සියලු දෙනාම මට ගිය අවුරුද්දේ තිබුණ "මිස් ශ්‍රී ලංකා ක්වීන් ඔෆ් ඒෂියා" තරගයට එකතු වෙන්න කියලා යෝජනා කළා. ඔවුන්ගේ ඉල්ලීම මත මම මේ තරගයට ඉදිරිපත් වුණා. නමුත්, ජයග්‍රහණයක් ලැබෙයි කියලා මට හිතුණේ නැහැ. නමුත්, මාව පුදුමයට පත් කරමින් එහි ජයග්‍රාහිකාව වෙන්න මට පුළුවන් වුණා.

 

"ආදරය ගින්දරක්" දුෂේනිගේ පළමු රංගනයද?

නැහැ. ඊට කළින් මම සඳුන් රාජකරුණා මහත්මයාගේම "ආදර වැස්ස" ටෙලි නාට්‍යයේ සුළු කොටසකට සම්බන්ධ වුණා. නමුත්, එය කොටස් කිහිපයකට පමණක් සීමා වූ රංගනයක් වුණා.

 

"ආදරය ගින්දරක්" හි "උපේක්ෂා" දැන් ජනප්‍රියද?

දැනට විකාශය වුණ කොටස් වලට ඉහළ රසික ප්‍රතිචාර ලැබෙනවා. ගොඩ දෙනෙක් මගේ රඟපෑම් ගැන කතා කරනවා. ගොඩක් හොඳට කරනවා කියනවා. ඉතින් ලැබෙන රසික ප්‍රතිචාර ගැන නිහමානි සතුටක් මට තියෙනවා.

 

රඟපානවා කියන එක ලේසි වැඩක්ද?

කොහෙත්ම නැහැ. දෙබස් ටික හරියට කිව්වාට රඟපානවා කියන්නේ අමාරු දෙයක්. මම ඒක දන්නේ ක්ෂේත්‍රයට මම අලුත් නිසා. තාමත් මම එක ටෙලි නාට්‍යයයි රඟපාලා තියෙන්නේ. එකෙත් තාම කොටස් 20ක් විතර. නමුත්, රඟපානවා කියන එක අපිට ඉගෙන ගන්න පුළුවන්. දර්ශනයෙන් දර්ශනයට අපිට විවිධ පුද්ගලයින් සමග රඟපාන්න ලැබෙනවා. ප්‍රවිණ, නවක මේ හැම කෙනෙක්ම. නමුත්, ඒ හැම කෙනෙක්ගෙන්ම ඉගෙන ගන්න දෙයක් තියනවා. ඇත්තටම මම කරන්නේ රඟපාන්න ලැබෙන හැම කෙනාගෙන්ම යමක් ඉගෙන ගන්නවා. ඒත්, රඟපෑම අද දැකලා හෙට ඒක කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැමදාම රංගනය කියන දේ තුළ ඉගෙන ගන්න දෙයක් තියෙනවා.

 

ගෙදර කට්ටිය කැමතිද දුෂේනි රඟපානවට?

ඉස්සර නම් ගෙදර කට්ටිය කැමති නැහැ මම රඟපෑමට යොමු වෙනවාට. නමුත්, "අවුරුදු කුමරිය" වෙලා ඊට පස්සේ "මිස් ශ්‍රී ලංකා" කිරූළ ජයග්‍රාහණය දිනාගත්තට පස්සේ මිනිස්සු අතර ජනප්‍රිය වෙන කොට මං ගැන කතා කරන කොට මගේ ගෙදර කට්ටියට ලොකු ආසාවක් ඇති වුණා. ඒත්, අද වුණත් මගේ තාත්තා මගේ අම්මා එක්ක තමයි මාව මොන කලා කටයුත්තක් තිබුණත් එවන්නේ. අද මා වටා රසික, රසිකාවියන් පිරිසක් ඉන්නවා. පාරේ තොටේදී දැකලා ඒ අය කතා කරන කොට මට වගේම මගේ පවුලේ අයටත් ගොඩක් සතුටුයි.

 

දුෂේනි දිගටම රඟපානවාද?

ඕව්. ඒත්, මම දැනට ව්‍යාපාර කළමාණකරණය පිළිබඳව හදාරනවා. මගේ අදහස වෙලා තිබ්බේ මේ පැත්තෙන් ඉගෙන ගෙන තාත්තාගේ වැඩ වලට සම්බන්ධ වෙන්න. ඉතින් ඉදිරියට මගේ තියෙන ලොකුම ඉලක්කය ඒක. නමුත්, කලා කටයුතු වලට නිතරම මම දායක වෙනවා. ඇත්තටම මම කැමතියි රංගන ශිල්පිණියක් විදිහට මේ ක්ෂේත්‍රය තුළ දිගටම රැදිලා ඉන්න.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - දුශේනිගේ ෆේස්බුක් ගිණුමෙන්

 

2016-04-18-ent-13

2016-04-18-ent-14
2016-04-18-ent-15
2016-04-18-ent-17
2016-04-18-ent-18  
2016-04-18-ent-20
2016-04-18-ent-21
 



අදහස් (0)

ඉස්සර නම් ගෙදර කට්ටිය කැමති නැහැ මම රඟපෑමට යොමු වෙනවාට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 302 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 280 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 399 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1026 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 426 0

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


දෙබරු ඇන 10 කට තුවාල
2024 සැප්තැම්බර් මස 30 86 0

බදුල්ල නගරයේ සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාව අසල ආර් .එච් .ගුණවර්ධන මාවතේ විදුලි කනුවක බැද තිබූ දෙබර කූඩුවක් අද (30) දහවල් ඇව්ස්සීමෙන් දසදෙනකු පමණ දෙබර ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25166 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 256 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site