රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ගේ ඝාතනය සම්බන්ධයෙන් ඊළාම් මහජන ප්රජාතන්ත්රවාදී පක්ෂයේ (ඊ.පී.ඩී.පී) නායක ඩග්ලස් දේවානන්ද හිටපු ඇමැතිගේ නාරාහේන්පිට දේශපාලන කාර්යාලයේ ක්‍රියාත්මක වූ සීසීටීවී ආරක්ෂක කැමරාවේ 2012-5-16 වැනිදා දර්ශන රහස් පොලිසියට ලබාදෙන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා දේවානන්ද මහතාට අද (3) නියෝග කළේය.
ලබන 10 වැනිදා ට පෙර මෙම වීඩියෝ පටය ලබාදිය යුතු බවද නියෝගයේ දැක්වේ.
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඊපීඩීපී නායකගෙන් සීසීටීවී දර්ශන ඉල්ලයි
කමනි Thursday, 03 March 2016 10:11 AM
මෙච්චර කල් ගිහින් මේවා පෙනෙයිද?(හේ)
නිල්හාන් Thursday, 03 March 2016 10:50 PM
මොහු මහජන නියෝජිතයෙක් හැටියට උසාවියෙන් ඉල්ලනතුරු ඉන්නේ නැතුව අදාළ තොරතුරු දීමට බැඳීසිටිනවා. එසේ නොකිරිම ගැන ප්‍රශ්නයක් තිබෙනවා. නොඑසේ නම් තොරතුරු දීමට කිසිවෙක් බාධාකර ඇද්ද යන්න විභාග කළයුතුයි. (නි)
සමන් Thursday, 03 March 2016 10:54 AM
හොද සාක්කියක් වෙයි. බලමුකෝ මොකද වෙන්නේ කියලා.(හේ)
රුවන් Friday, 04 March 2016 01:56 AM
සීසීටීවී වාර්තා මෙච්චරකල් තියාගෙන ඉන්නේ නැහැ නේද? සාමාන්‍යයෙන් අපි නම් තියාගෙන ඉන්නේ මාස 3යි. (නි)
පෙරුමාල් Thursday, 03 March 2016 01:02 PM
ඒවා අස්ථානගත වෙලානෙ. (ර)
ජයා Thursday, 03 March 2016 01:47 PM
මෙච්චර කල් ගිහින් මේවා තියාගන්නේ නැහැ. (ර)
ජගත් Thursday, 03 March 2016 02:08 PM
පුහුල් හොරා කරෙන් දැනේ. (ර)