IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඊජිප්තු හිටපු ජනපති හිරේ

ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් (86) රජයේ දේපොළ වංචා කළ බවට ඊජිප්තු අධිකරණය අද  හා ඔහුගේ පුතුන් දෙදෙනා වන අලාල් සහ ගමාල් තීරණය කළේය.

ඔහුට තුන් අවුරුදු සිර දඩුවමක් ද පුතුන් දෙදෙනාට අවුරුදු පහ බැගින් ද සිර දඩුවම් නියම විය.

ඇමෙරිකා ඩොලර් තිස් ලක්ෂයක (රුපියල් ලක්ෂ 3960 ) දඩයක් නියම විය. වංචා කළ ඇමෙරිකා ඩොලර් එක්කෝටි හැත්තෑ හය ලක්ෂය (රුපියල් 2 323 200 000)

 ) ගෙවන ලෙස ද නියෝග කැරිණි.

මුබාරක් දැනට කයිරෝ යුද හමුදා රෝහලේ නිවාස අඩස්සියේ පසු වෙයි.

 



අදහස් (0)

ඊජිප්තු හිටපු ජනපති හිරේ

සරත් බණ්ඩාර Wednesday, 21 May 2014 04:05 PM

ඊජිප්තුවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ .ඒ මොකද. ඔක්කොම හොරු. (ස)

:       0       0

පහන්,ජර්මනිය Wednesday, 21 May 2014 11:07 PM

මට පෙන්නේ කාට හරි ලොකු වැරද්දක් වෙලා වගෙයි. හුස්නි මුබ්භාරක් ගේ විතරක් ඩොලර් බිලියන 10ක් සහ එක පුතෙකුගේ තව ඩොලර් බිලියන 7ක් ස්විස් බැංකුවක තියනවා.පුතා ඒ සල්ලි හෙව්වේ එයාට විතරයි අවසර තිබුනේ ඊජීප්තුවට පිටරටින් වාහන ගෙන්වන බලය නොහොත් ඒකාධිකාරිය. බැංකුව තියෙන්නේ ස්විස් ලිෂ්ටන්ස්ට්යින් වල. මුභාරක් කලේ පිටරැටියන්ට මහාපරිමාණ වියාපාර කරන්න අවසර දීම. (ස)

:       0       0

ප්‍රබාත් කුවෙට් Wednesday, 21 May 2014 04:08 PM

අපේ රටේ නායකයෝ වගේ අවංක වෙන්න.(නදී)

:       0       0

සේරම් Wednesday, 21 May 2014 04:26 PM

මේකට දාන අදහස හිතාගන්න ටිකක් කල් යයි. ගාන හදා ගන්නත් ඕනනේ. (නදී)

:       0       0

ලන්කොනිස් Thursday, 22 May 2014 01:45 PM

මුභාරක්, තනි රත්තරන් වලින් වශී බෝලයක් හදාගෙන මිරික මිරික හිටියනම් ඔහොම වෙන්නේ නෑනේ. (ස)

:       0       0

පානි Wednesday, 21 May 2014 04:28 PM

මොලේ තිබුනේ නැද්ද ඇමරිකාවේ පුරවැසිභාවය හදාගන්න.(නදී)

:       0       0

ලෙස්ලි Thursday, 22 May 2014 12:16 AM

අයියෝ මේවා මොනවද ? (ස)

:       0       0

විකී Thursday, 22 May 2014 01:39 AM

ඒ රටේ ඉන්නේ ඔය වගේ රටේ දේ ගසාකාපු එක මුබාරක් කෙනයි.එත් ලංකාවේ වෙන වෙන නම්වලින් ගසාකන මුබාරක්ල කීදෙනෙක් ඉන්නවද? (ස)

:       0       0

භානුක Thursday, 22 May 2014 02:12 PM

අපේ රටේ විශ්‍රාමික ජනාධිපති නෙවෙයි නෝනා ට වත් නඩු දාන්න බැහැ (දී)

:       0       0

සංජීව Wednesday, 21 May 2014 05:05 PM

වචන පැටලිලා නේද,,? මේවා ඇහුවහම අපේ අයගෙත් වචන පැටලේවි. (ස)

