IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


ඊටීඅයි අධ්‍යක්ෂවරුන් මර්තු 30 තෙක් රිමාන්ඩ්

 

(නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින් මූල්‍යායතනයක් පවත්වාගෙන ගොස් එමගින් මුදල් විශුද්ධීකරණය කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරුන් සිව් දෙනා ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා  නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය වන ජීවක හේමාල් එදිරිසිංහ, දීපා අංජලී එදිරිසිංහ, නාලක ප්‍රේමාල් එදිරිසිංහ සහ අසංක ශ්‍රීමාල් එදිරිසිංහ යන අවයලුන්ය.

මෙම සැකකරුවන් සිව් දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරේදා (16) සවස් වරුවේදී නිතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව බව පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය පැවසුවාය.

මෙම සැකකරුවන් මුදල් විශුද්ධීකරණ පනත සහ මූල්‍ය ව්‍යාපාර පනතේ 65 වන වගන්තිය අනුව වරදවල් සිදුකර ඇති බැවින් ඔවුන් අත්අඩංගුවට ගත් බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සදහන් කළාය.

සීමාසහිත ඊ ටී අයි ෆිනෑන්ස් පුද්ගලික සමාගම සහ ස්වර්ණමහල් පුද්ගලික සමාගම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අනාවරණ්‍ය නොකරන ලද ගිණුම් පවත්වාගෙ යමින් රුපියල් බිලියන 13කට අධික තැන්පතු නිති විරෝධී ලෙස ලග තබා ගැනීම මෙම සැකකරුවන් එම සමාගම් අධ්‍යක්ෂකවරුන් ලෙස සිටිමින් සිදුකර ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවාය.

තැන්පත්කරුවන්ගේ මුදල් 2012 වර්ෂයේ සිට එකවරම වර්ධනය වීම ඇති අතර එම මුදල් ලැබුණේ කෙසේද? ඒවා තැන්පත් කර තිබුණේ කුමන ගිණුම්වල ද යන්න සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව සදහන් කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය, මේ වන විට ඇතැම් තැන්පත්කරුවන් කවුරුන්ද යන්න ද අනාවරණය වී නොමැති බවද පැවසුවාය.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න මහතා සදහන් කළේ 2018 ජනවාරි මස 02 වැනිදා ඊ ටී අයි සමාගම මහ බැංකුව යටතට පත්කළ බවත් ස්වර්ණවාහිනී ආයතනය වෙනත් අයකුට විකුණූ බවත්ය. ස්වර්ණවාහිණී ආයතනය විකිණීමෙන් ලද මුදල් තැන්පත්කරුවන් කිහිප දෙනකුගෙන් ලබා ගත් තැන්පතු වෙනුවෙන් ගෙවා දැමූ බවත් නිතීඥවරයා සදහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.



අදහස් (2)

ඊටීඅයි අධ්‍යක්ෂවරුන් මර්තු 30 තෙක් රිමාන්ඩ්

Senarath Thursday, 18 March 2021 03:24 AM

තමුන්ලා මොන අධ්‍යක්ෂකලාද හලෝ? මොනවටද ඔහොම ජීවත් වෙලා..? ඒ මිනිස්සු කරන සාප කිරීම තවදා හෝ පටිසන් දෙනවා. තියෙන දේපළක් විකුණලා හරි ගෙවලා දාන්න. එතකොට ඔහොම පීචන් වෙන්න ඕනෑ නැත.

:       0       39

Raveendra Thursday, 18 March 2021 08:42 AM

ඊ ටී අයි අධ්‍යක්ෂ "හොරුන්" ලෙස ශිර්ෂ පාඨය වෙනස්වූයේ නම් මොනතරම් සුන්දරද...? මොනතරම් අර්ථවත්ද...? මේ සෑම පුවතකින්ම ගම්‍ය වන්නේ ලංකාවේ සියලුම මාධ්‍යයන් දේශපාලුවන්ගෙන් ජරාව තොග වශයෙන් ගිලදමන බව නොවේද? නොඑසේ නම් ලංකාවේ සියලුම මාධ්‍යවේදීන් බියගුල්ලන් බව නොවේද? නීතියට අවනත නොවී තිරිසනුන් ලෙස හැසිරෙන එකදු අයෙකුගේ නම් ගම් පලකිරීමට අකමැතිවීම... නොඑසේ නම් එවන් පරයින්ට නම්බුනාම දී ආමන්ත්‍රණය කිරීමට හේතුව වනුයේ අප ඉහත සඳහන් කළ කරුණු දෙක බව තේරුම් ගැනුමට අට මෙන් පහද දැනගත යුතුමද?

:       0       21

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිලුත් ඉන්දියාවට
2024 දෙසැම්බර් මස 16 311 1

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 දා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.


ආශු 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් ඉල්ලයි
2024 දෙසැම්බර් මස 16 723 5

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් මෙන්ම රැකියාව සහ ව


අනතුරක් සිදු කර රන් මාලය කොල්ල කාලා
2024 දෙසැම්බර් මස 16 342 0

පෙර පාසලේ නැටුම් පුරුදු වීම සඳහා තම දියණිය සමග යතුරු පැදියකින් ගමන් කල කාන්තාවකගේ යතුරුපැදිය , වෙනත් යතුරු පැදියකින් පැමිණ හප්පා දමා, ඇය දරුවා සමග කානු


යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් මැදගොඩ
2024 දෙසැම්බර් මස 16 494 0

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ මහතා පත්කර ඇත.


වත්තේගම සී .අයි යට කළ දෙකක් සැකපිට
2024 දෙසැම්බර් මස 16 1000 0

ශාරීරික අභ්‍යාස කිරීම සඳහා යමින් සිටියදී වත්තේගම නගරයේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වූ ලක්ෂ්මන් බණ්ඩාර මොළගොඩ (58) යන අය යටකර මරා දමා පළාගොස් සැඟව සිට


වසර තුනක් ප්‍රේමය සොයා ගිය බොරිස්
2024 දෙසැම්බර් මස 16 1662 0

තම ආදරය වෙනුවෙන් අවුරුදු 3 කට ආසන්න කාලයක් තුළ කිලෝ මීටර් 200 ක් දුරක් ගෙවමින් ඝන වනාන්තර පසු කරමින් සිය පෙම්වතිය වෙත පැමිණි බොරිස් නම් සයිබීරියානු කොටිය


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 186 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 199 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 98 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site