:       0       0

විමල් Wednesday, 21 May 2014 05:10 PM

අපේ රටේ නායකයෝ වගේ පිරිසිදු වෙන්න ඕන,ජනතාවාදී වෙන්න ඕන. ඔබාමාටත් ඕන නම් අපෙන් ඉගෙන ගන්න පුළුවන්. එතුමා ඉගෙන ගන්න එකක් නෑ කියලයි මගේ හිතේ. (ස)

:       0       0

අරුණ Thursday, 22 May 2014 03:46 AM

අපිට නම් ඉතින් ඒ ගැන බයක් නැහැ (නි)

:       0       0

සේනක Wednesday, 21 May 2014 05:38 PM

අපිත් බලයේ හිටි නායකයින්ගේ හොරමැරකම් තිබුණාදැයි කියා හොයන්න ඕනෑ නේද? (නි)

:       0       0

සුරංජිත් Wednesday, 21 May 2014 05:41 PM

රජකම් කෙරුවත් කළකම් පළදේ.... (නි)

:       0       0

චමින්ද Wednesday, 21 May 2014 05:46 PM

අපේ අය කොච්චර හොරකම් කළත් විශ්‍රාම ගිය පසුව වුවත් අධිකරණයට ගෙනෙන්න බැහැ. (නි)

:       0       0

ලසන්ත Wednesday, 21 May 2014 05:49 PM

මේ පුවත දැක්කහම, එකවරම රටක නායකයෙක් ගැන මට මතක් වුණා (නි)

:       0       0

මහින්ද කැලිෆෝර්නියා Thursday, 22 May 2014 07:22 AM

ඊජිප්තුවේ එහෙම වුණත් ඉන්දියාවේ එහෙම වෙන්නේ නැහැ. (නි)

:       0       0

කල්ප Wednesday, 21 May 2014 06:04 PM

මේවා කාට කාටත් හොඳ පාඩම් (නි)

:       0       0

දිසා Thursday, 22 May 2014 07:40 AM

කොහොමද මේක කැරකිලා ලංකාවට එනකොට. ඔක්කොටම බොකු උණු වේවි. (නදී)

:       0       0

නිමල් Thursday, 22 May 2014 07:54 AM

මෙවැනි ක්‍රමයක් සිරි ලංකාවේ අපි කවදා දකින්නද? (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 21 May 2014 06:11 PM

අපේ ඔක්කොගෙම ඇඟවල් වෙව්ලනවා. හෙට දවසේ අපිට කුමක් වේවිද? (නි)

:       0       0

රකිත් Thursday, 22 May 2014 08:21 AM

අපේ ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපතිවරයකුටත් නඩු පැවරිය නොහැක. කිසිදාක මෙය සංශෝධනය වීමටද ඉඩක් නැත. අවශ්‍යතාවයක්ද නැත. ඒක තමයි ආශ්චර්යය.(නදී)

:       0       0

අමිත් Wednesday, 21 May 2014 06:41 PM

වැරදිකරුවන්ට දඩුවම් ලැබිය යුතුයි (නි)

:       0       0

සුපුන් Wednesday, 21 May 2014 06:42 PM

වැරදිකරුවන්ට කොහොමත් වෙන්නේ ඔය දේ තමා... (නි)

:       0       0

නිශාන්ත පණ්ඩිතරත්න Thursday, 22 May 2014 09:29 AM

ඊජිප්තුවේ එහෙම වුණත් ලංකාවේ වෙන්නේ නැහැ (දී)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Thursday, 22 May 2014 09:40 AM

අනේ අපි මොකට කලබල වෙනවද? මේක ඊජිප්තුව නොවෙයි ලංකාවනේ. (නදී)

:       0       0

කුසුම් Wednesday, 21 May 2014 06:51 PM

හොස්නි මුබාරක් මහත්මයා තනිවමද ඔච්චර විශාල මුදල් කන්දරාවක් හොරකම් කරලා තියෙන්නේ? "සමාගමක්" වශයෙන් ලියාපදිංචි කරලා වත් හොරකම් කලා නම් ඔය විදිහට, ඔහොමම, දඬුවම් විදින්න සිදුවෙන්නේ නැහැ මගේ හිතේ.(නදී)

:       0       0

හිල්මි Thursday, 22 May 2014 04:09 PM

අජිත්කරුණාරත්න ලියනගේ" අනේ ඔව් අපි අපේ වැඩක් හෙමිහිට කරගමු කලබලයක් නැතිව ඇයි මේ දඩුවම් නියම කරන්න ඊජිප්තුවේ අය මෙචර කලබල වුණේ. නඩු කල් දාන්න දන්නේ නැද්ද ? (දිල්)

:       0       0

භානුක Wednesday, 21 May 2014 07:03 PM

අනේ! ඒ අතින් අපි හරිම වාසනාවන්තයි නේද ? (නි)

:       0       0

එරන්ද Thursday, 22 May 2014 10:56 AM

ලංකාවේ ව්‍යවස්ථාව අනුව විශ්‍රාම ගියත් ජනපති කෙනෙකුට නඩු පැවැරිය නොහැකියි. අපේ රටේ කට්ටිය පෙර සූදානම හදා ගෙනනේ වැඩේට බහින්නේ. (ස)

:       0       0

චන්ද්‍රා Wednesday, 21 May 2014 07:55 PM

මෙන්න රටවල් , අප රටේ හමොටෝමත් මෙය ආදර්ශයක්ම වේවා!. (නදී)

:       0       0

තිලක් Wednesday, 21 May 2014 08:05 PM

අරාබි වසන්තයෙන් විනාශ වුණ එක රටක් තමයි ඊජිප්තුව.ඊජිප්තුව ගැන, අද ඒ රටේ දේශපාලන වාතාවරණය ගැන හරියට දන්නවා නම් චන්ද්‍ර දුවන්නේ පස්ස නොබලායි. (නි)

:       0       0

සමන්ත Wednesday, 21 May 2014 08:07 PM

මම හිතන්නේ මේ දේ ශ්‍රී ලංකාවට අදාල නැහැ කියලා. (නි)

:       0       0

ගුණරත්න Wednesday, 21 May 2014 09:09 PM

කරන කලට පව් ම්හිරිය මීසේ, විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ. මහජන දේපල වලට අත තබන සියලු පාලකයනට මෙම ඉරණම අත්වේවා! (නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 21 May 2014 03:37 PM

ඇහුවම බය හිතෙනවා නේද? (නදී)

:       0       0

තිලක් ඩුබායි Wednesday, 21 May 2014 09:49 PM

ලෝකයේ කාට කාටත් හොඳ පාඩම්. (අ)

:       0       0

තිලක් ඩුබායි Wednesday, 21 May 2014 09:51 PM

"ඇමෙරිකා ඩොලර් තිස් ලක්ෂයක (රුපියල් ලක්ෂ 3960 ) දඩයක් නියම විය. වංචා කළ ඇමෙරිකා ඩොලර් එක්කෝටි හැත්තෑ හය ලක්ෂය (රුපියල් 2 323 200 000)ගෙවන ලෙස ද නියෝග කැරිණි." රුපියල් ලක්ෂ 66,500 ක් ඒක ඩීල් එකකින් චොමිස් ගත්තු කෙනෙකුට රුපියල් ලක්ෂ 3960 ගෙවන එක මොකක්ද? (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 21 May 2014 09:52 PM

රජකම් කෙරුවත් කළකම් පළදේ...(අ)

:       0       0

හිල්මි Thursday, 22 May 2014 12:51 PM

සමන්ත" ඔබ හරි මේ දේ ශ්‍රී ලංකාවට අදාල නැහැ මේවා අදාල පිටසක්වලට. (නදී)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Wednesday, 21 May 2014 03:47 PM

ලෝකයේ කාට කාටත් හොඳ පාඩම්. (නදී)

:       0       0

ඉන්දික Wednesday, 21 May 2014 03:47 PM

අන්න දේශපාලන පලිගැනීමක්. (ලංකාවේ එහෙම කරානම් කියන්නේ එහෙම නේද?) (නදී)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 21 May 2014 03:51 PM

අපිට බය හිතුනට මේ අයට ඕක සුලු මුදලක්. (නදී)

:       0       0

ප්‍රවීන් Wednesday, 21 May 2014 03:55 PM

කාට කාට ත් හොද පාඩම් ! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 19 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 10990 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 5422 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 7692 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 5112 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1287 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36536 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24211 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 176 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 532 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site